Monday, 15 May 2017 01:47

OPPO එක්ක Group Selfie  

Written by 
Rate this item
(0 votes)

2017 මැයි 09. කොළඹ:  Group Selfie  සම්ප‍්‍රදාය තවදුරටත් ප‍්‍රචලිත කිරීම සඳහා Selfie Expert F3  නමින් නව දුරකථනයක් හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. Selfie Expert  දුරකථන පෙළේ මෑතකදී දියත් කළ ත්‍3 දුරකථනයට පමණක් දෙවැනි වන මෙය රු. 49,990 කට මිල නියම කර තිබේ. 

 

සෙල්ෆී ඡායාරූප සඳහා 16MP කැමරාවක් සහ සමූහ සෙල්ෆී හෙවත් Group Selfie  සඳහා පුළුල් කෝණ කැමරාවක් වශයෙන් ඉදිරිපස කැමරා දෙකක් මෙම නව දුරකථනයේ අඩංගු ය. ශ‍්‍රී ලංකාව තුළ මෙය අලෙවි කිරීම එළඹෙන මැයි 13 වනදා ආරම්භ වේ. 

 

''OPPO යනු කවදත් පාරිභෝගිකයන් මූලිකත්වයෙහි ලා සැලකු සමාගමක්. ඔවුන්ට ඉහළම තලයේ නිෂ්පාදන හා සේවාවන් සැපයීම සඳහා අප ගන්නා උත්සාහය සාර්ථක වී ඇති බව ඔවුන්ගෙන් අප වෙත ලැබෙන උණුසුම් ප‍්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා සදාතන මතකයන් බවට පත්කිරීම සඳහා OPPO දුරකථනවල ඇති සුවිශේෂී කැමරාවලින් ලැබෙන දායකත්වය ගැන ඔවුන් බෙහෙවී පැහැදී සිටින බව කියන්නට පුළුවන්. නව Selfie Expert F3  දුරකථනයත් සමග OPPO නාමය රට තුළ තවත් ජනප‍්‍රිය වනු ඇති බවට සැකයක් නැහැ.” OPPO Sri Lanka  හි ප‍්‍රධාන විධායක නිලධාරී ටොම් (Tom Zou)  මහතා පැවසී ය. 

 

 

ද්විත්ව සෙල්ෆි කැමරා- සෙල්ෆි සහ ගෘප් සෙල්ෆි ඡායාරූප වලට කැමරා දෙකක්

Double View Group Selfie Camera  නිසා සාමාන්‍ය සෙල්ෆි කැමරාවක් මෙන් දෙගුණයක පරාසයක් කැමරාවට හසුකර ගත හැකි වේ. 6ඡු කාචය සහිත කැමරාවට ඉතාමත් උසස් තත්ත්වයේ ඡායාරූප ලබාදීමේ හැකියාව පවතී. එම නිසා අන් කවරදාටත් වඩා සුපැහැදිලි, විශිෂ්ට සමූහ සෙල්ෆි ලබාගත හැකි වේ. 

 

තනි සෙල්ෆි සඳහා 16MP, අඟල් 1/3 සෙන්සරය සහ F/2.0  විශාල කැමරා විවරය සහිත අනෙක් කැමරාව භාවිතා කළ හැක. එයද ඉතාමත් විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාදෙන කැමරාවක් වන අතර, පෙර ත්‍1 මාදිලිවලට වඩා වැඩිදියුණු කිරීම් රාශියක්ද සිදුකර තිබේ. අධික ආලෝකයක් ඇති තැන්වල ඡුායාරූප ගැනීමේදී වඩාත් තාත්වික ලෙස ඡායාරූප ගැනීමේ හැකියාව එය සතු ය. එමෙන්ම අඩු ආලෝකයක් ඇති තැන්වලදී එය වඩාත් පැහැදිලි ඡායාරූප ලබාදෙයි. 

 

දුරකථනයේ ඇතුළත් Smart Facial Recognition  විශේෂාංගය නිසා තුන්දෙනෙකුට වැඩි පිරිසක් ඡායාරූපයට පෙනී සිටින විට එය ස්වයංක‍්‍රීයවම 'Group Selfie'  ක‍්‍රමයට මාරු වේ. එක් අතකින් ඡායාරූපය ලබාගැනීමේදී පවා කැමරාව ස්ථායී ලෙස තබාගනිමින් ඡායාරූප ලබාගැනීමටද එය උපකාරී වෙයි. 

 

අඟල් 1/3 සෙන්සරයක් සහිත 13MP පසුපස කැමරාවක්ද OPPO F3  හි ඇතුළත් වී ඇත. ආලෝක සංවේදීතාව වැඩිකරමින් රාත‍්‍රී කාලයේ වඩාත් විශිෂ්ට ඡායාරූප ලබාදීමේ හැකියාව එය සතු ය. චලනය වන දේවල් පවා පහසුවෙන් ඡායාරූපයට නැගීමේ හැකියාව එයට ඇත. 

