Monday, 25 January 2021 00:57

ඇය යන්න ගියා මැකිලා...

Written by 
Rate this item
(0 votes)
 
කුමාරි ජයවර්ධනගෙන් පසු  ලාංකේය දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාවත් සම්ප්‍රදාය තුළ ඇයට උරුම කර දී ඇති පිහිටුමත් පිළිබදව ශාස්ත්‍රීය හා දේශපාලන භාවිතයන්ගේ ඒකත්වයක් ඇසුරේ චින්තනයක් ගොඩනැගූ ස්ත්‍රිය ඇයයි.. ඔව්, මම එසේ සිතන්නෙමි. ඇය මානව විද්‍යාඥවරියකි. ක්‍රියාකාරි ස්ත්‍රිවාදිනියකි.
 
අනූවෙන් පසුව 'එන්ජිඕ කරණයට' ලක් උණු මහජන අරගල දේශපාලනය පිළිබඳ ඇයගේ කියවීම් මා ගැවසෙන දේශපාලන අවකාශවල මම නිරන්තරයෙන් සිහිපත් කර සිටිමි. එහිදී විශේෂයෙන්ම ස්ත්‍රී දේශපාලනයේ උපායමාර්ගයන් “බහිෂ්කාරක - එරෙහි වීමේ දේශපාලනයක සිට ඉල්ලා සිටීමේ දේශපාලනයක් දක්වා විතැන් වීය” (refusal to request) යන්න ඇය විසින් ගොඩනැගූ එක් ප්‍රමුඛ තිසීසයකි. 'මව් පෙරමුණ' වැනි 80 අග භාගයේ උතුරු නැගෙනහිර හා දකුණේ මිලිටරිකරණයට හා ජාතිවාදයට විරුද්ධව සක්‍රීයව ක්‍රියාත්මක වූ සංවිධානයන් පවතිද්දී 90 දශකයේ සිට ක්‍රමයෙන් වෙනත් මාතෘකා කරා ස්ත්‍රී සාමූහික ප්‍රජාවන් පසුබැස්සේ මන්ද යන්න ඇයගේ විචාරක්ෂියට ගෝචර විය. එනම් “ස්ත්‍රීන් බලගැන්වීම,” “ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී වීම,” “ගැටුම් නිරාකරණය,” “ගැටුම් කළමනාකරණය,” “යහ පාලනය,” “මානව අයිතීන් කඩ වීම් ලේඛනගත කිරීම,” “ස්ත්‍රී දේශපාලන සහභාගිත්වය වැඩි කිරීම” ආදී නොයෙකුත් ඉල්ලීම් දක්වා කැඩී වෙන් වී යාමේ තතු පිළිබදවයි. ඊට අනුව වර්තමානයේ බොහෝවිට පුර්ණකාලීන ස්ත්‍රීවාදී 'තනතුරු' බිහිවී ඇත. එසේම දේශපාලනය වෘත්තියකරණට හා කළමණාකරණ විෂයයන්ට ඌනනය වී ඇත. එමගින් වත්මනෙහි ස්ත්‍රීවාදී දේශපාලනය සීතල -පහසු අඩවියක මිඩංගු වෙමින් තිබෙයි. ඒ අනුව බොහෝ අය දැන් කරමින් සිටින්නේ අරුන්දතී රෝයිගේ භාෂාවෙන් කියන්නේ නම් වර්චුවල් එරෙහිවීම්ය. ඒ අනුව ගල් ගැසී ඇති අනන්‍යතා රැකීම හා එදිනෙදා දේශපාලන සිදුවීම් සමග කටයුතු කරනවා වෙනුවට එහි ව්‍යුහාත්මක තත්වයන් නිර්මාණය කල රාජ්‍යයේ ගොඩනැගීම් ආකෘතිය ගැඹුරු ප්‍රශ්න කිරීමට ලක්කරන 'දේශපාලනිකයේ' මානය ඔවුනගෙන් බරපතළ ලෙස ගිලිහී තිබෙයි. කෙටියෙන් කිවහොත් අපි දැන් කැරලි ගසන්නේ නැත. ඒ වෙනුවට ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින නොනවතින ඉල්ලීම් ප්‍රවාහයකට මාරු වී ඇත. මාලතීගේ තියුණු සුපරික්ෂාවන් දිවෙන්නේ මෙම සංකීර්ණ අර්බුදය දෙසටය.
 
