Saturday, 20 May 2017 10:00

සයිටම් තාප්පේ හිර වූ යහපාලන වන්දි බට්ටයින්

Written by 
Rate this item
(0 votes)

නෙවිල් ප්‍රනාන්දුගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා සිසුන් ගෙන ගිය සටනට මෛත්‍රිපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව විසින් කුලි හේවායින් යොදවා පහර පිට පහර එල්ල කරනු ලැබිය.

 

එහෙත් සිසුන් විසින් අරගල සීමාවන් නිර්ණය කොට පසු බැසිම් යළි පනපෙවිම් මධ්‍යෙය් ඉදිරියට ගියේය. කෙසේ නමුත් පොලිසිය විසින් කිසිදු ඉවක් බවක් නොමැතිව කදුළු ගෑස් ගැසීම හා ජල ප්‍රහාර ඉදිරිපත් කිරිමෙන් මෙතෙක් ඉතිහාසයේ උද්ඝෝෂණයක් සදහා වැය කළ විශාලම කදුළු ගෑස් හා ජල ප්‍රමාණයක් උද්ඝෝෂකයන් වෙත මුදා හරිනු ලැබීය. කෙසේ නමුත් පොලිසිය මෙහිදී උද්ඝෝෂකයන් හමුවේ දණ ගැසුවේය.

එහෙත් කුලී හේවයන්  විසින් ආණ්ඩුවේ ඉහලින් ලැබුනු අණ දිගින් දිගටම පිළිපැදීමට යාම හේතුවෙන් ඔවුන්  අපහසුතාවයට පත්විය. මෙහිලා ගැනිය යුතු සත්‍යය වන්නේ කුලී හේවාන්ගේ කාර්යය ඉටු කිරිම හැර අන් විසදුමක් ඔවුන් හමුවේ නොමැති බැවින්ද එසේ අන නොපිළිපැදිමෙන් ඔවුන්ගේ පඩිපත හා වරදානයන් නොලැබීම වන බැවින් අදාල ප්‍රශ්තුත කාරණාවේදී පොලීසිය පැත්තකින් තිබිය යුතුමය.

 

වසර ගණනාවක සිට ගෙන යන සයිටම් විරෝධී අරගලය විටින් විට ආණ්ඩුව මැදිහත්වී පය බරවායට පිටි කර බෙහෙත් බදිනවා සේ ඉල්ලූ දේයට සපුරා වෙනස් ප්‍රතිඵලයක් ලබාදීමට කටයුතු කරනුයේ මන්ද යන්න ගැටළුවකි. එනම් සිසුන් හෝ කිසිදු අරගලකාරී වෘත්තීය සමිතියක් විසින් නොඉල්ලූ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය සතු කිරිම විසදුමක් ලෙස දන්වා තිබේ. ආණ්ඩුව මේ සිදුකරමින් පවතිනුයේ ලෝක බැංකු උවමනාව මනාලෙස ගැලපීමය. ඒ සදහා උසස් අධ්‍යාපන ඇමතිවරයා සෞඛ්‍ය ඇමතිවරයා හා අගමැති ජනාධිපති ප්‍රමුණ මහා ඒජන්තයින් නෙවිල් ප්‍රනාන්දුගේ ඇමට වඩා ලෝක බැංකුවේ අන ගිල ඇත. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සදහා වන සැලසුම ඒකායන වන බැවින් මෙතෙක් කරගත නොහැකිව තිබූ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය ස්ථාපිත කිරිමට අනේක විද මහන්සීන් ගනිමින් සිටි.

ඒ සදහා ආණ්ඩුවට හිතවත් පිරිස් හොරණෑ වශයෙන් භාවිතා කර ගන්නා අතර ඊට අදාළ මාධ්‍යයන්ද මෙහෙයවීමට කටයුතු යොදා තිබීම දැක ගත හැකව ඇත. යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීම සදහා කෑ මොර දුන් සිවිල් ක්‍රියාකාරිකයින් සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හමුවේ නිරුවත්ව ඇත. ඔවුන් පෙරදී ප්‍රගතිශීලී අදහස් දැක්වූවන් වූ අතර තමන් විසින් සිදුකළ කාර්යය එකලෙස ඉටු කිරිමට සියලු සුදු රෙදිපිළි උනා දමා නිරුවත්ව ඇත. ඒ අතර කැපී පෙනෙන චරිත කිහිපයක් සිටින අතර ගාමිනී වියන්ගොඩ මහාචාර්ය සරත් විජේසූරිය තවත් සත්ගුණවත් පිරිස් එක පෙළට සිටගෙන නෙවිල් ප්‍රන්දුගේ වෙද කඩය ආරක්ෂා කිරිමට ඔහුගේ තාප්පය ඉදිරියේ මුරකරමින් සිටී.

තවදු වෘත්තීය සමිති නායකයන් වන සමන් රත්නප්‍රියලාද ආණ්ඩුව වෙනුවෙන් ලියන්නන්ගේ කාර්යය ඉටු කරන අජිත් පැරකුම් හා ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන්ද මෙකී ආරක්ෂක බැම්මේ ගල්කුළු බවට පත්ව ඇත. තමන්ට වන අඩන්තේට්ටම්වලින් මිදීම සදහා  ඔවුන් විසින් මෙකි සංවිධාන ජාලයන් පිහිටට එන විට ඒවා සුදන ව්‍යාපාර වශයෙන් දකින මොවුන් සමස්ත දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඩනගන විට ඒවා තමන් ගොඩනැගූ පාලකයන් ආරක්ෂා කිරිම සදහා විලිලැජ්ජා නොමැතිව ඉදිරියට එමින් සිටී.

කෙසේ නමුත් ඉතිහාසයේ පාඩම් නැවත නැවත ආවර්ජනය කළ යුතු සුළුහෝ මොහොතක් වන්නේ නම් මොවුන් කල්පනා කළ යුතු දෙයක් ඇත. එනම් මෙවැනි අරගලයන්හිදී ජනතාවගේ හඬ වර්ධනයේ දිශාවට මිස සෘණාත්මක දිශානතියක් ගැනීම නොවන බවය. ඒ ඉතිහාසය විසින් උගන්වා ඇති ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගල මාදිලියය .

එබැවින් නිදහස් අධ්‍යාපනය අයිතියට අත තබන්නෝ හිද සිටින පුටුව කවර හෝ නිමේෂයක අතහැර ජනතාවගේ හා සිසුන්ගේ අයිතීන් හමුවේ පරාජයට පත්වන බවය.

 

තුසිත පතිරණ

Read 592 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.