සවස හිරු අවර යන දම් අහස කිති කවමින් මානිස් තැනූ සරුංගලය කුඩා සුරංජිත්ගෙ සිත උද්දාමයට පත් කරමිනි. තවමත් වචන ගැටගසාගත නොහැකිය "තාත්තාත්තාත්තාත්... " යැයි කෑ ගසන සුරංජිත් ඉකිලමින් සිනාසෙයි. නිවසේ සියල්ලන්ටම වඩා සුරංජිත් සමීප වූයේ මානිස්ටය.. ඔහු උපන් දා පටන්ම දුටුවෙ තනි සුදු රැවුල වවාගත් කල්පනාකාරී සීයා කෙනෙකි. ඒ අද්භූත මුවාගේ හමුවීමෙන් අනතුරුව මානිස් නැවත හේනේ පස් පෑගුවේ නැත. දහවල් කාලය පුරාම තම මුණුපුරාගෙ සුරතල් දකිමින් වත්ත පුරා ඇවිදින ඔහු රාත්‍රිය එනු දුටුවේ යක්ෂාවේශයෙනි. කුප්පි ලාම්පු එලිය නිවී යත්ම සිව් දිගින් ඔහු හඹා එන අර දිලිසෙන දෑස මානිස්ගේ නින්ද ගව් දුරට පන්නා දැමීය.. 

කිසිවෙකුගේ ජීවිතයක් විනිශ්චය කිරීමට අපට ඇති අයිතියක් නැත. අන් අයට හානියක් නොවන සේ තමන්ට රිසි ජීවිතයක් ගෙවීම සෑම අයෙක්ටම ඇති අයිතියකි. 

අන් අයෙකුගේ ශුද්ධ අශුද්ධ භාවය ඔවුන් යහන් ගතවන වාර ගණනින් මැනිය නොහැක. එක් අයෙකු හා පමණක් යහන් ගත වනවාද, කීප දෙනෙක් සමඟින් යහන් ගත වනවාද යන්න ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් මිස පොදු දෙයක් නොවේ. 

“ කෝ ඔය දරුවා ගත්තනං මෙහාට”

“ අපේ හාමුදුරුවනේ ”

 කුඩා දරුවා ඔතා තිබූ රෙදිකඩ මදක් එහා මෙහා කළ ලොකු හාමුදුරුවෝ පංචායුධය ගෙලෙහි බඳිමින් පිරිත් සජ්ඣායනා කළේ පින්වත් දෑසින් දරුවා දෙස බලමිනි. කුඩා සුරංජිත් තම බෝල දෑස් නොපියවා සිවුරේ කහ පැහැය දෙස බලා සිටීයි. 

ප‍්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර තුන්ඈදුතු සිනමා නිර්මාණයක් ලෙස තිදෙනෙක් මුල්වරට දුටුවේ ඊයේ සන්ධ්‍යාවේ ය. මේ සිනමාකරුවන් තිදෙනා සිනමාවට එක් කළ සාධනීය නිර්මාණයන් නිසාත් ශ‍්‍රී ලාංකීය සිනමාවේ මානය කොදෙව්වෙන් එහාට පුළුල් කිරීම වෙනුවෙන් කළ මැදිහත් වීම නිසාත් තිදෙනෙක් නැරඹීම සඳහා තරංගනීයේ අසුන්ගත්තේ ප‍්‍රසන්න හැගීමෙනි. යුද්ධය පාදක කරගනිමින් විවිධාරයේ සිනමාත්මක මැදිහත් වීම් සිදු කළ ඇති මේ තිදෙනා මෙවර එක්ව නිර්මාණය කළ ‘තිදෙනෙක්’ උදෙසා ද තේමාව කරගන්නේ යුද්දෙන් පසු දෙමළ සමාජයේ තත්වයන් ත‍්‍රිත්වයකි. සිනමා දැක්ම ආරම්භයට පෙර හඳගම කියූ ලෙසින් ම තවමත් වසා නොමැති යුද්ධ නම් ගිණුම මේ තිදෙනා ම නිිමිත්ත කරගෙන තිබේ.