(උපුටා ගැනීම අඩයාලම පිටුව)
ක්‍රැකටෝවා යනු ඉන්දුනීසියාවට අයත් කුඩා දිවයිනක් වන අතර ජකර්තා නුවර සිට කිලෝ මීටර් 100ක දුරින් පිහිටා තිබේ.1883 අගෝස්තු මස ක්‍රැකටෝවා හෙවත් කරකට්ටු හි දී ඇතිවූ මේ දරුණු විනාශයෙන් මිනිසුන් 360000 කට අධික සංඛ්‍යාවක් මිය ගිය බව වාර්තා වූ අතර වත්මන් ලෝකයේ සිදුවූ දරුණුතම යමහල් විදාරණය මෙය බව පැවසේ.
A /HRC /46/20 හි අඩංගු කරුණු ගැන සරල විශ්ලේෂණයක් කොටස් හතරකින් ලියා දැක්වීමට සිතුවේ එක සටහනකින් දීර්ඝ ලෙස සාකච්චා කරන්නට නොහැකි නිසාය.එම සටහන් මාලාවේ පළමු සටහන මෙයයි.
දහයියාගල අලිමංකඩ හා අභය භූමිය වනසන “ජනපති අලි සමග වලියක්”
Written by editorඋඩවලව ජාතික වනෝද්‍යානයත් බොගහ පටිටය හා සෙරගුණේ වනාන්තරයත් යා කරන දහයියාගල අලි මාංකඩ වගාවන් සදහා නිදහස් කිරීමට මෙි වන විට උත්සහ කරමින් සිටී.
ඒය ගමිමිුන්ගේ ඉල්ලීමක් ලෙස ඉදිරිලපත් කිඍිමට බලාපොරොත්තු වන අතර මෙි ඉඩමි බෙිදා දිම සිදු කරන්නේ පසුගිය මැතිවරණ සමයේ ජන්දය ලබාදුන් අයට සන්තෝසමික් ලෙසය හා ප්‍රදේශයේ ගංජා හෙන් හා ගස් ජාවරමි කරුවන්ගේ අවශ්‍යතාවයට අනුවය.
ආර්ථිකය යනු මිනිසුන් එකිනෙකා හා ගැට ගසා ඇති අදෘශ්‍යමාන හස්තයකි. එය මහා ප්‍රබලත්වයක් ගනී. අද වන විට සකල මිනිස් වර්ගයාගේ ම මිනිස් මනෝභාවයන් හැඩගස්වා ඇත්තේ ආර්ථිකය විසිනි. එහි විශේෂත්වය වන්නේ එය කිසිවෙකුගේ අනුදැනුමෙන් හෝ මෙහෙයවීමෙන් තොරව ක්‍රියාත්මක වීමත් ඊට අනුගතව සිය`ඵ මානව ප්‍රාණීන්ට ම කටයුතු කිරීමට සිදුවීමත් ය. වෙනත් ලෙසකින් කිවහොත් නහය විදීමෙන් නාස් ලණුවක් දමා ගවයා කරත්තයක බැඳ අවශ්‍ය තැනකට ගෙන යා හැක්කේ යම් සේ ද ආර්ථිකය නමැති නාස් ලණුවෙන් මිනිසුන්ව ද කිසියම් දිශාවකට ගෙන යන්නේ ය. දිය මතුපිට වන් ඔරුවක ඉරණම රළ මත තීරණය වන්නා සේ මිනිසාගේ ඉරණම ද ආර්ථිකය මත තීරණය වේ.
