editor

editor

බස්‌නාහිර පළාත භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වූ අනුර සේනානායක මහතා දැන් සිටිනුයේ බන්ධනාගාරගතවය. ඒ පසුගිය කාලයේ මැතිවරණ වේදිකාවලද අතිශය ජනප්‍රිය මාතෘකාවක්‌ බවට පත්ව තිබූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය සිදු කරනු ලබන විමර්ශනවලට අනුව තවත් එක්‌ සැකකරුවකු ලෙසිනි.

මේ වනවිට රාජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කිරීම යෝජිත වැඩ වර්ජනයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කෙට සිටී.

රටක් සතු දැවැන්ත සම්පත් වන්නේ එම රට සතු රාජ්‍ය සම්පත්ය. කිසියම් රාජ්‍යයක රාජ්‍ය පාලකයන් විසින් කළ යුතු වන්නේ එකී සම්පත් නිසි කළමණාකරණයෙන් එවැනි දෑ වඩා වර්ධනය කිරීම සදහා ඇප කැපවීමය. එහෙත් පැවැති පාලකයන් මෙන්ම මේ වන විට පාලනයේ නියුතු වූවන්ද ඒ සම්බන්ධයෙන් දැක්වූ උනන්දුවේ තරම පෙන්නුම් කිරීම ලංකාවේ ආර්ථික අවපාතයන් සම්බන්ධයෙන් ලොවට කියා පානු ලබන උදාහරණයන්ය.