“ කෝ ඔය දරුවා ගත්තනං මෙහාට”

“ අපේ හාමුදුරුවනේ ”

 කුඩා දරුවා ඔතා තිබූ රෙදිකඩ මදක් එහා මෙහා කළ ලොකු හාමුදුරුවෝ පංචායුධය ගෙලෙහි බඳිමින් පිරිත් සජ්ඣායනා කළේ පින්වත් දෑසින් දරුවා දෙස බලමිනි. කුඩා සුරංජිත් තම බෝල දෑස් නොපියවා සිවුරේ කහ පැහැය දෙස බලා සිටීයි. 

ප‍්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර තුන්ඈදුතු සිනමා නිර්මාණයක් ලෙස තිදෙනෙක් මුල්වරට දුටුවේ ඊයේ සන්ධ්‍යාවේ ය. මේ සිනමාකරුවන් තිදෙනා සිනමාවට එක් කළ සාධනීය නිර්මාණයන් නිසාත් ශ‍්‍රී ලාංකීය සිනමාවේ මානය කොදෙව්වෙන් එහාට පුළුල් කිරීම වෙනුවෙන් කළ මැදිහත් වීම නිසාත් තිදෙනෙක් නැරඹීම සඳහා තරංගනීයේ අසුන්ගත්තේ ප‍්‍රසන්න හැගීමෙනි. යුද්ධය පාදක කරගනිමින් විවිධාරයේ සිනමාත්මක මැදිහත් වීම් සිදු කළ ඇති මේ තිදෙනා මෙවර එක්ව නිර්මාණය කළ ‘තිදෙනෙක්’ උදෙසා ද තේමාව කරගන්නේ යුද්දෙන් පසු දෙමළ සමාජයේ තත්වයන් ත‍්‍රිත්වයකි. සිනමා දැක්ම ආරම්භයට පෙර හඳගම කියූ ලෙසින් ම තවමත් වසා නොමැති යුද්ධ නම් ගිණුම මේ තිදෙනා ම නිිමිත්ත කරගෙන තිබේ.

ඝණ අන්ධකාරය නොතකාම මානිස් මුවාගෙ අඩිපාර දිග ඇවිද ගියේ නිච්චියට උගේ පා සටහන් විපරම් කරමිනි. මදක් තෙතබරිත වූ පස් තට්ටුව තුළ සිහින් කුර සටහන් ඇදී තිබුණේ මානිස්ට තමන් පිටුපස එන්නටැයි අණ කරන්නාක් මෙනි. වීහලුව ගල පසු කරමින් හුළං ගල පැත්තට තිබූ රිල්ල ගාල අසලින් උගේ පා සටහන් අතුරුදහන් වී තිබූ අතර රිල්ල ගාලට මුහුණලා මානිස් කෙලිං කටිං ඉගත්තේ විඩා හැරීමටයි. ස එළිය වැටී පේන තෙක්මානයේ රිල්ල ගාල කිරි පැහැයෙන් නැළවෙයි. තැනින් තැන හිස ඔසවාගත් බිනර නටු හෙට පිපෙන්නට නියමිත කැකුළියන්ට දැනමුතුකම් දෙන්නාක් මෙන් සිය පත් අත්වලින් කැකුළියන් පිරිමදීයි. තම මල් කළඹ ස දෙසටම ඔසවා ගත් හණ පුරක් නිසොල්මනේ ඈත අරණායක ඉසව්ව බලා මහ බරැති කල්පනාවකය.

ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමට ලංකාව සැරසෙන බවට මීට මාස දෙකකට පෙර පුවතක් පළවෙද්දී ඒ ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. අහිංසාවාදී වැඩක් නිසාත් විනෝදාත්මක පුවතක් නිසාත් බොහෝ දෙනකු ඒ ගැන ටිකක් උනන්දුවෙන් ඇස් යොමු කළහ. එහෙත් උත්සවය අවසාන වන විට මැවුණේ වෙනම පුවතකි. ඒ, උත්සව සංවිධානයට පාසල් දරුවන් සහභාගී කරගැනීම සමඟිනි. ලොරියක පටවා තිබූ මීටර 3200 ක දිගින් යුත් ඔසරි පොට දිගහැරුණේ කටුගස්තොට සරත් ඒකනායක ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලයේ පාසල් සිසුවියන් සිය ගණනකගේ අත්ල මතිනි. ගිනස් වාර්තාව පිහිටුවීමේ සිහියෙන් වැඩ කරද්දී දරුවන්ගේ අධ්‍යාපන අයිතියත් නීතියත් අමතකවීමට තරම් බලධාරින් අවසිහියෙන් වැඩ කර තිබුණි. අධ්‍යාපන හා ළමා අයිතිවාසිකම් බලධාරින්ටත් නිලධාරින්ටත් මතක්වෙන්නට පටන්ගත්තේ ජනමාධ්‍ය ප‍්‍රශ්න කිරීම් සමඟිනි. මේ සම්බන්ධයෙන් වගකිව යුතු මට්ටමින් පරීක්ෂණ සිදුවුව ද දැන් වගකිවයුත්තන්ගේ උත්සාහය වී ඇත්තේ කාලයේ වැල්ලෙන් සිද්ධිය යටගසන්නටය. එනිසා මෙවර සත්‍ය ගවේෂණය වෙන්වන්නේ ළමා අයිතිවාසිකම් ඔසරි පොටින් වසා දැමුවෝ කවරහුදැයි නිරාවරණය කරන්නටය.

 

 සඳ එළිය වැටුණු ගස් අතරින් මානිස්ගේ ඇස ගැටුනේ නිල් පැහැයෙන් දිදුලන එළි යුග්මයකි. ගස් අතරින් එබී ඇති එවා වරින් වර නිවි නවී දැල්වෙයි. මානිස් හිටිවනම තවත් හොදින් බැලුවේ ය. පුදුමයකි....!..  ඒ සුදු පැහැ ගත් මුවෙකි. සඳ කිරණ වැටී මුවාගේ සුදු සිරැර කිරෙන් නැහැවී ඇතුවාක් මෙනි. ඌ නොසෙල්වී මානිස් දෙසම බලා සිටියි... දෙපය පවා ගල් ගැසී ගිය මානිස් ඇහිපිල්ලමකුදු නොගසා හිටිවනම සිටියේය. උගේ දෑස නිල්වන්ය. මුළු සිරුරම සුදු පැහැ රෝමයන්ගෙන් වැසී ඇත. දෙතුන් පොළකින් බෙදී ගිය අං යුවල මහත් අභිමානයෙන් සිරස මත රැඳී ඇත. වරින් වර ගස්වල සෙවනැළි උගේ සිරුර මත වැටීමෙන් අපූරු රටාවන් ඇඳී යයි....

මට නොවැම්බර් 13 කවදාවත් අමතක වෙන්නේ නැහැ. විශේෂයෙන් 1989 නොවම්බර් 13 සහ ඊලග අවුරුද්දේ ඒ කියන්නේ 1999 නොවැම්බර් 13. පලමු නොවැම්බර් 13 කියන්නේ එතකොටත් අපි වැඩ කරපු ජනතා විමුක්ති පෙරමුණෙහි ආදරණීය නායක රෝහණ විජේවීර සහෝදරයා පැහැර ගෙන ගොස් මරා දැමීම.