මාක්ස්වාදීන් වන අප ආර්ථික ක්‍රියාවලිය වෙනස් කිරීමෙන් හා පාලනය කිරීමෙන් මිනිසාගේ අනාගතය වෙනස් කරගත හැකියි විශ්වාස කරන්නේ මෙනිසා ය. ප්‍රථම කොටම මිනිසුන් මානුෂික විය යුතු ය. එහෙත් අද අප අත්දකින්නේ කුමක් ද? මිනිසුන් කොටසක් මිනිසුන්ගේ ම රුහිරු හලා දමමින් හා පෙලා දමමින් සත්ව චර්යාවන්ටත් වඩා පිරිහුණු තත්වයකි. මු`ඵ මහත් විශ්ව සමාජය පුරා ම ඇත්තේ අනවරත ගැටුම් ය. පළිගැනීම් හා වෛරයේ සුළං සදිසාවෙන් ම ඇදී එයි. ලෝකයේ ආහාර අවශ්‍යතාවය ද ඉක්මවා නිෂ්පාදනයක් අත්පත් කරගෙන තිබිය දීත් දිනකට ලොව පුරා 25000 කට අධික ජනකායක් බඩගින්නේ මියැදෙන්නේ මෙනිසා ය. ¥ෂණ, මංපැහැරීම්, මිනීමැරීම් මෙන්ම ජන ඝාතක යුද්ධ ඇවිලී ඇත්තේ මෙනිසා ය. පීඩිත මානසික ආතතියකින් යුක්ත වූ මිනිස් ප්‍රජාවක් ශේෂ වී ඇත්තේ මෙනිසා ය. ජීවත් වීමට සරිලන රැුකියාවක් නොමැතිව මහම`ග කෝටි සංඛ්‍යාත ජන ප්‍රජාවක් විවිධ උපද්‍රවයන්ට ගොදුරු වන්නේ මෙනිසා ය. ගණිකා වෘත්තියේ යෙදෙන එවැනිම වූ වනිතා පරපුරක් බිහිව ඇත්තේ එනිසා ය. මත්කුඩු, මං පැහැරීම්, කුලී ඝාතක ප්‍රජාවන් බිහිව ඇත්තේ ද එහි ම ප්‍රතිඵලයෙනි. ලෝකයේ පුද්ගලයින් 7 ක ගේ ධනයට ලෝකයේ රටවල් හරි අඩක ආර්ථික වටිනාකම සමාන වී ඇත්තේ මේනිසා ය.
ලෝක ජනගහනයෙන් 20% ක ගේ ආදායම ලොව දුප්පත්ම රටවල ජනයාගේ ආදායම මෙන් 75 ගුණයකටත් වඩා විශාල ව ඇත්තේ ද ලොව ඉහළම ආදායම් ලබන 20% දෙනා ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් 86% ක් භූක්ති විඳින්නේ ද මේ නිසාය. ලොව ලොකුම පොහොසතා වන ඇමරිකානු ජාතික බිල් ගේට්ස්ගේ වාර්ෂික වත්කම දිළිඳු ඇමරිකානුවන් මිලියන 106 ක ගේ නැතහොත් චීනයේ ද.දේ. නිෂ්පාදනය තරම් විශාල වී ඇත්තේ එනිසා ය.
ඉදින් මේසා විශාල ඇති නැති පරතරයක් සමාජයේ පවතිද්දී සමාජය යහපත් වන්නේ කෙසේ ද කුසගින්න, මන්දපෝෂණය, රෝග පීඩා, වසංගතවලින් සමාජය ගැලවෙන්නේ කෙසේ ද?, හොරකම්, මත්ද්‍රව්‍ය, ඝාතනවලින් මිදෙන්නේ කෙසේ ද? දිනෙන් දින උග්‍ර වන ණය බරින් දිළිඳු පුද්ගලයින් ද රටවල් ද ධනවතුන්ගේ හා ධනවත් රටවල්වල වියගහට තබා බැඳෙනවා හැර ඉන් මිදෙන්නේ නැත. වත්මන වන විට ලාංකික අප අත්විඳින්නේ එම කටුක ඉරණමේ කුරිරු අත්දැකීමට ය. එහි ශාපලත් පීඩාවට ය. සහනයක දෑස් දල්වා ආණ්ඩුවකින් ආණ්ඩුවකට මාරු වුව ද කරවටක් ගිලූණු නරකාදියෙන් තවත් ගිලෙනවා විනා මිදීමක් නොමැත්තේ එනිසා ය.
එළඹ ඇත්තේ එය වෙනස් කිරීම සඳහා වූ කාලයකි, වගකීමකිත යුතුකමකි. ඒ සඳහා කැපවීමෙන් තොරව ඵලයක් අත්කර ගත නොහැක. පවත්නා ආර්ථිකය හැදෑරිය යුත්තේ ඒ නිසා ය. ඒ වෙනුවෙනි.
