Event

Event (32)

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුව මගින් සංවිධානය කරන ‘දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල’ මෙවරත් දෙසැම්බර් 15 දින ප.ව 2.00 ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පහරදී ආචාරධර්ම සෙවීම මාධ්‍ය නිදහසද ? මැයෙන් විවෘත සංවාදයක් බ්‍රහස්පතින්දා (15) දහවල් 12 ට නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම සංවාදය සංවිධානය කරයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන සල්ලි ගහයි හෝඩි පොතයි මැයෙන් වන අධ්‍යාපනය විකුණා දැමීට එරෙහි විද්වත් සභාව එළඹෙන 09 වන දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගරයේදී පෙ.ව. 10.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් නිදහස් කර ගැනීම සදහා වූ පා ගමනක් එළඹෙන 11 වන දින මරදාණ දුම්රිය පොල අභියසින් ආරම්භ වන බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා උද්ඝෝෂකයෝ සදහන් කොට සිටී. එදින පවස්වරු 2.30 මෙම පාගමන ආරම්භ කිරීමට නියමිත බව ද සදහන් වේ. 

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඩයි‘ චිත්‍රපටය, අදහස් ප්‍රකාශනයේ අයිතියට මතු වී ඇති බාධා සහ අධිකරණ ක්ෂේත්‍රයේ පරිහානිය සම්බන්ධයෙන් ‘උසාවිය නිහඩයි - නිද්‍රාවෙන් ඇහැරෙන්න‘ යන තේමාව යටතේ පැවැත්වෙන විද්වත් සංවාදයක් සහ විවෘත කතිකාවතක් ඔක්තෝබර් 11 වැනි දින කොළඹ, මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

මාධ්‍ය වේදී තරිදු ජයවර්ධන විසින් ප්‍රසම්පාදිත ජන අරගලයක දිය සලකුණ රතුපස්වල  නම් කෘතිය එළිදැක්වීම එළඹෙන  13 වන දින කොළඹ මහජන පුස්තකාල  ශ්‍රවණාගාරයේදී සිදුකිරිමට කටයුතු යොදා ඇති බව තරිදු ජයවර්ධන පවුර වෙත පැවසීය.

Page 2 of 3