මෙතෙක් ජනතාවට බිය උපදවන සුලු මිනිස් අතුරුදහන් වීම් සිදුවූයේ ගිනි රෑ හොර රහසේ අංක තහඩු නොමැති වාහනවලය. ඒ රාජපක්ෂ යුගයේ සැහැසිකම් මත භීෂණය හිස එසවූ අයුරුය. එය කාටත් මතකය එසේම අමතක නොකන සත්‍යයක් සමග වූවක්ද වේ. කෙසේ නමුත් ඊන් එපිට ගිය අතීතයක පැහැරගෙන ගොස් වධකදවුරුවල දමා ධර්ම චක්‍ර යේ දමා ටයර් මත පුළුස්සා දැමූ අතීතයක මතකයන්ද තවමත් මැකී නොගිය පරම්පරාවක් ජීවත් වෙමින් සිටී.මෙකී පරම්පරා යුගලයේ වර්තමාන ඛේදවාචකය අත්දැකීමට සිදුව ඇත්තේ ටයර් යුගයේ පාලනයට සෘජු සම්බන්ධතා ඇති පාලකයෙකු හා සුදු වෑන් සංස්කෘතියේ පාලනයට හිස පහත් කොට සිටි දේශපාලකයෙකුගේ ජනාධිපති ධූරයක් පවතින වටපිටාවකය. එබැවින් මදක් භයානක මෙන්ම ඉතා යුහුසුළුව විසදුම් සෙවිය යුතු කාලයකි.

"ඉංගිරිසි පර හැත්ත ගියායින් පස්සෙ අපි මරාගෙ කන්ඩ ආපු  කලු පර හිංගලයො... බූදල්කාරයෝ.. සුදු වෙට්ටිය යටිං කලිසං අඳින පර හැත්ත ...."

නිදා සිටින මහල්ලා දොඩවන්නෙ සිහිනයෙන්ද නැතිනම් අවධියෙන්දැයි හරි හැටි නොපෙනෙයි  දුර්වර්ණ වී ගිය සරොම් කඩමාල්ලක එතීගෙන මුල්ලෙ වැතිර ඉන්නා මහල්ලා අසලින් මුඩු ගඳක්ද වහනය වේ. 

මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් මහානායක හිමියන්ගේ අත්සනින් යුතුව රජය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. ඉන් පසුව රාමඤ්ඤ නිකාය විසින් ද ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෑතකදී සියම් නිකායේ කෝට්ටේ පාර්ශ්වය විසින් ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ. මෙම ප්‍රකාශවලින් අදහස් වන්නේ මේ දිනවල මෙරට බුද්ධ ශාසනයට සහ භික්ෂුන් වහන්සේට අභියෝගයක් පැමිණ ඇති බවයි. එමෙන්ම මෙම සතියේදී සියලුම නිකායික භික්ෂුහු නව ව්‍යවස්ථාවක් මෙරටට අනවශ්‍ය බව කීහ. රාමඤ්ඤ නිකාය විසින් කැඳවනු ලැබූ පුවත්පත් සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ තමන් අස්ගිරි ප්‍රකාශය අනුමත කරන බව කීහ. අස්ගිරි විහාරයේ නිවේදනය තදබල ප්‍රකාශයක් ලෙස මාධ්‍ය විසින් හඳුන්වාදී තිබුණි. එම ප්‍රකාශය ආරම්භ වන්නේ මෙලෙසිනි.

ශ්‍රී ලංකාව තුළ ආකාලයේ මරණයට පත්වන අලි ඇතුන්ගෙන් බහුතරය එවැනි ඉරණමකට ගොදුරු වන්නේ අලි මිනිස් ගැටුමට මැදි වීමෙනි.

එහෙත් යාල වනෝද්‍යානයේ විසූ තිලක් නමැති සද්දන්තයාට මරු කැඳවුයේ රැහේම එකෙකු විසිනි. අලි ඇතුන් අතර සටන් ඇති වීම සුලභව දැකිය නොහැකි බව ප්‍රවීනයන්ගේ මතයයි. කෙසේ නමුත් යාල ජාතික වනෝද්‍යානයේ දිවි ගෙවූ තිලක් නමැති ඇත් රජුගේ වියෝව පරිසරවේදීන් මෙන්ම සත්ත්ව ලෝලීන්ට ද කණගාටුදායක පුවතක් විය. 

මුලින් කියන්න ඕන මම කාලගුණ විද්‍යාව දන්න කීපදෙනෙක්ගෙන් අහගෙන මේ ලිපිය ලියන්නේ. විශේෂයෙන් මගේ තාත්තට ස්තූති කරන්න ඕන ලංකාවේ මෝසම් හා සංවහන වර්ශා හැදෙන හැටි කියලා දුන්න එකට....

දිනසේන රතුගමගේ උතුරේ සිටින පළපුරුදු පුවත්පත් කලාවේදියෙකි. වවුනියාවේ හුන් ඔහු ඉකුත් 25 වැනිදා අවිස්සාවේල්‍ලේ සීතාවකට ආවේ තවත් මාධ්‍ය සගයන් කීපදෙනෙක් සමගය. ඒ හිතවතියකගේ පියෙකුගේ  මළ ගෙදරට සහභාගි වීමටය. රතුගමගේ සමග අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී අතුල බණ්ඩාරත් කොළඹ පුවත්පත් කන්තෝරුවක සේවය කරන පුවත්පත්කලාවේදීහු දෙදෙනෙක්ද ඒ පිරිසේ හුන්හ. ඔවුන් ගිය මළ ගෙදර වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ විසිහය වැනිදාය. මේ නිසා විසිපස් වැනිදා මළගෙදරට ගිය ඔවුන්ට වෙනදාට වඩා පරිසරයේ වෙනස්කමක් දැනුණි. උහුලන්න බැරි සීතලක් එදා  ආවේය. එනමුත්  ඔවුන් එය ගණනකට ගත්තේ නැත.