ඉදින් මේ ආර්ථිකය වෙනස් කළ යුතු නොවෙන්නේ ද? එය වෙනස් කළ යුතු ය. වෙනස් කළ හැකි ය. උත්තුංග සැබෑ මානවවාදී සමාජයක්, සැම දෙනාම සතුටින් සිටිය හැකි සමාජයක් බිහි කරගත හැක්කේ එමගින් පමණි. ඒ සඳහා ආර්ථිකයේ සැබෑ මූලයන් හා එහි හැසිරීම් හොඳින් ග්‍රහණය කරගත යුතු ය. ඒ පිළිබඳව මහා පරිශ්‍රමයක් සිය ජීවිත කාලයෙන් වසර 40 ට වඩා දරමින් කැප කිරීමක් කළ විශ්ව මානව පේ‍්‍රමියා කාල් මාර්ක්ස් ය. එහිලා පෙඞ්ඩි්රක් එංගල්ස් ද සම තැනක් ගත් අතර වී. අයි. ලෙනින් විසින් ද කොටස් පූර්ණය කරන ලදී. ඉඳින් මේ වෑයම් ගන්නේ එහි මූලික හරය පිළිබඳ අත ගෑමට ය. ඒ සඳහා ඔබේ ආශීර්වාදය පතමු.
මිනිසා සහ සමාජය
මිනිසුන් තනිව ජීවත් නොවෙයි. ඔවුන් ජාති, කුල, ආගම්, පවුල් ලෙස බෙදුන ද ජීවත් වන්නේ එකට ය. එය සමාජයයි. සමාජය තුළ එකිනෙකා අතර මිල දී ගැනීම් සිදුවේ. එය හුවමාරුවයි. හුවමාරු වන දෑ හුවමාරු භාණ්ඩ නම් වේ. එවිට සමාජයක් තුළ වන මෙම හුවමාරු ක්‍රියාවලිය ආර්ථික ක්‍රියාවලිය ලෙස හැඳින්වේ. එම හුවමාරු වන සමාජය ආර්ථිකය ලෙස නම් වේ.
ආර්ථිකයක ඇති කුඩා ම ශෛලය (ඒකකය* වන්නේ හුවමාරු භාණ්ඩයයි. භාණ්ඩයක් නිපදවන්නේ ගෘහයක, ආයතනයක හෝ ගොවි බිමක ය. ඒ සඳහා මිනිසුන් දහඩිය වගුරා වෙහෙසවිය යුතු ය. මෙම වෙහෙසවීම ශ්‍රමය ලෙස හැඳින්වේ. එවිට කිසියම් භාණ්ඩයක් තුළ එය නිපදවීම සඳහා වැයකළ ශ්‍රම ප්‍රමාණය අන්තර්ගත වේ.
කිසියම් ශ්‍රම ප්‍රමාණයක් නිපදවීම සඳහා ආහාර, විදුලිය, තාක්ෂණය, අධ්‍යාපනය, සනීපාරක්ෂාව ආදී වශයෙන් වන ද්‍රව්‍ය අවශ්‍ය වේ. එනම් ඒ සඳහා වියදමක් දැරිය යුතු ය. එය ශ්‍රම ප්‍රමාණයේ වියදම වන අතර එය භාණ්ඩයක් නිපදවීම සඳහා දැරිය යුතු වේ. එවිට භාණ්ඩයේ මිල වනුයේ,
භාණ්ඩයේ මිල = අමුද්‍රව්‍ය වියදම + ශ්‍රම ප්‍රමාණයේ වියදම වේ.
ආදි කල්පිත ප්‍රථම මිනිස් සාමූහිකය (සමාජය* තුළ හුවමාරුවක් සිදු නොවූ තරම් ය. එක් එක් මිනිස් සාමූහිකයන් තමනට අවශ්‍ය දේ තමන්ම නිපදවා ගති. අවශ්‍යතා බෙහෙවින් සීමා සහිත වීමත් ඒවා බොහොමයක් සොබා දහමෙන් ලබා ගැනීමෙන් ඊට හේතු විය. එහෙත් සමාජය වඩා සංකීර්ණවත්ම මිනිස් අවශ්‍යතා පළල් වී ගිය අතර, ඒවා තනි සමාජයකට සපුරා ගැනීම දුෂ්කර විය. ධීවරයින් මා`ඵ ඇල්ලීමටත්, ගොවියන් වගා කිරීමටත් කුඹල්කරුවන් වලං සෑදීමටත් වඩුවන් ලී බඩු සෑදීමටත් ආදී වශයෙන් සමාජය තුළ ක්ෂේත්රයන් බෙදී යන ලදි. මෙවිට කිසියම් මිනිස් අවශ්‍යතාවයක් පූර්ණ කර ගැනීම සඳහා මෙකී ක්ෂේත්රවල නිෂ්පාදන ඒකරාශී විය යුතු විය. ආදි කල්පිත සමාජය තුළ භාණ්ඩ හුවමාරුව උපත ලද්දේ ඒ අයුරිනි. එනම් භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු වීමයි. උදා : ලෙස ගතහොත් ගොවියා සහල් දී වළං හා මා`ඵ ලබා ගත්තා සේ ධීවරයා මා`ඵ දී වලං හා සහල් ලබා ගන්නා ලදි.
