editor

editor

රට තුල ඇතිව තිබෙන කලහකාර් තත්වය පාලනය කිරීමටත්, නීතිය හා සාමය ස්ථාපිත කිරීම සදහාත් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව දින 10ක කාලයක් සදහා හදිසි නීති තත්වයක් ප‍්‍රකාශයට පත් කර ඇත.

හෙළ කලා කෙත පෝෂණය කරන්නට මහත් මෙහෙවරක් ඉටු කළ සාහිත්‍යධරයෙකු වූ ඇරැව්වල නන්දිමිත්‍රයන් දැයෙන් සමුගෙන ඇත.

1939 ජුනි මස පස් වන දින උපත ලැබූ ඒ මහතා කෙටි කතාකරුවෙකු ලෙස සාහිත්‍ය ක්‍ෂේත්‍රයට එක්වූයේ හැටේ දශකයේ අග භාගයේ දීයි. ඒ කය මිස සිත නැති දන කෘතිය එළිදක්වමින්. අනතුරුව ඒ මහතා නවකතා රැසක් ද සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයට දායාද කළා. පියවතී සහ ඇගේ පුත්තු, ජීවිතයේ කොටස්කාරයෝ, මල්දෙණියේ සිමියොං, මම ඔබ සිඹිමි, පද්මාවතී, ජීවිතය සුන්දරය, මිහිසරණ, කඳුලක් සිනාසෙයි වැනි කෘති එම නවකතා අතර වනවා. රෝස මලේ රේණු හැලේ, සුදු කොඩි, ස්ත්‍රී, පුංචි කුමාරි හාමි, රත්තරං නෙළුම් මල්, සුද්දෝ සහ කොයින් මැණිකේ ඇතුලු සම්භාවනීය කෙටි කතා සංග්‍රහ රැසක් ද ඇරැව්විල නන්දිමිත්‍රයන් එළිදක්වා තිබෙනවා. ඇරැව්වල නන්දිමිත්‍රයන්ගේ කෘති පාදක කර ගනිමින් සෙක්කුගෙදර, වතුර මල, ජීවිතය සුන්දරයි වැනි ටෙලි නාට්‍ය නිෂ්පාදනය කෙරුණා. ස්ත්‍රී, මල්දෙණියේ සිමියොන් වැනි  චිත්‍රපටවලට පාදක වී ඇත්තේ ඔහු විසින් රචිත සාහිත්‍ය කෘතියි. නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු,යොවුන් සාහිත්‍යකරුවෙකු මෙන්ම ළමා සාහිත්‍ය නිර්මාණකරුවෙකු වශයෙන් ඒ මහතා සුවිශාල කීර්තියක් හිමිකරගෙන සිටියා. ඇරැව්වල නන්දිමිත්‍රයන් රචනා කළ සාහිත්‍ය නිර්මාණ වෙනුවෙන් රාජ්‍ය, ස්වර්ණ පද්ම, විද්‍යෝදය, ගොඩගේ ඇතුළු සාහිත්‍ය සම්මාන රැසක් හිමි වුණා. ප්‍රබන්ධ සාහිත්‍ය කලාවේ නව ශෛලීන් සහ රීතීන් රැසක් හදුන්වා දුන් නන්දිමිත්‍රයන් යථාර්තවාදී රීතියෙන් නිර්මාණකරණයේ යෙදීමට වැඩි රුචිකත්වයක් දැක්වූ සාහිත්‍යකරුවෙක්. ඇරැව්වල නන්දිමිත්‍රයන් විවිධ සමාජ විෂයන් සිය නිර්මාණවලට පාදක කර ගත් අතර විචාරකයන්ගේ නොමද පැසසුමට ලක් වූ සාහිත්‍ය කරුවෙක්. නන්දිමිත්‍ර මහතා  දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඒ මහතා කලක් රෝගාතුරව සිටි අතර අභාවප්‍රාප්ත වන විට හැත්තෑ නව වන වියේ පසු වූණා. ඇරැව්වල නන්දිමිත්‍ර  මහතාගේ දේහය ඇරැව්වල පන්නිපිටිය සිය නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා පස්වරු 6 ට ඇරැව්වල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

“ කෝ ඔය දරුවා ගත්තනං මෙහාට”

“ අපේ හාමුදුරුවනේ ”

 කුඩා දරුවා ඔතා තිබූ රෙදිකඩ මදක් එහා මෙහා කළ ලොකු හාමුදුරුවෝ පංචායුධය ගෙලෙහි බඳිමින් පිරිත් සජ්ඣායනා කළේ පින්වත් දෑසින් දරුවා දෙස බලමිනි. කුඩා සුරංජිත් තම බෝල දෑස් නොපියවා සිවුරේ කහ පැහැය දෙස බලා සිටීයි.