මාලතී දී අල්විස් විසින් සිදු කළ පර්යේෂණ අධ්‍යයනයන් ඉතා විශාල ප්‍රමාණයකි. ඒ නිසාම ඇය ශාස්ත්‍රීය අවකාශයේ තාරකාවක් යැයි කීමේ වරදක් නැත. පිටු 20 කටත් අඩුවෙන් ඉතාම අනර්ඝ න්‍යායික පෙළක් ඊට අදාළ ඓහිහාසික නිදසුන්ද සමග සංග්‍රහ කිරීමේ අපූර්ව සමාර්ථයක් ඇති වෙනත් සිතන්නියක් මට මුණගැසී නැත.
 
කුමාරි ජයවර්ධන සමග ලියා පල කොට ඇති මුතු විසිකිරීම (Casting Pearls) අපගේ ස්ත්‍රී දේශපාලන ඉතිහාසයේ ආ ගිය මුලගිය තැන් පෙන්වා දෙන්නකි. ඇයගේ මම ප්‍රිය කරන තවත් කෙටි ලිපියක් වන්නේ ‘ගරුනම්බුව’, ‘නුතනත්වය’ සහ යටත්විජිත සිලෝනයේ සංස්කෘතිය පොලීසිකරණය' යන ලිපියයි (Respectability, Modernity, and the Policing of ‘Culture’ in Colonial Ceylon 1999). එහිදී ඇය විසින් ගණනාත් ඔබේසේකර විසින් පෙන්වා දෙන අපගේ සිංහල සංස්කෘතියේ ඇති “ලැජ්ජා බය” යන එනම් "ලජ්ජා කිරීමේ භාවිතය" විසින් සමාජයේ අධිපතිත්වය සහ යටහත්බව වැනි මානයන් නිර්මාණය කලේ කෙසේද යන කියවීම මාලතී පදනම් කරගනියි. යටත්විජිත කතිකාව විසින් “නම්බුවට සිටීමේ” භාවිතයන් හරහා සිංහල සහ දෙමළ ස්ත්‍රී ශරීරයන් විනයගත කලේ කෙසේද යන්න ඇය එහිදී පෙන්වා දෙයි. ඇය එමගින් සුරාකෑම හා යටහත්භාවය ඇති කිරීමේ පාලන රෙජිමයන් නිර්මාණ කිරීමේ ඉතිහාසය ගෙන හැර දක්වයි.
 
මාලතී යුධ සමයේ “සාම ස්ත්‍රීන්” (Women for Peace) සංවිධානයේ (1984) ක්‍රියාකාරී සාමාජිකාවක් වුවාය. ඔවුන් විසින් යෝජනා කළ 'ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුමක්' යන යෝජනාවට සිංහල සමාජයෙන් එල්ල වූයේ 'ඉහළ පෙළේ ගැහැණු රට බෙදන්න හදනවා' යන විවේචනය බව ඇය සඳහන් කර තිබෙයි. 'ඇයගේ දේශාපාලනය ඉංග්‍රීසි කතා කරන පැලැන්තියට පමණක් සීමා වී දැයි?' මම ඇය සමග 2012 දී පමණ රාවයට කළ සම්මුඛ සාකච්චාවකදී විමසා සිටියෙමි. ඇයගේ ප්‍රතිචාරය වූයේ ඇය සිය උපරිමය යොදවා එම විවේචනයෙන් ගැලවීමට කටයුතු කළ හා කරන බවකි.  කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨ මාලා ඉගැන්වීම්වලදී හා විවෘත විශ්වවිද්‍යාලයේ කල ඉගැන්වීම්වලදී සිය විෂය නිර්දේශයට අලුත් කතිකාවක් ඇති කිරීමේ අරමුණෙන් කියවීම් එක් කල බව මා සමග පැවසීය.
මහා පාරේ අරගලවලට ඇය ආවාය. ඇයගේ නිවස හැරුණු කොට මට ඇය හමු වූ අනෙක් ස්ථානය වුයේ අප සංවිධානය කළ දේශපාලන වැඩබිම්ය. වැඩිය කතා නොකොට බොහෝ දේ කෙටියෙන් බෙදාගැනීමට ඇය දැක් වුයේ සුවිශේෂී හැකියාවකි. එසේ කරමින් අපගේ වැඩසටහන් අවසාන වන තෙක් ඇය සිටියාය. මා ප්‍රදීප් (ජෙගනාදන්) සහ ඇය හමු වීමට ඔවුනගේ නිවෙසට ගිය සෑම විටකම එම හමුවීම් දීර්ඝ පැය ගණන් දිවගිය දිගු සැදෑ සමයන් විය. එම හමුවීම් මාගේ චින්තන සිතිජයෙහි සීමාවන් මට මුණ ගැස් වූ මගේ ජිවිතයේ වඩාත් වර්ණවත් නිමේෂයන් විය.
 