භාණ්ඩ හුවවාරුව අතිශය දුෂ්කර වූවක් විය. එමෙන් ම හිරිහැරදායක විය. උදාහරණයකින් කිවහොත් වලං සාදන්නකුට හැ¥ වලං ටිකත් රැුගෙන ගොවියකු ළ`ගටත් ධීවරයකු ළ`ගටත් යාමට සිදුවිය. එපමණකින් ගනුදෙනුව සිදුවූයේ නැත. ගොවියාට හා ධීවරයාට වලං අවශ්‍ය වී තිබිය යුතු විය. එසේ ම අනාරක්ෂිත ද විය. ඒ සඳහා විශාල කාලයක් හා ශ්‍රමයක් මිඩංගු කිරීමට ද සිදුවිය. මේ නිසා මිනිසුන් ඊට පිළිතුරක් සෙවීමේ නිතර වන ලදී.
භාණ්ඩ හුවමාරුව අතරට මුදල් පැමිණෙනුයේ මේ ගැට`ඵවට පිළිතුරක් පරිද්දෙනි. එනම් මුදල් යනු පොදු භාණ්ඩයකි. අතරමැදි භාණ්ඩයකි. එවිට ගනුදෙනුව සිදුවන්නේ,
කාගේත් පිළිගැනීමට හා පහසුවෙන් ගෙන යා හැකි දෙයක් මුලදී මුදල් ලෙස භාවිතා කරන ලදී. මුල් කාලයේ දී සිප්පි කටු වැනි දෑ යොදා ගත්ත ද පසුව රත්ත්රං වැනි දුර්ලභ දෙයක් යොදා ගන්නා ලදී. පසු කාලයේ දී රාජ්‍ය මුද්‍රාව මේ සඳහා එක්වීමෙන් එහි නෛතික හැඩයක් ගන්නා ලදි.
මුදල්වල පැමිණීම මිනිසුන්ගේ කටයුතු පහසු කළා පමණක් නොව එය සමාජය පංතිවලට ද බෙදා දමන ලදි. එනම් මුදල් ඒකරාශී කර ගැනීමෙන් ධනවතුන් ද, මුදල් අහිමි වීමෙන් දුප්පතුන් ද ලෙස සමාජය බෙදා දමන ලදී.
- දේවක
මිනිස් ඉතිහාසයේ මෙතෙක් පසුකර යා නොහැකිවූ අද්විතීය දාර්ශනිකයා ...
Written by editorඒංගල්ස්ගෙ පවුල පෞද්ගලික දේපල හා රජය ඇතිවූ හැටි කෘතියෙන් විශ්ලේෂණය කෙරෙන පෞද්ගලික දේපලහි සම්භවය මත තමා මාක්ස්ගෙ ප්රාග්ධනය ආර්ථික විශ්ලේෂණය දිගහැරෙන්නෙ.
"ප්රාග්ධනය" සහ පවුල පෞද්ගලික දේපල හා රජය ඇතිවූ හැටි යනකෘතින් ගහට පොත්ත සේ පොත්තට ගහසේ අන්තර් පරායක්තයි..
වාම දහරාවේම අපගමනයක් ලෙස මෑත බාගයේදී කරලියට නැගුනු විවිධ මනෝවිශ්ලේෂන ගුරුකුලයන් විසින් ගෙනහැර දක්වන ඒංගල්ට මග හැරුනායැයි කියන ආත්ම මූලික සංකල්පද ඒංගල්ස්ගෙ කෘති තුල (ලංකාවේදී අපට හමුනොවූ )පුළුල් ඉගැන්වීම්මය.
භූ දේශපාලනිකව මහා අධිරාජ්‍යයන් නිර්මාණය වීමේ බෞතික පාදම නිශ්පාදන බලවේග තුල සිදුවන නව ජවයකින් යුතු පිමිය..
