editor

editor

 ජා ඇල ප්‍රදේශයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ මුලිකත්වයෙන් ඊයේ(12) දින එජාපයේ රැස්වීමක් පැවැත්වූ අතර  මේ සඳහා එජාපයේ ප්‍රභල සාමාජිකයන් කැඳවා තිබුනද ජා ඇල ප්‍රදේශයේ සංවිධායක වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා හට ආරාධනා නොකොට තිබුණි. ජෝෂප් මහතාගෙන් ගිලිහෙන ආසන සංවිධායක ධුරය කාවින්ද මහතා ලබා ගැනීමේ යටි අරමුණකින් කටයුතු කරන අතර  මේ සඳහා ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරයෙකුගේද  සහාය ද නොඅඩුව ලැබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ පවුලේ පිරිස් අරමුණු කොටගෙන මඩ හා අවලාද පතුරුවා හැරිමට නව වෙබ් අඩවි පහක් හා ෆේස් බුක් සමාජ ජාල පිටු විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බවට වාර්තාවේ.

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පියන් විසින් පවත්වනු ලබන මාරාන්තික උප වාසය අද (06) කොළඹදී ආරම්භ කෙරිණි.