ඇයගෙන් තවත් අපේක්ෂා කරන්නට යමක් ඇද්දැයි මම නොදනිමි. එහෙත් ඇය ඉක්මනින් නික්ම ගිය මෙම ගමන නම් හද දවන ගිනි හුළක් වැනි යැයි පැවසිය යුතුමය. ඇය අසාධ්‍ය බව දැනගත් විට ම'හද දැවුණු තරම් ! .
ප්‍රදීප් ඇය කලින් යන්නට යන බව විටින් විට සටහන් කරමින් තිබුණි. ඒ නිසාම ඇය මෙන්ම අපිද ඇයගේ නික්ම යාමට සුදානම් වෙමින් සිටියෙමු.
අපි ඇයගේ මතකය එකතු කරන්නට පුර්වයෙන් ඇය බොහෝ මතකවල ඉතිහාසයන් එකතු කළාය. හසිනි හපුතන්ත්‍රී සමගින් සංස්කරණය කොට මේ මෑතක (2019) පල කොට ඇති අවුරුදු 70 ක නිදහස් ලංකාවේ අපි දන්නා සහ නොදන්නා පුරවැසියන්ගේ මතක ශේෂයන් පිළිබඳ කෘතිය ඊට නිදසුනකි. අපගේ එදිනෙදා ජිවිතයේ අප වටා ඇති කාලයක් පුරා ඉතිරි වී ගිය වස්තූන් විසින් එහි ඉතිහාසය, ආදරය, බිඳවැටීම්, හිත්රිදීම්, අයුක්තීන් පිළිබඳව පමණක් නොව සමහර වස්තුන් වටා අපගේ ජිවිත කතාවම ගෙතී ඇති බව ඇය එහිදී පෙන්වා දුන්නාය. මගේ මතකයේ ඇය ඉතිහාසයකි. ඇයගේ කියවීම් මගේ දේශපාලනයට ආශිර්වාදයකි.
 
ඇය ජීවත්ව සිටිද්දී මට ඉතරි කර ගිය දේ සේම ඇයගේ මරණයෙනුත් යමක් මට ඉතිරි කරදී තිබෙයි. එය නම් මා මියැදුණු දිනෙකත් මම ඇයට ප්‍රේම කරන්නාක් සේම මටත් ප්‍රේම කරන මිනිසුන් උපයා ගත යුතු බවය. ඇය ඒ තරම්ම යහපත් මිනිස් දියණියක් වුවාය.
 
ඇරඹුම හෝ අවසානය අවිනිශ්චිත වූ යථාර්තයකට ඔබ දැන් එක් වී ඇත. ඔබ වෙනුවෙන් එකී අහඹුව සමග මම ඒකාත්මික වෙමි.
 
ප්‍රේමයම පමණයි මාලතී..!
 
Our Malathi...
 
She was the first woman in Sri Lankan politics after Kumari Jayawardena to build a thinking  on the role of woman and of her ‘traditional’ position, uniting academic and political practices. She is an anthropologist. A feminist activist. Her activism and scholarly interests were in understanding militarization, motherhood, and the role of memories in the context of nationalist histories.
 