ඉතිහාසය පුරාම එකී අධිරාජ්‍යයන් පිහිටවූ මහා ඇලෙක්සැන්ඩර්ල ආතර්ලා වැනි අධිරාජයන් ස්වකීය අධිරාජ්‍යයන් ගොඩනැගුවෙ නිශ්පාදන බලවේග වල නියමයන් පිළිබඳ සවිඥ්ඥානිකව නොවේ. මහා අධිරාජ්‍යයන් පිහිටුවීම සඳහා ඔවුන්ව පෙලඹවූයේ ඔවුන්ගේ බලය පිළිබඳ අනුරාගික ආත්මමූලික කාරනාවන්ය.
ඒංගල්ස් බොහෝතැන්වල මේ සම්බන්දව සවිස්තරාත්මකව කරුනු ගෙනහැර දක්වල තියෙනව.
මනෝවිශ්ලේෂන ගුරුකුල විසින් ඒංගල්ස් ගෙන හැර දක්වපු අනාගත කොමියුනිස්ට් සමජාය හඳුන්වන්නෙ බෞතිකවාදීන්ගෙ ස්වර්ගය විදියට.
ඒ කියන්නෙ කොමිනිස්ට් සමාජය යනු වර්තමානයේ දුෂ්කර ජීවන කොන්දේසීත් සමඟ කටුක ජීවිත ගතකරන කම්කරු ප්‍රජාව සිතින් මවාගත් පැන්ටසියක් පමණයි යනුවෙන්.
ඇත්තෙන්ම ලෝක ඉතිහාසයේ ජයලැබූ සෑම ශ්‍රෙෂ්ඨ අරගලයක්ම මහා සොයාගැනීමක්ම මුලින්ම පුත්ගලයෙක්ගේ හෝ කිහිපදෙනකුගේ සිතේ ඇතිවෙන සිහිනයක් වගේ දෙයක් තමා.පසුව මහ පොලොවෙ යතාර්ථයක් වෙන්නෙ.
පැන්ටසි අහසෙන් කඩා වැටෙන්නෙ නෑ ප්‍රායෝගික ලෝකයෙන්ම තමා පැනනගින්නෙ..
මිනිස් සිත්හී අඳුරු ගූඩ තැන් බොහෝයි..
ඒවායේ ඇතුලට වැද තව තවත් ඇතුලට යාම අඳුරු අත්භූත ගුහාවන් තුලට වැද ආතල් ගන්න මනෝවිකාරයක් මිස ගැඹුරු දේශපාලන කාරනාවක් නොවේය යන්නයි මගේ අදහස.
මනෝවිශ්ලේෂනය වෛද්‍ය විද්‍යාවට බාරදීලා ප්‍රායෝගික දේශපාලනය කරනවානම් මනෝවිශ්ලේෂන සායනවලින් එලියට ආයුතුයැයි මම තව දුරටත් අදහස් කරනව.
- ප්‍රියශාන්ත රාජපක්ෂ
අරගලයේ අපරාජිත සටන්කරු "නිෂ්මි"
යහපත් හෙට දවසක් වෙනුවෙන්ද, නිවැරදි දැක්මක් සහිත වූ සමාජවාදී සමාජයක් ඇතිකිරීමේ අභිප්‍රායෙන් එදා 89 අරගලය තුලදී තම තරුණ ශක්තිය දහඩියෙන් ලෙයින් කැපකල පරම්පරාවකගේ කථාව තුල අපගේ මෙම ලිපිපෙළේ කථානායකයාවන "නිෂ්මි" පිලිබඳව එදා ඔහු සමග එක්ව වැඩකල අපගේ ඔහුගැන මතකය මෙසේ අවදිකිරීමට ගන්නා උත්සාහයේදී මෙය හුදෙක් "නිෂ්මි" පිළිබඳ කථාවමත් නොවන අතර මෙය එදා ඔහුසමග උරෙන් උර ගැටී වැඩකල ජීවිත කුසුම අරගලය වෙනුවෙන් පුදාහල ලෙනෝරලාගේ,පියසිරිලාගේ,මාරසිංහලාගේ,මහානාමලාගේ, බාලෙලාගේ,වෙනුරලාගේ, බන්දුලලාගේ කථාවද වියහැක. එසේම මෙකී නම්වලින් පරිභාහිරව අපගේ හදවත් තුල නම්වලින් පවා මතකයන් නොතබාම ගිය සියළු සොයුරු සොයුරියන්ගේ කථාවද වියහැක. එබැවින් ඒ සියළු සොයුරු සොයුරියන් ගැනමත් අපගේ හදවත්වල ගැඹුරු මතකයන් යලි මෙනෙහි කරමිනුත් මේ අරගලයේ අපරාජිත සටන්කරු "නිෂ්මි" යන ලිපිමාලාව ලිවීමට "සහෘද සාමුහිකය" හැටියට අප අදහස් කලෙමු.
