editor

editor

රාජපක්ෂවරුන් විසින් පසුගිය පාලන සමයේදී නොයෙක් ආකාරයෙන් ගොඩ ගසා ගත් ධනයෙන් ගොඩනැගූ දේපල මේ වනවිට මූළ්‍ය අපරාධයන්ගෙන් බේරීම සදහා තම සමීපතමයන් වෙත බලයෙන් පවරා දෙමින් සිටින බවට තොරතුරු හෙළි වෙමින් පවතී .මෙසේ  බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය රජය සමයේ ඉදිකරවන ලද නිවාස හා ගොඩනැගිලි රැසක අයිතිය පසුව වෙනත් පුද්ගලයන් වෙත පවරා ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය විසින් කරන ලද අනාවරණය කොට ගෙන ඇත. 

මහින්ද රාජපක්ෂ කේන්ද්‍ර කොටගත් ඒකාබද්ධ විපක්ෂයේ බලය බිද දැමීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ නායකත්වය සදහා ගෝඨාභය රාජපක්ෂ යොදගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරමින් සිටී.

අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත් බවට සැකපිට උසාවියට ඉදිරිපත් කළ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමටත් ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ (2) නියෝග කළ බවට ප්‍රවෘත්ති පළ වුවත් එම කොන්දේසි සැපරීමකින් තොරව ඔහු මුදා හැර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.