editor

editor

වර්තමාන කවිය මෘදු මානසික තැවුලක්ද ?

වර්තමාන කවිය මෘදු මානසික තැවුලක්ද කියා ඔබ අහද්දි මට මෙහෙම ප්‍රශ්න දෙකක් අහන්න හිතෙනවා.
කවිය මුදු මානසික තැවුලක් වීම පුදුමයක් ද?
වර්තමාන කවිය මුදු මානසික තැවුලක් වීම වැරැද්දක් ද?
අප ජීවත් වන සමාජ වටපිටාවෙන් ගලවලා අරගෙන කවිය විග්‍රහ කරන්න අයිතියක් අපට නෑ. මේ මොහොතේ ලියවෙන කවිය විග්‍රහ කරගන්න රිසි ඕනෑම කෙනෙකුට මේ සමාජයත් විග්‍රහ කරගන්න වෙනවා. අවවර්ධිත ධනේශ්වර ක්‍රමයක අහිතකර ප්‍රතිවිපාක රාශියකිනුත් සිංහල බෞද්ධ ග්‍රාම්‍ය අසංස්කෘතිකත්වයකිනුත් ජරාජීර්ණ වූ සමාජයක් මේක. ධනවාදය විසින් අගනගරයේ කුණු කඳු ගොඩ ගහනකොට අර කියන අසංස්කෘතිකත්වය විසින් මේ ඉල්ලා සිටින මිලේච්ඡත්වයක් නිර්මාණය කරනවා. කුණු කඳු කඩා වැටිලා මීතොටමුල්ලෙ දි මිනිස්සු මැරෙනකොට අසංස්කෘතිකත්වයේ නාමයෙන් තෙල්දෙණියේ මිනිස්සු මැරෙනවා. ඉතිං මෙන්න මේ වගේ සමාජයක පය ගහගෙන කවි ලියන කවියෙකුට මේ අර්බුද මගහැර යන්න බෑ. ඉතිං හැමවිටම අර්බුදයක් විසින් ජනිත කරන්නෙ තැවුල් හා වියවුල්. ඒ තැවුල හා වියවුල කවිය තුළින් ප්‍රකාශයට පත් වීම ස්වභාවිකයි. එය පුදුමයක් හෝ ප්‍රතික්ෂේප කළ හැකි තත්වයක් නොවේ.

අප ජීවත්වන්නේ මානව ඉතිහාසයේ ඉතාමත් අදුරුතම අවදියකය. මිනිස් ජාන වල සිට පානිය ජලය ද සෞඛ්‍ය සහ අධ්‍යාපනය දක්වා වූ සියල්ල ප්‍රාග්ධනය විසින් ඉතා බරපතල අන්දමින් යටත්කර ඇත. ධනේෂ්වර ප්‍රාග්ධනය විසින් මෙහයවනු ලබන ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ප්‍රමුක බටහිර අදිරාජ්‍යයවාදී පිලිවෙතට එකඟ නොවෙන රාජ්‍යයන්හි ඉරණම තීන්දු කිරීම වෙනුවෙන් මොවුන් සියලු දෙනාම එකම පෙලකට සැරසී බිහිසුනු යුද්දයකට සූදානම් වෙමින් සිටී. ඇමරිකාව ඇතුළු මෙම බටහිර ගැති බාවයෙන් මිදී තරමක් හෝ නිදහස් රාජ්‍යයන් ලෙස ක්‍රියාත්මක වීමට උත්සාහ දරන බොහෝ රටවලට එරෙහිව යුදමය තත්වයන් ඇතිකරලීමේ බිහිසුනු කුමන්ත්‍රණ සිදු වෙමින් පවතී. අද සිරියාවෙත් , වෙනේසුලාවෙත්, උතුරු කොරියාව සහ කියුබාවෙත් අපි දිනපතා දකින්නෙමු.

නොනවතින සුරතාන්තයට දේශපාලන වාජීකරණයක්

ලංකාවේ වාමාංශයටත් ලිබරල් සිවිල් සමාජයටත් කලා සංස්කෘතික සමාජයටත් නොහැකි වූ ‘නව ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය’ විය හැකියාවක් කිරීම උරගා බලන ‘අවතාරය’ සඟරාව ජනගත කිරීම,  සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම 2018 මාර්තු 27 (අඟහරුවාදා) කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.