එසේම මේ ලිපිමාලාව "නිෂ්මි" ගේ එදා පෙන්නූ නායකත්ව හැකියාව උත්කර්ෂවත් කර ඔහු හුදු වීරයකු කිරීමට නොව, එකී සන්දර්භය තුල ඔහුගේ පැවැත්මේ කොන්දේසි (conditions of existence) තුලදී ඔහු එකී සුවිසල් නායකත්ව භූමිකාවකට සේන්දුවූයේ කිසියම්මවූ යාන්ත්‍රික ආකාරයකින්ද, එසේත් නැත්නම් ඔහුගේ භූමිකාව මතුවීම යම්කිසි ද්විඝඨනාත්මක සංන්සිද්ධීන්ගේ අහඹු හෝ අනිවාරණීය ප්‍රතිපලයක් දැයි විමසීම වෙන කාටවත් නැතුවද අද දවසේ ශිෂ්‍ය පරම්පරාවට වැදගත් වනු ඇත. වෙනත් සරල ආකාරයකින් විස්තර කරතොත්, පළමු වසරේදී අතිශය සාමාන්‍ය ශිෂ්‍යයෙකුව ඉඳ, ඊලඟ අවුරුදු කීපය තුල මෙතරම් පළල් දැක්මක් සහ සංවිධාන ශක්තියක් පෙන්නුම් කලේ කෙසේද ? ඔහු ඒ තැනට ඔහුට ඉහලින් සිටි "පියසිරි මහත්තයා" ඇතුලු පිරිස ඔහුව ඇදගෙන පැමිනියේද, නැතහොත් ඔහුට ඔහුගේ ඉහල නායකත්ව වලල්ළේ පසුවූ සිසු නායකයන් වුනු රංජිදන්,වෙනුර,බාලේ,සේන මච්චාගම යන අයගේ යම්කිසි ආභාශයන් ඔහුට බලපෑවේද ? එසේත් නැත්නම් එම හැකියාව ඔහුගේම ස්වයංව පැමිනි ඔහුටම උරුමවූ (inherited ) හැකියාවක්ද ? එසේත් නොමැතිනම් එදා පැවති සංදර්භය තුල ඇතිවතිබූ වාස්ථවික තත්වයන් ඔහුගේ භූමිකාවට බලපෑවේද යන්න පිළිබඳව අප විමර්ශනාත්මකව බැලිය යුතුය. ඒ අන්කිසිවක් නිසා නොව ශිෂ්‍ය ව්‍යාපාරයේ ඊලඟ පරම්පරා වලින් බිහිවන්නාවූ නායකයනටත්, ක්රියාධරයනටත් "නිෂ්මි" පිලිබඳ මෙවන් විශ්ලේෂණයක් ඔවුන්ගේ භාවිතාවන් වලටද උචිතකර ගැනීමට එය මහත් පිටිවහලක් විය හැකිය.එසේම තවත් අතකින් "නිෂ්මි" ප්රමුඛ එද දිවිදුන් මුලුමහත් ශිෂ්‍ය නායකයින්, ක්‍රියාධරයින් වෙතට පුදකරන ගෞරවයක්ද වනුඇති බවට අපි "සහෘද සාමුහිකය" වෙනුවෙන් විශ්වාස කරන්නෙමු.
මෙම ලිපිපෙළ අප "89 සහෝදරත්වය" ඉදිරියට ගෙනයාමේ එක් ධනාත්මක පියවරක් ලෙස අප සහෝදර පිරිසක් විසින් පිහිටුවාගන්නා ලද "සහෘද සාමුහිකය" දේශපාලන සංවිධානය මගින් එළිදක්වනු ලබන මෙම "පවුර" විද්‍යුත් සඟරාවේ ලිපිපෙළක් ලෙස පලවන අතරම, "89 අරගලයට" දායකත්වය සැපයූ, එමෙන්ම නිෂ්මි ඉතාම ලඟින් ඇසුරුකල, වත්මන් කාලයේ ලේඛකයකු ලෙස කටයුතු කරන මහින්ද සෙනරත් සොයුරා විසින් මීට කලකට පෙර ලියන ලද"නිෂ්මි" නමින් ලියාපලකරන ලද ග්‍රන්ථයේ සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තනයන් කොටස් වශයෙන් මෙහි පලකිරීමට නියමිතය...
