Monday, 13 November 2017 15:43

ඒ නොවැම්බරය සහ මේ නොවැම්බරය - සිසිර යාපා

Written by 
Rate this item
(0 votes)

මට නොවැම්බර් 13 කවදාවත් අමතක වෙන්නේ නැහැ. විශේෂයෙන් 1989 නොවම්බර් 13 සහ ඊලග අවුරුද්දේ ඒ කියන්නේ 1999 නොවැම්බර් 13. පලමු නොවැම්බර් 13 කියන්නේ එතකොටත් අපි වැඩ කරපු ජනතා විමුක්ති පෙරමුණෙහි ආදරණීය නායක රෝහණ විජේවීර සහෝදරයා පැහැර ගෙන ගොස් මරා දැමීම.

 

මම එදා වැඩ. රස්සාවට ගිහින් ගෙදර එද්දී තමයි මේ ආරංචිය ලැබුණේ. ඒ දවස්වල අපි හිටියේ දළුගම පරණ නුවර පාරේ ගෙයක සාලයක් කුලියට අරගෙන. අම්මයි මමයි මාත් එක්ක වැඩ කරපු තව මිතුරෙකුයි ශ්යාමලී අක්කයි එහේ හිටියේ . මගේ මල්ලි හිටියේ වෙන දිහාවක.

එදා රෑ News වලට විස්තරය බලාගන්න කියලා තමයි තොරතුරු ආවේ. අපි ගත්ත කුලී ගෙදර අයිති ගෙදරට TV News බලන්න අම්මයි මමයි ගියා. රෑ අටට News දැම්ම.

අපි කවදාවත් බලාපොරුත්තු නොවුණු News එක දැක්කහම අපිට දැනුණ තිගැස්ම, දුක , වේදනාව අපිට තාමත් හැම නොවම්බර් 13 ක දීම දැනෙනවා.

එදා එතැන අපිට අපේ හැගීම් පිට කරගන්නත් බැහැ. ඒ ගෙදර කට්ටිය ‘ ඕකට ඔහොම වෙලා මදි’ කියනවා.

අපි News ඉවරවෙලා කුලී කෑල්ලට ආවා. අම්මයි මමයි දෙන්නම කතා නැහැ. රෑට ඉව්වෙත් නැහැ. කෑවෙත් නැහැ.

අදත් මට ඒ වේදනාව දැනෙනවා.

රෝහණ විජේවීර කියන්නේ මනුස්සයෙක්. විශාල මිනිස් කැපවීමක් ඇති මිනිසෙක්. ඔහු දෙවියෙක් හො අසමාන්ය මිනිහෙක් නෙමෙයි. ඒ නිසාම ඔහු තුලත් සමහර පොදු මිනිස් දුබලතා තිබුණා. ඔහු ජීවත් වුණේ අවුරුදු 46 යි. ඔහු මරාදමා අවුරුදු 28 පස්සේ අදත් ඔහු ජීවමානයි. තවත් පරපුරකට මාලිමාවක්. ඔහු වැනි මිනිසෙක් වන්දනීය සුරුවමක් කරගැනීමත් ගරහා පිළිකෙව් කීරීමත් සහාසික අපරාදයක්.

විජේවීර සහෝදරයාත් ඔහු විසින් ගොඩනැගු ජනතා විමුක්ති පෙරමුණත් මටනම් මගේ ජීවිතය වෙනස් කල, විචිත්රවත් මතකයන්. සදාකාලික මතකයන්. මම අවුරුදු 28 ක ට පස්සෙත් ඒ මතකය සහ අද්දැකීම අගය කරනවා. ආඩම්බරයෙන්. ගව්රවයෙන්.

ඊලග නොවැම්බර ය මීට වෙනස්. ඒ කියන්නේ 1999 නොවැම්බරය.

රෝහණ විජේවීර සහෝදරයා මර දැම්මට පස්සේ අපිට පක්ෂ සම්බන්දත අඩු වුණා. එහෙන් මෙහෙන් ඉතුරු වුණ කිහිප දෙනෙක් අතර අපි ගනුදෙනු කලා.

ඔය අතර දවසක මගේ සංවිදායක සහෝදරයා මට කිව්වා කෙනෙක් ඉන්නවා එයාට නවතින්න Place එකක් ඕන කියලා. සම්ප්රහදායක් විදිහටම මම කෙනා කව්ද කියල ඇහෙව්වේ නැහැ. අපි හිටියෙත් කුලියට. මමයි අම්මයි මල්ලියි. දළුගම නෙමෙයි මාකොළ පාරේ ගෙයක. මම හා කියල වැඩේ බාරගත්ත. නවතින කෙනා අතර මගදී මුණ ගැස්සුවා. ඔහු මිටි , තලෙළලු , ප්රසන්න පුද්ගලයෙක්. ඇදල හිටියේ අදුරු සුදු පැහැති අත්කොට කොටු කොටු ෂර්ට් එකක් සහ දුබුරු පැහැති සරමක්. අතේ Brown Paper බෑග් එකක් තිබුණා.

