Friday, 02 March 2018 19:01

ලොට් අංක දෙක - තිස් හයවැනි මුරය

Written by 
Rate this item
(1 Vote)

“ කෝ ඔය දරුවා ගත්තනං මෙහාට”

“ අපේ හාමුදුරුවනේ ”

 කුඩා දරුවා ඔතා තිබූ රෙදිකඩ මදක් එහා මෙහා කළ ලොකු හාමුදුරුවෝ පංචායුධය ගෙලෙහි බඳිමින් පිරිත් සජ්ඣායනා කළේ පින්වත් දෑසින් දරුවා දෙස බලමිනි. කුඩා සුරංජිත් තම බෝල දෑස් නොපියවා සිවුරේ කහ පැහැය දෙස බලා සිටීයි. 

 

 

“ මං දරුවගෙ වේලාපත්කඩේ සකස් කරලා තියෙන්නේ. කොලුවට අවුරුදු තුනක් යනකල් අපල තියෙනවා. පුලු පුලුවං හැටියට ඇවදිං බෝධිපූජා හතක් තියන්ට වෙයි. ඒ වගේම තමයි කොලුවගෙ උපං වෙලාව මවු දෙමව්පියන්ට කරදර වැඩි කරන වෙලාවක්. ... හ්ම්ම්ම්.. හැබැයි ඉතිං අවුරුදු තුනෙං පස්සෙ කොලුවගෙ වාසනාව මුලු පවුලටම වාසනාව ගේන්න තරං බලවත්...”

 “ යංතරයක්වත් දාන්ට වෙයිද අපෙ හාමුදුරුවනේ....”

 

 

“ ඒක හොඳා.... මං යංතරයක් ජීවං කොරලා දෙන්නං... බුදුගුණ බලේට ඔය ඔක්කෝම යටයි..”

 

ඇසිලිනාගේ පැනයට ලොකු හාමුදුරුවෝ පිළිතුරු දෙන්නේ බුදු පිළිමය දෙස ගෞරව පූර්වකව බලමිනි.. 

 

 “ මං යංතරේ ජීවං කොරන්ට පටං ගන්නං එහෙනං.. දවස් හතක් නොකඩවා ඇවිදිං බෝධිපූජා පවත්තන්ට ඕනෑ.. හත්වැනි දවස වෙද්දිං මං යංතරේ ලෑස්තකොරලා දෙන්නං... මේ ඉතිං අපෙ ඇසිලිනා උපාසක අම්මට හාහාපුරා වඩාගන්ට ලැබිච්ච මුණුපුරා නොවැ...”

 

“එහෙමයි අපෙ හාමුදුරුවනේ.....”

.........

 

 

“ මොකද අප්පච්චි... මං දැං ටික දොහක ඉදංම බලාගෙන ... බලාගත්තු අත බලාගෙන කල්පනාව....”

 

“හ්ම්ම්ම්ම්ම්.....”

 

“ හේනට ගියෙත් නැ නෙව....”

 

“ හ්ම්ම්ම්ම්ම්....”

 

“ හ්ම්ම්ම්... මං කහට ඩිංගක් වක්කරංඤංකෝ....”

 

 මානිස්ගෙන් පිළිතුරක් නොවූ තැන කුසුමා ගෙට ගියාය.. කැලේදී අතුරුදහන් වූ සුදු පැහැ මුවා තවමත් මානිස්ගේ සිතෙහි හොල්මන් කරයි.. යාංතන් ඇහැ පියවීන එද්දී සුන්දර අං තට්ටුව ලෙළවමින් දුවන මුවා පසුපස තුවක්කුවද රැගත් තමන් පන්නාගෙන යන ආකාරයත් එක්වරම පසුපස හැරෙන මුවා රකුසු වෙස් ගෙන තමා මතට පනින ආකාරයත් දකිමින් මානිස් සෑම රාත්‍රියකම බිය වී නින්දෙන් ඇහැරෙයි. 

 

“ අනේ මංදා මේ මනුස්සයාට මක් වෙලාද කියලා…. කොහෙදැ ඉතිං කැලෑ ගානෙ ගාටනවා මිසක් මේ නහින දෙහින කාලෙවත් පංසලකට පිංකමකට යනවා කියලයෑ….”

 

 වට්ටියක් වියමින් උන් ඇසිලිනාද නෝක්කාඩුව ආරම්භ කරයි…

 

 “ රෑට රෑට නිංදෙං කෑ ගහගෙන ඇහැරිනවා.. දාවල තිස්සෙ නිකටෙ අත්බැදගෙන කල්පනා කොරනවා. තන්ට බොන්ටවත් ගානක් නැති හැටියක් අප්පා…”

 

“ කට වහගෙන හිටු..”

 

 “ හ්ම්ම්ම්ම්…”

 

 පිල්කඩෙං නැගිටගත් මානිස් අයිවන්ගෙ ගෙවල් පැත්තට පියවර තැබූවෙ කණ්කරච්චලයෙන් බේරී හීං එකාගේ හුරතල් බැලීමේ අටියෙනි…

 

 

-තිස් හත්වැනි මුරයෙන් හමුවෙමු-

 

ඉරේෂා මධුවන්ති

 

 

Read 265 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.