ශ්‍රී ලාංකික සමාජවාදී විප්ලවය ෆැන්ටසියක්ද, යථාර්තයක්ද ?
Written by editor1952 දී වාමාංශික ව්‍යාපාරය ප්රමුඛ කරගෙන පවත්වන ලද ප්‍රභල "හර්තාල්" ව්‍යාපාරය මගින්ද, 1971 දී සහ 1989 දී ජ.වි.පෙ මූලිකත්වයෙන් සිදුකරන ලද විප්ලවකාරී කැරළි 2 ක් මගින්ද ශ්‍රී ලංකා භූමි තලයේ කම්කරු අධිපතිත්වය සහිත රාජ්‍යයක් පිහිටුවීමේ ආසන්න උත්සාහයන් කීපයක් ඇතිවූබව අප දනිමු.මේවා පරාජයෙන් කෙලවර වූවද, ඒවායේ ධනාත්මක සාධක අද දක්වාම සමාජයේ බල පවත්වන බවද රහසක් නොවේ.මීට අමතරව "80 වැඩවර්ජය"ද ලාංකික දේශපාලනය තුල තවත් එක් ආකාරයකින් වැඩකරන පංතිය, මෙම පාලක "හෙජමොනික"බලය (හෙජමොනික බලය යනු පාලක පංතිය විසින් පීඩිත ජනතාව මත නඩත්තුකරගෙන යන, ඔවුන්ගේ කැමැත්ත මත හෝ බලහත්කාරය මත හොබවන බලයයි) දරන්නාවූ පාලක පංතියට එල්ලකල බලවත් පහරක් (resistance ) වූවද, ඒ ක්‍රියාමාර්ගය තුල එක් දිශානතියකට වූ සම්ප්‍රයුක්ත බලයක් නොවූයෙන් මුලින් දැක්වූ ඓතිහාසික පැනනැගීම් තුන අද දක්වාම ලාංකීය සමාජය තුල සමාජවාදී ආකෘතියක පිහිටා හෝ ඒ මත පදනම්වූ ප්‍රභල ගනයේ ක්‍රියාන්විත වූ බවනම් සැබෑවකි.
එහෙත් තවත් එක් විශේෂිත ලක්ශනයක් ලෙස ගෙනහැර දැක්විය හැක්කේ ඉහත පැනනැගුනු කිසිදු අරගලයකදීවත් ජාත්‍යාන්තර ප්‍රජාවගේ හෝ ජාත්‍යාන්තර වාමාංශික ව්‍යාපාරවල හෝ කිසියම්ම වූ සාධනීය පිටුවහලක් ඒවාට නොලැබී යාමයි.
මානව හිමිකම් උල්ලංඝනය වීම් කරණකොටගෙන විදේශ මානව හිමිකම් ආයතන මගින් ඇතිවූ යම් ප්‍රමාණයක තෙරපුම ඇරෙන්නට ඒ අරගල හුදෙක් රටතුලටම සීමාවූ ආකාරයේ ඒවා විය.එපමනක් නොව, 70 දශකයෙන් ඉක්බිතිව ලොව පුරාමත් ඇතිවූ විප්ලවකාරී ව්‍යාපාරවල අරගල ජයග්‍රාහීව අවසන්වූ ඒවා නොවීය.ලතින් ඇමරිකානු කලාපයේ ඇතිවූ සැන්ඩනිස්ටා ව්‍යාපාරය (Sandinista Movement), ෆරබුන්ඩෝ මාර්ටි ව්‍යාපාරය (Farabundo Marti Movement), චිලියෙහි අයන්ඩේගේ උත්සාහය, කම්පුචියා හි බල අරගලය, ආදි මෙකී නොකී සියල්ලමත් මහා ආශ්වාදජනක ලෙසත්, ලොවපුරා වාම ක්රියාධාරීන්ටත් උත්තේජනයක් ඇතිවිය හැකි ලෙසකටවත් අවසන්වූ ඒවා නොවීය. ඇත්ත වශයෙන්ම කියුබාවේදී කස්ත්‍රෝ-ගෙවාරා ප්‍රමුක විප්ලවවාදීන් ලොවපුරා වාම ක්‍රියාධරයිනට අත්කරදුන් සුවිසල් ප්‍රායෝගික නිදර්ශනයත්, වියට්නාමයේ ඇමරිකන් හමුදා පලවාහැර වියට්නාමය තුල ඇතිකල යම් සමාජවාදී රාමුවක පිහිටවූ පාලණ ක්‍රමයත් පමනක්ම මේ දක්වා ලොවපුරා 50 දශකයෙන් පසු ඇතිවූ වඩාත්ම ධනාත්මක පෙරලි වේ.
