Thursday, 18 May 2017 17:53

ලොට් අංක දෙක - විසි හතරවැනි මුරය

Written by 
Rate this item
(0 votes)

කැඩුණු උළු සිදුරකින් තීරුවක් සේ ගලා ආ සඳඑළිය පොළොවේ තැනින් තැන රවුම් හැඩැති රටාවන් මවමින් කහ පාට එළියක් විහිදුවමින් සිටියි.. වරින් වර වවුලන්ගේ හඬ ඇසෙන්නට විය.. අසලින්ම කුමක් හෝ වවුලන් ලගින ගහක්ඇති බවට හොඳින්ම පසක් වන්නේ වරින් වර තටු ගසන හඬත් උන්ගේ කෑ ගැසුමත් දෙසවන් පුරා දෝංකාර දෙන්නට වූයෙනි.. සවස් කල කොස් ගසකට හෝ වෙනයම් කෑමට ගත හැකි ඕනෑම ගසකට ඇදී ගිය වවුලෝ පාන්දර යාමය වනවිට ලැගුම් සොයා ගසට එන්නේ වෙහෙසට පත්වය. ඔවුහු හනි හනික තමන්ට එල්ලී නිදන්නට අත්තක් සොයනවා විය යුතුය.. රාත්රිසය පුරාම මූසල හඬක් නගමින් කෑ ගැසූ බස්සාද නිහඬ වී ඇත.. රෑහියන් වවුලන් හා එන්ව සමූහ ගායනයක යෙදී සිටින්නේ පාන්දර පාළුව මකන්නට විය.. 

 

සඳ එළිය බිම පුරා ඇඳි පලසේ මෝසතර රටාව ක්රකමයෙන් වෙනස් වෙමින් ඇදී යන්නේ සඳ ගමන් කරන මාර්ගයට ප්රලතිවිරුද්ධ දිශාවටය... සඳ එළිය ඇඳි රවුම් රටාවක් නිදා උන් මිනිසෙකුගේ රැවුල මත වැටී සුදු රැවුල් ගස් එක දෙකක් ආලෝකමත් කරමින් සිටියි.. බිත්තියට හේත්තු වී නිදා උන් එකෙක් රූරා වැටී බිමට පහත් විය.. දෙතුන් දෙනෙකුම රාත්රියය පුරා නැගූ කෙඳිරිලි හඬ මැකී ගොස් ඇත.. 

බිත්තියේ මුල්ලකට පිට දී බලා උන් මානිස්ගේ නම් දෑස් නින්දක් ගැන නොදන්නවා සේය. රාත්රිොය පුරාම නින්දක් ඔහුට නොවීය.. සඳ කිරණ, වවුල් හඬ, රෑහින් හා බස්සන් රාත්රි්ය පුරා ඔහුට තනි මැකුවේ නිදිවර්ජිතව ය. කුඩා කවුළුවෙන් ඇදී ආ සේපාලිකා සුවඳක් මානිස්ගේ නැහැපුඩු සිසාරා යන්නට විය.. අහලම සේපාලිකා ගහක් ඇතුවා නිසැකය.. පාන්දර හිරු කුමරු දකින්නට සේපාලිකාවන් ඇහැරිනවා විය යුතුය..

....

“තෙදවරම්පස්වාන්දහසකටආයුලැබඉරන්දනම්වනයේඅජාසත්තපර්වතයේයහතින්වැඩසිටිනසිරසමතධවලජටාවකින්දසැඩපලුදහතුනකින්දපොලොඟුන්දහතුනකින්දරකුසුමුහුනකින්දබඳවටනයින්ජාලයක්දඑකඋරයකකරවැලුන්හතරදෙනෙක්දසුරතටවඩිගකඩුවක්දවමතටගිනිකබලක්දගෙලවටනයෙකුදහිසසිටදෙපතුලදක්වානාගයන්දෙදෙනෙකුදදරාදිවිසම්වතින්සැරසුනනිල්වන්දේහයකින්යුතුවනිල්වන්අසෙකුපිටපැනනැගීයක්ෂරාක්ෂනාගරාජකුමාරාදීදසඅවතාරයකින්පෙනීසිටිනදසදෙසවිපුලකීර්තිසත්යානුභාවයෙන්දතවදමෙමශ්රීලංකාද්වීපයේසහඑක්ලක්ෂහතලිස්දහසක්ගණකෝවිල්වලටයහතින්දිවස්ලූකබලෑවටඅරක්ගත්ඔඩ්ඩිවඩිගසිද්ධසූනියම්දිව්යරාජෝත්තමයානන්වහන්සේටදෙපාවැඳමාකරනකන්නලවුවඔබගේදිවකනින්අසාදිවනෙතින්බලා......

