Friday, 06 October 2017 02:57

ශිෂ්‍යත්වය ගැන - අනුත්තරා මිහිරිපැන්න 

Written by 
Rate this item
(0 votes)

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු පිටවීමත් සමග කෙරෙන කතිකාවතට ...යමක් එකතු කිරීමේ අරමුණෙන් මෙය කුරුටු ගාන්න හිතුනා ...

ශිෂ්‍යත්වයක් කියන්නෙ.....

 

* වැඩිදුර හෑදෑරීමක් සඳහා දෙන වරප්‍රසාදයක්.... එවැනි තෝරා ගැනීමකට විවිධ ක්‍රම වේදයන් ක්‍රියාත්මක කරනවා....

තරග විභාගයක් 

ව්‍යාපෘති විශ්ලේෂණයක් 

සම්මුඛ සාකච්ඡාවක් 

ප්‍රත්‍යක වාර්තා සොයා බැලීමක්

දක්ෂ පිරිසක් අතර අහඹුවක් 

ගවේෂණාත්මක ක්‍රමවේදයක් 

ත්‍යාගයක් ලබා දීමක් වැනි දෑ.....එක් එක් රටවල් තුල ක්‍රියාත්මක කරනවා....

* 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා එදා සිටම ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වුනේ තරග විභාග ක්‍රමයක්...

එයින් අපේක්ශිත අරමුණු වුනේ

අඩු ආදායමක් ඇති අති දක්ෂ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනයක් ලබා දීමට මාසික දීමනාවක් ලබා දීම

අති දක්ෂ දරුවන් තෝරා ඔවුන් අතර තරගකාරිත්වයක් ඇතිකරමින් අධ්‍යායන කටයුතු කිරීමට පහසුකම් ඇති පාසැල් ලබා දීම

එවැනි දරුවන් සඳහා දිගු කාලින ක්‍රියාවලියක් යාවත්කාලීන කර සම්පත් පුද්ගලයන් බිහිකිරීම 

වැනි දේ....

* කාලයත් සමග දෙමාපියන් ගුරුවරුන් පවා විස්තීර්න සමාජ තලයෙන් න්‍යෂ්ටික සමාජ ඒකකයට සීග්‍රයෙන් පරිවර්තනය වන විට...

ශිෂ්‍යත්ව විභාගය 

දෙමවුපියන්ට තරගකාරිත්වයක් (උසස් යැයි සම්මත පාසල් සඳහා දරුවන් යැවීමට)

ගුරුවරුන්ට තරගකාරිත්වයක් හා මුදල් උපයන මාර්ගයක් ලෙසට නොදැනීම ගමන් කර තිබුනා...

මෙහි ප්‍රතිඵලය වූයේ....ශිෂ්‍යත්ව ලබා දීම සදහා තේරි පත්වෙන ලමා පිරිස වැඩි වීමයි....

* නමුත් එක් අවුරුද්දක් තුල එක් එක් පාසලකට 06වන ශ්‍රේණිය සඳහා වෙනත් පාසැල් වලින් ඇතුල් කරගත හැකි පිරිස සීමාසහිතයි.

ඒ ප්‍රමානය ගණනය කර ඒ ප්‍රමානය අනුව ශිෂ්‍යත්ව දිය හැකි පිරිස කොපමනද යන්න සොයා බැලීමෙන්.අනතුරුව

එයට සාපෙක්ශව සමත් ලකුනු මට්ටම මෙහිදි නිර්නය කරනවා....

මන්ද ඒ ලකුනු මට්ටමෙන් පවා.... ඒ පාසල තුල සමත් වූ මට්ටම ට හැකියාව ඇති දරුවන් සොයා බැලීමට

එය සාධන මට්ටමක් පමනයි....

*එයින් කිසිසේත්ම දරුවකුගේ ඉගෙනුම් මට්ටම දුර්වල කමක් ප්‍රකාශ වන්නෙ නැහැ.....

මෙය පැහැදිලිවම අවබෝධය කරගත යුත්තෙ දෙමවුපියන්....

එක් එක් පාසලට ගත හැකි ප්‍රමානය කොපමනද යන්න සොයා බලා මුලු සමත් ප්‍රමානයයේ ලකුනු මට්ටම ශ්‍ර්‍රෙණි ගත කර පාසල් ලකුනු මට්ටම නිර්නය කරනවා...

උදා __ රාජකීය පාසලට ගත හැකි ප්‍රමානය 150 නම් වැඩිම ලකුණු ගත් 150 දෙනා ගේ අවසන් ලකුණු මට්ටම ඒ පාසල සඳහා සම්මත කරනවා...

ඉතිං මෙය කිසිසේත්ම දරුවන්ගේ තත්වය මැනීමක් නොවේ...

ඉතිං මෙය නොදන්නා දෙමාපියන් කලබල වෙනවා

එහි අහිතකර ප්‍රතිඵලය දරුවාට හරිම හානිදායකයි..

එසේම දරුවන් ගේ...සමස්ථ බුද්ධි මට්ටම තීරනය කරන විභාගයක් නොවේ....

ශිෂ්‍යත්ව දිය හැකි දරුවන් ප්‍රමානය තීරනය කරන විභාගයක් පමණි .....

"දෙවියනේ .....මිනිසුන්ගේ තෙවෙනි ඇස ක්‍රියාත්මක වීම වැඩිකරනු මැන....".....( මටත් එක්ක කිව්වෙ හොදේ )

Read 68 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.