
editor
ෆිදෙස් කස්ත්‍රෝගේ පුත්‍රයා මිය යයි
කියුබානු විප්ලවවාදී නායක හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රොගේ පුත් වන ඩයැං බාලාර්ට් සිය දිවි හානි කර ගැනීමකින් මිය ගොස් ඇති බව වාර්තා පළ විය. කියුබානු රාජ්‍ය මාධ්‍ය මේ බව සනාථ කිරීමෙන් අනතුරුව බටහිර මාධ්‍යයද එය වාර්තා කර තිබිණි.
කවිය තවමත් සමාජ අවියක්ද?
සරල ම පිළිතුර නම් ‘ඔව්’. දැන් ඔයා අහන්න පුළුවන් ‘ඒ කොහොමද?’ කියල. කවිය නමැති සාහිත්‍යය මාධ්‍යය මිනිස් ජිවිතයේ සියලු මාන ස්පර්ෂ කරන්න පුළුවන් මාධ්‍යයක්. අන්න එතනදි ‘විප්ලවය’ නමැති ක්‍රියාවට වුනත් ‘කවිය අවියක්’ විදියට භාවිතා කරන්න පුළුවන්. සරල දේශපාලන කාර්යකට වුනත් ‘කවිය අවියක්’ ලෙස පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ නිසා ම තමයි පාලකයෝ කවියන්ට බිය වෙන්නෙ.
ලොට් අංක දෙක -තිස් පස්වැනි මුරය
ඝණ අන්ධකාරය නොතකාම මානිස් මුවාගෙ අඩිපාර දිග ඇවිද ගියේ නිච්චියට උගේ පා සටහන් විපරම් කරමිනි. මදක් තෙතබරිත වූ පස් තට්ටුව තුළ සිහින් කුර සටහන් ඇදී තිබුණේ මානිස්ට තමන් පිටුපස එන්නටැයි අණ කරන්නාක් මෙනි. වීහලුව ගල පසු කරමින් හුළං ගල පැත්තට තිබූ රිල්ල ගාල අසලින් උගේ පා සටහන් අතුරුදහන් වී තිබූ අතර රිල්ල ගාලට මුහුණලා මානිස් කෙලිං කටිං ඉඳගත්තේ විඩා හැරීමටයි. සඳ එළිය වැටී පේන තෙක්මානයේ රිල්ල ගාල කිරි පැහැයෙන් නැළවෙයි. තැනින් තැන හිස ඔසවාගත් බිනර නටු හෙට පිපෙන්නට නියමිත කැකුළියන්ට දැනමුතුකම් දෙන්නාක් මෙන් සිය පත් අත්වලින් කැකුළියන් පිරිමදීයි. තම මල් කළඹ සඳ දෙසටම ඔසවා ගත් හණ පඳුරක් නිසොල්මනේ ඈත අරණායක ඉසව්ව බලා මහ බරැති කල්පනාවකය.