Saturday, 09 June 2018 00:37

තවෙකෙකුට සමච්චලයෙන් සිනාසීම පරිණත නැති මිනිසුන්ගේ ලක්ෂණයකි. - තාරුකා සෙව්වන්දි

Written by 
Rate this item
(0 votes)

කිසිවෙකුගේ ජීවිතයක් විනිශ්චය කිරීමට අපට ඇති අයිතියක් නැත. අන් අයට හානියක් නොවන සේ තමන්ට රිසි ජීවිතයක් ගෙවීම සෑම අයෙක්ටම ඇති අයිතියකි. 

අන් අයෙකුගේ ශුද්ධ අශුද්ධ භාවය ඔවුන් යහන් ගතවන වාර ගණනින් මැනිය නොහැක. එක් අයෙකු හා පමණක් යහන් ගත වනවාද, කීප දෙනෙක් සමඟින් යහන් ගත වනවාද යන්න ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් මිස පොදු දෙයක් නොවේ. 



තම තරුණ විය මිනිසුන් නොයෙක් ආකාරයෙන් ගෙවා දමති. පාලනයෙන් තොර වූ නිදහස ලැබෙන, අධ්‍යාපනය ද අඩු රූමත් අයෙක්ට ජීවිතය ඉක්මනින් වැරදී යාමේ සම්භාවිතාවය වැඩිය. එක් වරක් වැරදී ගියද යළි යළිත් වැරදී ගියද මිනිසුන්ට ඒ සියළු වැරදීම් තුළින් හිස ඔසවා නැඟී සිටීමට හැකි විය යුතුය. 

අපේ මිනිසුන් කරන්නේ වැරැද්දම උලුප්පා දක්වමින් කෙනෙකුන් පහළට ඇද දැමීම විනා ඔවුන්ට ජීවිතය නිස්කලංකව ගෙවීමට ඉඩ හැර පාඩුවේ තම වැඩක් බලාගැනීම නොවේ. එක අතකින් එය තමන් විසින් තමන්ටම කරගන්නා මහත් පාඩුවකි. මිනිස් ජීවිතයක් සීමා වන්නේ ආසන්න වශයෙන් වසර 75ක් වැනි සුළු කාල සීමාවකටය. ඒ ලැබෙන සීමිත වසර ගණනේත් අනුන්ගේ කුණු හාරා අවුස්සමින් හිඳ මහපොළොවට ඔහේ පස් වී යාම අපරාධයකි. 

හොඳ මිනිසුන් මෙන්ම පාලනයෙන් තොර මිනිසුන්ද සමාජයක ඇතිවීම වැළැක්විය නොහැක. එසේය කියා අප කළ යුත්තේ ඔවුන්ට පන්න පන්නා පහර ගැසීම නොව. ඔවුන්ද මිනිසුන්ය. ඔවුන්ටද වෙහෙස දැණෙනවා ඇත. ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ හිඳින්නට හැර අප අපගේ වැඩක් බලාගන්නවා නම් වඩාත් ඵලදායකය.

"මේ විගඩම් දකිද්දි අපි අපේ දරුවෙක්වත් හරියට හදාගන්නෙ කොහොමද ?" එලෙස මිනිසුන් ප්‍රශ්න කරති. එහෙත් එය අසාධාරණ කියමනකි. සර්ව සම්පූර්ණ සමාජයක් කිසිදා ඔබේ දරුවාට ලබාදීමට ඔබට නොහැකිය. ලෝකයේ කොයි රටේත් විගඩම් සිදුවේ. 
ඔබ කළ යුත්තේ ලෝකයේ විශම බව කියාදෙමින් මල් පොහොට්ටු වලට පිපෙන්නට ඉඩහැරීමය. එපමණකි.

(ලංකාවේ සුන්දර තරුණියකගේ ගිණුමේ මිනිසුන් ලියා ඇති කුණුහරප තොගය සහ, එහෙත් ඇයගේ අති විශාල followers ලා ප්‍රමාණය දැක කම්පාවෙන් ලියූවක්මි)

Read 77 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.