Friday, 25 August 2017 18:12

tell me why......

Written by 
Rate this item
(0 votes)

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසංගික කලා අධ්‍යයනාංශයේ සිනමා විෂය හදාරනු ලබන සිව්වන වසර විද්‍යාර්ථයන් විසින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර ඇත.

 

“tell me why” නැමැති එම කෙටි චිත්‍රපටය 2017 අගෝස්තු මස 28 වන දින ප.ව 5.00 ට කොළඹ විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතී ශාලාවේදී තිරගත කිරීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.

 

ජී බී සේනානායකයන් ගේ පළිගැනීම කෙටිකතා සංග්‍රහයේ එන පළිගැනීම කෙටිකතාව ඇසුරෙන් නිර්මාණය කරන ලද එම කතා පුවත චරිත තුනක් වටා ගෙතුණු අභ්‍යන්තර මිනිස් හැඟීම් පිළිබඳ දිවෙන්නකි. මෙහි කතා නායකයා දක්ෂ චිත්‍ර ශිල්පියකු වන අතර ඔහු විසින් අඳින ලද සිතුවමක් මෙම චිත්‍රපටයේ කතා පුවතට පාදක වී තිබේ.

Read 97 times Last modified on Friday, 25 August 2017 18:49

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.