Thursday, 01 February 2018 17:38

ලොට් අංක දෙක -තිස් පස්වැනි මුරය

Written by 
Rate this item
(0 votes)

ඝණ අන්ධකාරය නොතකාම මානිස් මුවාගෙ අඩිපාර දිග ඇවිද ගියේ නිච්චියට උගේ පා සටහන් විපරම් කරමිනි. මදක් තෙතබරිත වූ පස් තට්ටුව තුළ සිහින් කුර සටහන් ඇදී තිබුණේ මානිස්ට තමන් පිටුපස එන්නටැයි අණ කරන්නාක් මෙනි. වීහලුව ගල පසු කරමින් හුළං ගල පැත්තට තිබූ රිල්ල ගාල අසලින් උගේ පා සටහන් අතුරුදහන් වී තිබූ අතර රිල්ල ගාලට මුහුණලා මානිස් කෙලිං කටිං ඉගත්තේ විඩා හැරීමටයි. ස එළිය වැටී පේන තෙක්මානයේ රිල්ල ගාල කිරි පැහැයෙන් නැළවෙයි. තැනින් තැන හිස ඔසවාගත් බිනර නටු හෙට පිපෙන්නට නියමිත කැකුළියන්ට දැනමුතුකම් දෙන්නාක් මෙන් සිය පත් අත්වලින් කැකුළියන් පිරිමදීයි. තම මල් කළඹ ස දෙසටම ඔසවා ගත් හණ පුරක් නිසොල්මනේ ඈත අරණායක ඉසව්ව බලා මහ බරැති කල්පනාවකය.

 

මැට්ටෙන් ඇඹුවාක් වැනි කුඩා බිළිා ඥාණාගේ උණුහුමට ගුලි වී සුවැති නින්දකය. විළි රුදා විද වෙහෙසට පත් ඥාණාටද දෑස් පියැවී තිබුණි. නමුත් කුස්සි යාලත්ත තවමත් නොනින්දේය. සතුටින් ඔද වැඩී සිටින අයිවන් කහට කෝප්පයක් තොල ගාමින් ලිපේ ඇවිලෙන බට පතුරක අුරු කඩා දැම්මේය. පැමිණ සිටියවුන්ටද කහට කෝප්පයකින් සංග්‍රහ කරන්නට අමතක නොකල ඇසිලිනා ඉස්තෝප්පුවට වී විට වඩියකට මුලපුරා ඇති වග ඇගේ කටහඩින්ම තේරෙයි.

 

“දැං ඉතිං අපේ විජේටත් කටයුත්තක් කාරිය ලේස්ති කරන්ට කාලෙ හරි....

“විකාර කියවන් නැතුව ඉන්ට අම්මා...

“ විකාර නෙවෙයි.. නොවෙන දේවල් ගැන හිතුවා ඇති. වෙන දෙයක් බලලා කතා කරන්ට ඕනැ. මං සෝමක්කටත් කියලා තියෙන්නේ...

“ හ්ම්ම්ම්...

විජේපාල පිල් කණ්ඩියෙන් නැගිට මහගේ පැත්තට ඇවිද ගියේ බර කල්පනාවකය.. ඉස් ඉස්සරෝම ඉඩමේ හිටවූ ඇහැළ පැලය මල් දරාගෙන විශාල ගසක්ව විජේපාලට මලකින් දමා ගැසුවේය. කළුවරේම ගෙට ගොඩ වූ විජේපාල බූරු ඇද දිගෑරගෙන හාන්සි විය.

 

“පුතේ හෙට උදේම ගොහිං රත්මල් ටිකක් හොයාගෙන එන්ට ඕනැ. ඒ ගමංම ඉස්කෝලෙ මහත්තැං හම්බෙලා කොලුවට නමකුත් අහගෙනම ආවනං තමා හො. දැං ඔය ඉස්සර වගේ ආවට ගියාට නං තියන්නෙත් නෑ නොවැ...

එවර ඇසිලිනාගෙ ඉලක්කය අයිවන්ය.

“ආ.... අමතක නොකර බෝපෙ ආච්චිලා දිහායිං කොහොඹ කොල මිටකුත් ගේන්ට ඕනැ.... පොඩි එකාවයි කෙල්ලවයි දෙන්නම නාවන්ට එපායෑ..

 

“හ්ම්ම්ම්... උප්පැන්නෙ ලියාගන්ඩ නාවලපිටියෙ කන්තෝරුවටම යන්ට එපායෑ.. පාංදරම ගිහින් ඉස්කෝලෙ මහත්තයැං නමක් අහගෙන යන්ට ඕනෑ....

“ඒක නෙවේ ලොකු පුතේ.. මයෙ අර කූරු කරාඹුදෙක ඇරං ගිහින් පංචායුධයක් හදාන වරෙංකො කොලුවට... සෝමයෙ කරාඹුවකුත් ඇති.. ඉස්ඉස්සෙල්ලම දරු පැටියනොවැ. දෙයි හාංදුරුවන්නෙත් පිහිට ආරස්සාව තියෙන්ට එපායැ....

 

හාඅම්මා….”

 

වැහිවළාවකින් සඳවැසීගියේහිටිවනමයහාත්පසපැතිරැණුරෑහිනාදයනතරවූඅතරඈතින්බස්සෙකුගේවිළාපයපමණක්පරිසරයදෙවනත්කරන්නටවූයේතිගැස්මක්සහිතවයි. වහිංඩවගේ. පිල්කණ්ඩියෙන්නැගිටගත්ඇසිලිනාගෙටවැදීචීත්තයත්උරවටාදවටාගත්තේසීතලහුළඟට තමගතඇල්ලීමටනොහැකිවනආකාරයටයි. ඥාණානින්දෙන්මතමකුඩාපුතුළමැදඋණුසුමටසිරකරගත්තාය. බූරුඇදමතදිගෑදිසිටිවිජේපාලගේදදෑසපියවෙන්නටපටන්ගති..

 

ඔයපොල්කටුදෙකක්ලිපටදාපන්අයියවන්ගිනිකබලක්වත්තියන්ටවෙයිකාමරෙං.. පොඩිඑකාටමේහීතලඋහුලන්ටබෑතාම......

 

-තිස්හයවැනිමුරයෙන්හමුවෙමු-

 

ඉරේෂා මධුවන්ති

Read 291 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.