In our political spaces, I always cite and discuss her work on the NGO-ization of the political sphere after the 90s in Sri Lanka. Her main thesis on this subject is that the oppositional politics (campaigns) in the early 1980s gradually became dispersed and fragmented, what she characterizes as a shift from strategies of ‘refusal’ to strategies of ‘request’. Organizations from the South and the North like the Mothers’ Front, that organized around the mid-1980s in the context of civil war to counter the militarization and extremist nationalism, diluted to projects and programs focused on ‘women’s empowerment’, ‘gender sensitization’, ‘conflict resolution’, ‘conflict transformation,’ ‘good governance’, ‘documenting human rights abuses’ and campaigns to change legislation to increase women’ political participation and many more. She suggests that while feminism has been institutionalized and professionalized, feminist activism has become a full time job. One can now find employment as a full-time feminist! In other words, it is a story of ways in which feminist politics has become limited and produced new comfort zones. Their strategies are not forms or non-cooperation anymore, such as strikes, fasts, go-slows and other forms of civil disobedience, but have shifted towards making demands through legal reforms, lobbying, signature campaigns, charters or e-mail petitions. Oppositional politics have turned into forms of ‘virtual resistance’ as Arundathi Roy aptly put it.
 
She claims that instead of working towards protecting pre-existing framing of the political or per-constituted identities, their politics has failed to refuse to acknowledge the pre-given framings of the state or the militants, where in fact the very parameters of the political and identities are put into question. In short, no more ‘insurrectionary politics’, rather, they request reforms. She has produced a wealth of research and publications. Therefore she is a star in the academic world, in particular in feminist studies in the South Asian context. I have not seen a thinker like Malathi, who produces brilliant theoretical arguments with researched evidence in less than 20 pages.
 
Her work with Kumari Jayawardena, ‘Casting Pearls’ is a history of the politics of Sri Lankan women. One of my other favorite articles is ‘Respectability’, ‘Modernity’, and the Policing of ‘Culture’ in Colonial Ceylon (1999)’. Following Gananath Obeysekere and Michael Roberts’ discussion on ‘lajja baya’ in our Sinhala culture that constitutes shaming practices and their understanding of its relations to the forms of domination and subordination within our society, she discusses how the colonial missionary Evangelists disciplined and created obedient Sinhalese and Tamils through practices of ‘respectability’. She argues that indeed these practices to make a ‘respectable woman’ is not only a particular history of women in Sri Lanka, but is simultaneously a regime of power of domination and exploitation.
 
Malathi was an active member of Women for Peace (1984). She told me that they were criticised and labeled by many from the South as ‘Colombo elite women who seek to divide the country by advocating the devolution of state power as a solution to the ethnic conflict of the island’. When I interviewed her in 2012 on her work and politics for the Ravaya newspaper, I asked her whether her politics was restricted to the Colombo English-speaking crowd only. She said that she engaged in politics to prevent that criticism, and that teaching at Colombo University (Post-Graduate Program) is not only academic but also a political attempt. When she was preparing a syllabus for the Open University courses on feminism, her ambition was to create a more inclusive society.
 
One of the other frequent places that I met her, except her house, are the places of struggle that we organized - she came to protests that I was part of. She had a brilliant skill of sharing a lot with a few words. When I went to see them - Malathi and her husband, Pradeep Jeganathan our conversations lasted many hours. They were full of witty jokes, criticisms and intelligence that always broadened my thinking.
 
I don’t have much more to ask from her, though the pain would have been much less if she didn’t leave us so early. When I got to know that she was sick, I felt wretched, my heart broken. Pradeep mentioned that she was preparing for departure from this world. It was not only her - we too were getting ready for her to leave us, little by little.
 
She collected history through many memories long before we now collect our memories of her. Her more recent edited work with Hasini Haputhanthri, The Archives of Memory: 70 years of Independence (2019) is an example of that. They are not only objects that hold memories of love, heartbreak, and injustices, but also our life itself. She is a history in my memory that I have already collected; her writings and words are blessings for my politics.
 
She left me many things when she was alive but also when she left, a lesson: that I must surround myself with people who will love me the day I die as much as I loved her. She was such a beautiful human being.
 
And so I wish you a good journey, my loving Malathi.
 
- Geethika Darmasinghe
Read 222 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.