මේ තත්වය ලංකාවේ දේශපාලනය තුලදී විග්රහ කරනවිටදී, ලංකාව තුල 1935 වකවානුව තුල සිට මේ දක්වා වාමාංශික ක්‍රියාකාරිත්වය ගත්විට ආරම්භයේදී ඊට තිබූ විභවයන් අදවනවිට ක්ෂයවීයන ආකාරයක් හොදින් දෘශ්‍යමාන වනබව අප සැඟවියයුතු නොවේ. මේ සඳහා බලපාන්නාවූ විවිධ සාධක ජාත්‍යාන්තරවත් ඇතිමුත් ලංකාවතුල අදපවා අපසතුව ඇති මනා පලපුරුදු වාමාංශික ක්‍රියාධරයින් ප්‍රමාණය සැලකූවිට ඊට සමානකලහැකි වෙනත් ආසියාතික රටක් සොයාගැනීම උගහට බැව් මාගේ හැඟීමයි.පරාජයවුනු අරගල දෙකකට දායකත්වය දුන් වාමාංශික ක්‍රියාධරයන් අතිවිශාල ප්රමාණයකගේ දායකත්වය සහ ඔවුන්ගේ අත්දැකීම් සම්භාරය හරිහැටි මේ දක්වා එක්තැන්කරගැනීමට අපොහොසත්කමද, පවතින්නාවූ වමේ පක්ශ සහ ඒවායේ ක්‍රියාධරයින් තම තමන් නියෝජනය කරන්නාවූ තමන්ගේ පක්ශවලටම කොටුවී අනෙක් වාමාංශික පක්ශවල ක්‍රියාධරයින් තම "අනෙකා" ලෙස සිතීමටත්, ඒ අනුව ඔවු නොවුන් එකිනෙකා කෙරෙහි විරුද්ධාභාසයෙන් ක්‍රියාත්මක වීමට පටන්ගැනීමත්, ජාත්‍යාන්තර වාමවාදී දියුණු ක්‍රියාමාර්ග වෙනුවට රටතුලටම කොටුවූ ජාතික ක්‍රියාමාර්ගවල ගිලීසිටීමත්, ඊලඟ ඓතිහාසික නිශ්පාදන ක්‍රමය ඉදිරියට ගෙනඒම වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට පවතින ක්රමයේ තාවකාලික ඒජන්තයන් වන අවුරුදු 5න් 5 ට පත්වන ආන්ඩු සමග තම ඇරියස් යවාගැනීමට හැප්පීමත් යන මේදක්වාම සාධනීය ප්‍රතිඵල අත්නොවුනු දේවලම නැවත නැවතත් යෙදීසිටීමත් යන කාරණා මෙසේ ලාංකීය වාම ව්‍යාපාරය ක්‍රමයෙන් ක්ශයවීමට කෙලින්ම අභිමුකවන කාරනා ලෙස අප හඳුනාගත යුතුය.
ඊට අමතරවද, ලංකාව වැනි පරිධියේ ඇති රටවල මුල්බැස ඇති සංස්කෘතික පසුගාමී ලක්ෂන වාම ව්‍යාපාරයන්ටද කාන්දුවීම ලංකාව වැනි රටවල ධනේශ්වර ක්‍රමය වර්ධනය වීම වෙනුවට උත්තරාරෝපිත අවවර්ධිත ධනේශ්වර ක්‍රමයක් ආරෝපිත වීම සහ එහි ප්‍රතිපලයක් ලෙස දියුනු කම්කරු පංතියක් මතුවීම වෙනුවට දුගීකරණය ආදේශිත වීම, වැනි වෙනත් කරුනුද ඉහත හේතූන් වෙනුවට කෙනෙකුට දැක්විය හැකිය.......
(2වන කොටස ලබන සතියේ)
- KAYA.