ඔහු දැක්ක ගමන් මට හීන් දාඩිය දැම්ම.

ඔහු දයා වන්නිආරච්චි සහෝදරයා. මගේ පක්ෂයේ හිටපු මහ ලේකම්. මට අදහාගන්න බැරිඋනා. එතකොට මට වයස අවුරුදු 23 යි. වන්නි සහෝදරයට අරක්ශාව දී ම මට පැවැරීම මම කොහොමද විශ්වාස කරන්නේ. මගේ ජීවිතයේ වන්නි සහෝදරයා ගැන කියවලා, අහල තිබුණ දේ අනුව මට ඔහු දැවන්ත වීරයෙක්.

මම නොදන්නා ගානට ඔහුගේ වගකීම ගත්ත. කුලී ගෙදරට ඔහුව අරගෙන ගියේ මගේ මාමා කෙනෙක් කියලා.

වසරක් ඇතුලත වන්නි සහෝදරයා මගේ ලගින් ගියා. ඒ පක්ෂ සම්බන්දයක් හදාගෙන.

ඒ යනකම්ම වන්නි සහෝදරයා දැනගෙන හිටියේ නැහැ මම ඔහු අදුරගෙන හිටිය බව. එහෙම උනානම් ඔහු මගේ ළගින් යනවා. ඒ අරක්ශාව සම්බන්දව ඔහුගේ විදිහ.

ඒ වෙනකොටත් අපි දැනගෙන හිටිය වන්නි සහෝදරයව රට පීරගෙන හොයනවා කියලා. අපිට ලැබුන තොරතුරු අනුව ඊලගට හොයන්නේ මාව. වන්නි සහෝදරයා ඒ බව අපිට කිව්වා. අම්මත් මමත් මල්ලිත් වන්නි සහෝදරයාත් මේ ගැන කතාකලා. වන්නි සහෝදරයා කිව්වේ අපිට විසදුම් දෙකයි තියෙන්නේ කියලා.

එකක් අපි ඉන්න තැනින් පැනල ගිහින් හැන්ගෙන එක. එහෙම උනොත් මාව හොයන්න තව හුග දෙනෙක් අත්අඩංගුවට අරගනියි කියල අපිට තේරුණා.

ඔය කාලය වෙන කොටත් අපේ අය අත්අඩංගුවට අරගෙන මරල දානවා.

දෙවෙනි විසදුම මගේ ලගට උන් එනකම් මම සාමාන්යම විදිහට රස්සාවට ගිහින් ජීවත් වෙන එක.

අපි දෙවැන්න තෝර ගත්ත.

මට අදටත් හිතා ගන්න බැහැ දරුවන් පැහැරගෙන ගිහින් මරාදාන යුගයක මගේ අම්මා ඒ යෝජනාවට එකග උනේ කොහොමද කියලා.

වන්නි සහෝදරයා අපි ලගින් ගියා.

මම සාමාන්ය විදිහට වැඩට අවා ගියා. හරියටම රෝහණ සහෝදරයා මරල අවුරුද්දක් ගිය 1999 නොවැම්බර් 13 රෑ අපි බලපොරොත්තු වුන විදිහටම අපි එතකොට හිටපු ලෑලි ගෙය වටකරලා මාවයි මගේ මල්ලිවයි පැහැර ගත්තා.

ඊට පස්සේ වන්නි සහෝදරයාවත් පැහැර ගෙන තිබුණා.

එදා පැහැරගත් අපි තමත් ජීවතුන් අතර. ජීවත් වුණු එක අහම්බයක්. 

අහම්බෙන් ඉතුරු වුණ මගේ ජීවිතයට මම ආදරෙයි.

මම මේ සමග දාල තියෙන චායාරුපයේ රෝහණ විජේවීර සහෝදර එක්ක ඉන්නේ දයා වන්නිආරච්චි සහෝදරයා.

ඔහු මිය ගියේ 2016 මැයි 22. අත්අඩංගුවෙන් නිදහස්වෙලා ආවට හුග කාලෙකට පස්සේ.

ඉතින් මට 1989 නොවැම්බර් 13 සහ 1990 නොවැම්බර් 13 ජීවත් වෙනකල් අමතක කරන්න බැහැ. අමතක කරන්න ඕනෙත් නැහැ.

 

Read 51 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.