හීන් කහ පැහැති ආලෝකයක් විහිදුවමින් චිමිනි ලාම්පුවක් කඩ මේසය මත දැල්වෙයි...ගිනි කණ වැටුනු රෑහියෙක් චිරි චිරිස් නාදය නංවමින් බෝතලයක් මත වැසූවෙන් නැගී සිටි මාටිං මුදලාලි රෙදි කඩමාල්ලකින් ගසා දමා රැහැයියා පළවා හැරියේය..ගින්නට ලොබ බැඳ මිය ගිය මැස්සන් තිදෙනෙකුගේ මළ සිරුරු ලාම්පුව පාමුල තිබී විජේපාලගේ දෑසට හසු විය..අඩක් පිරී ඇති සීනි විස්කිරිඤ්ඤා බෝතලයේ අඩියේ අඟල් බාගයක් පමණ සීනි පිරී ඇත..පොල් බැයක් තරම් වූ හුලං විස්කෝතු කිහිපයක් තවත් බෝතලයකය..

රිසි සේ සමරිසි කොරන්න දෙන්න බැරියෙයි කියාපු අපේ ජනාධිපති තුමා, ඒ ගෙනාපූ පත්තිරිකාව බැසියරේ ගලවලා විසික්ක කෙරුවා වගේ උසික්ක කොරලා දාලා හිටන්. හොඳ වෙලාවට සමරිසි සෙට් එක කැබිනට් එකේ ඉඳලා නෑ. නැහ්නන් ඉතින් ආයේ දෙකක් නෑ ලොක්කාගෙන් මඩු වලිග පාර කනවා පන්සලේ හාමුදුර්වෝ පොඩි උන්ට ප්‍රහාරේ එල්ල කොරනවා වාගේ.

“ආගංගොඩ” ඇවිල්ලා ලංකාවෙ A කියන දිස්තිරික්කෙ B කියන ප්‍රාදේසීය ලේකං කොට්ටාසෙ C කියන ගිරාම සේවක වසමට අයිති ගමක්. ඔහෙලට ඕනම නං ඉතිං ඔය A, B, C කියන එව්වට ගැලපෙන නමක් දෙකක් කාරිය දාගත්තෑකි. හැබැයි මක්කටෙයි කරදර වෙන්නෙ, ඔය වාගෙම ගං අටෝ රාසියක් මේ පුංචි රටේ තියෙනකොට?

කොළ පාට ළා දළු අග රැඳි පිණි බිඳිති රළු පොළොවට අඩිය තියන්නේ පරිස්සමින්ය..හැන්දෑවේ කළයෙන් ගෙනා වතුර තේ පැළ වලට ඉස අවසන්ව ලලිතා ගෙට ගොඩ වැදුනේ තුනටිය අතගාමිනි..පැළ තවාන අසල කෙළිං කටිං ඉඳගෙන අළු කොළ අතගාමින් සිටි අයිවන් බර කල්පනාවකින් අතරමං වී සිටීයි..අක්කරයක් තරම් එළි කළ ඉඩමේ මේ කුඩා පැළ හරිත සළුවක් පොරවාන සිටිනු ඔහුට මැවී පෙනෙයි..අරිම්බු පුපුරා එළියට ඇදෙන කුඩා තේ කොළ හිරු එළියට සිනාසෙනු බලන්නට ඔහු තුළ ඇත්තේ නොතිත් ආශාවකි..අල බතල හිටුවා පස් පෙරළමින් ගෙවුනු ළමා කාලයට තිත තබමින් තේ අක්කරයක් වගා කරගැනීමට ලැබීම තමා සතු වාසනාව බව ඔහුට හැගේ..උදෑසනම මානිස් සමග හුළං ගලට ගොස් කපාගෙන ආ රිල්ල මිටිය ගෙනා ලෙසම පසෙකින් තිබේ..තේ තවාන හෙවන කිරීමට රිල්ල අතු පරිස්සමට පැළ අතරින් ගැසිය යුතු ආකාරය තේ මහත්තයාගෙන් දැනගන්නට ලැබුනේ ගිය සමිති වාරයේය..තේ පැළ වඩාත් සුරක්ෂිතව වැඩෙන්නේත් හිරු එළියට පිච්චී නොයන්නේත් ඒ නිසාය..

 

ඔවුහු අසීමිතව මහ පොළොවටත් මිනිසුන්ටත් ආදරය කළහ.වඩා යහපත් ලෝකයක් බිහිකිරීම උදෙසා  දායකත්වය සැපයූහ. ඔවුහු සහෝදර ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ස්වකීය ජීවිතයේ අවසාන මොහොත දක්වා තම නිරවුල් වාමාංශික මතවාදය කිළිටි නොකරගනිමින් ජීවත් වූ සැබෑ මිනිසුන්ය. එවැනි අතළොස්සක් වූ ඔවුන් ලෝකයේ ඕනෑම බිම් කඩෙකදී හමුවිය හැක.තමා පය ගසා සිටින මහ පොළොව විශ්වාස කරන තරමටම තමා ඇවිද යන මාවතද විශ්වාස කරන්නා වූ ඔවුහු ලෝකයෙන් බලාපොරොත්තු වූයේ අව්‍යාජ මිනිස්කම් පමණි. උස් පහත් විෂම බිම් සමබිම් බවට පත්කරන්නා වූ නව සමාජ සැකැස්මක් පමණි.

එක්තරා පැරණි පන්සලක වහලයක් තුල පරෙවියන් කැදැලි තනා ජීවත් විය. ඉන් එක් කැදැල්ලක සාමයෙන් ජීවත් වූ පරෙවි පවුලකි. කලකට පසු මේ කැදැල්ලට පරෙවි පැටියෙක් පැමිණියේය. මේ පරෙවි පුතා මුල් වරට දුටු ලෝකය වූයේ පන්සල අවට පරිසරයයි. එය ඉතා සන්සුන් පරිසරයකි. මුල්වරට කැදැල්ලෙන් නික්මී අනෙක් පරෙවියන් සමඟ පන්සලේ වැලි මළුවට පියඹා යෑම පරෙවි පුතා කල පළමු වික්ර්මයයි.