 

ගුරුන්නාන්සේ එක දිගට සූනියම් දේවතාවුන් වහන්සේට අමතා යාතිකා කරමින් සිටියි.. ඉතාම ගුප්ත මන්ත්රන ස්වර සිහින් සරින් අවට මානා පඳුරු අතරින් මැකී යයි.. කුඩා පහන් දැල්ල මද සුළඟට හසුව ඒ මේ අත වැනෙන්නේ හෙවනැලි ඇවිද්දවමිනි.. මානා අතු සිරි සිරි නාදය ඉතා හෙමින් නංවන අතර ඈත උලමෙකුගේ අදෝනාව වරින් වර නැගෙන්නට විය.. අන්ධකාරය තුළ පැතිර යන දුම්මල ගඳ නැනැපුඩු කොණහමින් භයංකර සිතුවිලි ජනනය කරන්නට වූයෙන් කමලා තෙත්ව ගිය නාසය චීත්තයෙන් නාසය පිසදා ගත්තාය.. දුම්මල පැතිරීමෙන් අවට වා තලය පුරාම අතිශය අද්භූත හැඟීමක් පැතිර යන්නට විය.. මද සුළඟ පවා හැමුවේ කිසිවෙකුටත් නොදැනෙන පරිදි හොරැහින්මය.. කදෝකිමියන් පවා ඈතට ඉගිල ගියහ..

 

තැනින් තැන පස් ගොඩැලි යට නිදා හුන් ආදිතම මුතුන් මිත්තෝ මළ සිරුරු අවදි කරවමින් ඉහළට නැගෙන්නට වූහ.. කුණු වී ඕජස් ගලන දිරාපත් සිරුර පණුවන්ටම බාර කරමින් එකා දෙන්නා පස් ගොඩැලි මත හිඳ ගත්හ.. මෑතකදී මියගිය එන්සිනා කෙහෙ වල්ල ඉස් මුදුනින් ගැට ගසා ගනිමින් අසලම උන් එතනාට රවන්නට විය.. සති තුනකට පමණ එපිට මිය ගිය යසපාල ඇසෙහි උන් පනුවෙකු අල්ලා කටේ දමමින් තලු මරන්නට වූයේ ඉතා කෑදර ලෙසිනි.. ගම පුරාම මිය ගිය හිත මිතුරන්, නෑදෑයන් මෙන්ම කෝන්තරකාරයන්ද එක්ව මේ නැගෙන්නා වූ ගුප්ත ස්වරයට තම දෙසවන් යොමු කරන්නට වූහ.. ඒ සමග ඒකාත්මික වූහ.. ඒ තුල ගිලී ගියහ... උමතු වූහ...

...............................

පොල් අතු වහලයේ කුඩා සිදුරු අතරින් හඳ එළිය රිංගා එනු පෙනේ.... කොස් ගහේ ලගින බස්සාගේ නාදයද සිදුරු අතරින්ම පැමිණ ඇසිලිනාගේ දෙකන් මත දෝංකාර දෙන්නේ මූසල සිතිවිලි ජනිත කරමින්ය.. ඒ සමගම ඇගේ හද ගැස්ම පවා වේගවත් වෙයි...

 

සිදුර මත උඩුබැලිව නිදා උන් ඇසිලිනා නිදි වර්ජිත රාත්රියය පුරාම ඇස් වියළී තිබුණු මොහොතක් නම් නොදත්තාය... නොනවත්වා ගලන කඳුළු ශරීරයේ කොතැනක සැඟව තිබුණා දැයි ඇයටම ඇත්තේ සැකයකි.. දෑස් දෙකෙලවරින් ගලා යන කඳුළු බිඳු කොපුල් නිම්නයන් පසු කරමින් එලා තිබූ චීත්තය තෙත් කරයි.. සෙම ඇවිස්සී හුස්ම පවා හිර කරවන සුළු ගතියක් ඇතිව තිබේ.. තුරුල්ලේ නිදා උන් දරුවා සිහිනයක සිනාසෙමින් උන්නේ දසන් දක්වමිනි.. ඇසිලිනා නැවතත් සඳ එළිය හා ඒකාත්මික වූවාය..

ඔහු කුමක් කරනවා ඇත්ද...?

කුමක් සිතනවා ඇත්ද...?

නින්ද නම් නොඑනවා නොඅනුමානය....ඒ කළු දැලි හැඩි සිරුර තුළ සිර වී සිටින තෙතැති හදවත කෙසේ නම් මේ සාහසික සිරුර හා සටන් කරනවා ඇත්ද..?

තරුණ වියේදී දුටු කෙලිලොල් දඟකාර ඉලන්දාරියා තුළ මේ හැඩි දැඩි මිනිසා කෙසේ නම් උපන්නේද....?

ඇසිලිනා සිතිවිල්ලේම ඇලී ගැලී උන්නාය.. රිදුම් දෙන පපුව හෙමින් අතගා ගත්තාය.. ඔහුගේම සුවඳ රැඳි පුතු මුව සිපගත්තාය... 

 

-විසි පස්වැනි මුරයෙන් හමුවෙමු-

 

Read 377 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.