වායු ගෝලය උණුසුම් වෙනවා කියන එක ලෝක පරිසර සටනෙ මේ වෙද්දි ප‍්‍රධාන මාතෘකාව. ලියනාඩෝ ඩිකැප්රියො වගේ නළුවො පවා බරපතල විදිහට මේ වායු ගෝලය උණුසුම් වීම සහ කර්මාන්ත නිසා පරිසරයට වෙන බලපෑම ගැන කතා කරලා තමන්ගෙ ප‍්‍රතිරූප විශාල කරගන්නවා. ඒත් එහෙම උණුසුම් වීමක් තියෙනවද කියන එක ගැන ජනපි‍්‍රය කතිකාවට එපිටින් ගිහිල්ලා කරුණු හොයා බලන්න කාටවත්  ඕන වෙන්නෙ නෑ. මේ උණුසුම් වීම ගැන කතාව ඇත්තක් නෙමෙයි කියල ඉතාම දියුණු විතර්කයන් මතු වෙලා තියෙනවා. ඒත් වඩා වැදගත් වෙන්නෙ වායු ගෝලය උණුසුම් වීමේ අවදානම ගැන කතාව. විශාල කර්මාන්ත සහ තාක්ෂණයට විරුද්ධ වඩා සංවේදී (ඇඬෙන) කතන්දරය. ඒක ටෙ‍්‍රන්ඞ් එකක්. ෆැෂන් එකක්.

මලලසේකර ශබ්දකෝෂයේ Bettle යන වදනට සපයා ඇති සරල සිංහල තේරුම වනුයේ 'කුරුමිණියා' යන්නයි. එහෙත් ශ්‍රී ලාංකිකයෝ එක සුවිශේෂී කුරුමිණියෙකු 'ඉබ්බා' ලෙසින් හඳුන්වති. මේ ඉබ්බාට ඉබි හැඩයක් මිස ඉබි කටුවක් හෝ ඉබි ගමනක් නැත්තේය. පශ්චාත් භාගයේ එන්ජිමක් සවිකරගෙන විදුලි වේගයෙන් එහේමෙහේ යන මේ ඉබ්බා වොක්ස්වැගන් (පළවන මාදිලිය) මෝටර් රථයයි.

අදින් ගෙවී යන 2016 වර්ෂයේ ආරම්භය විදෙස් මාධ්‍යවලට වාර්තා කිරීමට සිදුවූයේ ඩුබායිහි ‘දි ඇඩ්‍රස්’ නම් උස් ගොඩනැගිල්ලේ ඇති වූ දරුණු ගින්නත් සමඟය. මේ වසරේ අවසානයට දින කිහිපයක් තිබියදී යළිත් විදෙස් මාධ්‍යවලට වාර්තා කිරීමට සිදුවූයේ දැවැන්ත ඛේදවාචකයකි. ඒ, රුසියානු හමුදා භට පිරිසක්, එරට මුල්පෙළේ වාද්‍ය වෘන්දයක් හා මාධ්‍යවේදීන් පිරිසක් සමඟ සිරියාව බලා පියාසර කරමින් තිබූ රුසියානු ගුවන් යානයක් කළු මුහුදට ඉහළ අහසේදී අනතුරට පත්වීමය.

ඈතින් ඇසෙන මා ඔයේ ඝොෂාවට කන්දීගෙන රාස්සගල දෙස බලා සිටි අයිවන් දිගු සුසුමක් වා තලයට මුදා හැරියේය.රාස්සගලින් ඇරඹී ඝොෂා නගමින් ඇදී එන මා ඔය අසුපිනි ඇල්ල පාමුලදී දිගු නිහැඬියාවකට පත්වෙමින් හොරේවල දෙසට ඇදී යන්නේ බර කල්පනාවකිනි.මහා කන්දකට මුවා වුනු ඉර ගුරු පාට අවු රැල්ලක් මුදා හැරියේය.මානා පඳුරු අතරින් නැගී සිටි බිනර කැකුළක් අයිවන් දෙස බලා කොමළ හිනාවක් පායි.

බැලු බැලූ අත කඳු ගැට රාශියක තැනින් තැන් දුඹුරු පැහැයෙන් හා කහ පැහැයෙන් දිලෙන බිම් තීරු ඈතට පෙනෙන්නේ අලංකාර සිත්තමක් පරිද්දෙනි..එතෙක් අල, බතල, වැටකොලු ආදියෙන් සක්‍රීකව පැවති කුඩා හේන් ඉඩම් මුළුමනින්ම පාහේ හිරු එළියට නිරාවරණය වී ඇත්තේ තම දුඹුරු පැහැති බටවල් නග්න කරමින් ය..ඒ 1960 වසරයි..පෙරළියක අවසානයේ රාජ්‍ය භාෂාව ලෙස සිංහලය පත් ව තිබූ අතර ජනපාදවාසීන්ට ඉතා වාසිදායක අන්දමින් වැඩ කටයුතු සිදුවිය..වසර කිහිපයකට පෙර පිහිටුවා තිබූ තේ පාලන දෙපාර්තමේන්තුව මේ කුඩා හේන් හිමියන්ට තේ වැවීමේ කටයුතු සඳහා අත හිත දීමට ඉදිරිපත් වී සිටියි..

"නැව් සුක්කානමක" හැඩය ගත් සලකුණක් සහිත සපත්තු විකිණූ වෙළඳසැලක් වැටළූ චීවරධාරීන් කිහිපදෙනෙකු උක්ත සලකුණ බුදු දහමෙහි කියැවෙන ධර්මචක්‍රය බව පවසමින් පිස්සු කෙලින වීඩියෝවක් අන්තර්ජාලයේ වෛරල් වෙමින් පවතී. සියල්ල අතහැර පැවිදි වුවද සියල්ල බදාගන්නා පැවිද්දන් ගැන කතාකිරීම අනවශ්‍යය. ඔවුන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමකි. එසේ නොවුනහොත් පසුගිය රජය සමයේ මෙන් චීවරධාරීන්ගේ පිස්සුව උත්සන්න වීමට ඉඩ ඇති අතර ඒ හේතුවෙන් පාලකයන්ට මෙන්ම රටටද බොහේ දේ අහිමි විය හැකිය.