 

ඉදිරිපස කැමරා දෙක සහ පසුපස කැමරා සඳහා OPPO හි පුරෝගාමී Beautify 4.0 ඡායාරූප සංස්කරණ මෘදුකාංගය භාවිතා කළ හැක. තමන් ගන්නා ඡායාරූප වඩාත් අලංකාර කිරීම සඳහා විවිධ ක‍්‍රම භාවිතා කිරීමේ අවස්ථාව එමගින් පාරිභෝගිකයන් හට උදා වේ. 

මීට අමතරව දුර සිට ස්වයංක‍්‍රීයව සෙල්ෆි ඡායාරූප ගැනීමේ හැකියාව ලබාදෙනPalm Shutter වැනි විශේෂාංග රාශියක්ද මෙහි ඇතුළත් වී ඇත. 

 

එදිනෙදා භාවිතයේදී විශිෂ්ට ක‍්‍රියාකාරීත්වයක් 

Octa-core processor, 4 GB RAM iy 64 GB ROM සහ (ColorOS 3.0 සහිත) වැනි අංග රාශියක් ත්‍3 දුරකථනයේ විශිෂ්ට ක‍්‍රියාකාරීත්වයට දායක වෙයි. ත‍්‍රිත්ව කාඞ්පත් රඳවනය නිසා නැනෝ සිම් දෙකක් සහ MicroSD කාඞ්පතක් එකවර භාවිතා කළ හැක. 

 

200mAh බැටරිය නිසා වඩාත් දිගු කථා කාලයක් හිමිවන අතර, සැබෑ භාවිතයට සමාන ලෙස කරන ලද පරීක්ෂණ වලදී එය පැය 15 ක් ලෙස වාර්තා විය. එම නිසා සංචාරයේ යෙදෙන අතරතුර බරැති අතිරේක බැටරි රැගෙන යාමේ අවශ්‍යතාව මතු නොවේ.  

 

ආරක්ෂාව පිළිබඳවද විශේෂ අවධානයක් සහිතව නිර්මාණය කර ඇති මෙම දුරකථනයට ඇඟිලි සලකුණු හඳුනාගැනීමේ අතිනවීන ක‍්‍රමවේදයක්ද යොදා ඇත. මේ මගින් දුරකථනයේ හිමිකරුට ඉතා පහසුවෙන් දුරකථනයට පිවිසිය හැක. ජලයෙන් බලපෑමක් නොවන විශේෂ ආවරණයක් සහිතව සකසා ඇති මෙය. ඇඟිලි තෙත්ව තිබියදා පවා ඇඟිලි සලකුණු නිවැරදිව හඳුනා ගනී. 

 

අලංකාර නිමාව 

අඟල් 5.5 ක ප‍්‍රමාණයේ සිහින් නිමාවකින් යුත් Selfie Expert F3  අත්ල මත රඳවා ගැනීම ඉතාමත් පහසුව. එහි ලෝහමය ආවරණය දුහුවිලි නොරඳන ලෙස සකසා තිබේ. ඉතාමත් දැකුම්කළු ලෙස මෙහි සෑම අංගයක්ම පාහේ සැලසුම් කර තිබීම විශේෂත්වයකි. In-cell  තාක්ෂණය සහිත FHD in-cell තිරය සාමාන්‍ය තිර ඝනත්වය 1/4 ප‍්‍රමාණයකින් අඩු කරන අතර සුපැහැදිලි හා විශිෂ්ට දර්ශන ලබාදෙයි. එම නිසා හිරු එළියේ පවා ඉතාමත් පැහැදිලි ලෙස තිරය භාවිතා කළ හැක. 

 

වර්ණ රැස සහ තරගකාරී මිල 

Gold, Rose Gold  සහ Black යන වර්ණ වලින් ත්‍3 දුරකථන ලබාගත හැක. රු. 49,990 කට මිල කර ඇති මෙහි Gold වර්ණ දුරකථන 2017 මැයි 13 සිට අලෙවිසල්වලින් හා අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි වේ. ත්‍3 ඨදකා සඳහා පෙර-ඇණවුම් භාරගැනීම මැයි 05 දින සිට මැයි 13 දින දක්වා සිදුකෙරෙනු ඇත. 

 

OPPO පිළිබඳව 

OPPO යනු ලොව ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික නිෂ්පාදන වෙළඳ නාමයකි. නිර්මාණශීලීත්වය සහ නවීනතම තාක්ෂණය කැටිවුණු නිර්මාණ නිපදවන එය එම නිෂ්පාදන ඇමරිකාව, අප‍්‍රිකාව, යුරෝපය,  ඕෂනියාව සහ ආසියාව වැනි කලාපවල බෙදාහරී. තමන් විසින්ම තම නිෂ්පාදන සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම සහ ප‍්‍රවර්ධනය කිරීම සිදුකරන ධඡුඡුධ සමාගම සෑම විටම සිය පාරිභෝගිකයන්ට සුවිශේෂී හා විශිෂ්ටතම නිෂ්පාදන තිළිණ කිරීම සඳහා කැපවී සිටී. 

 

2004 වර්ෂයේදී ආරම්භ වූ ධඡුඡුධ එහි නිර්මාණශීලී බව සහ විශිෂ්ටත්වය හඹා යාම වැනි කරුණු නිසා වෙළඳපොළ තුළ වේගයෙන් ජනප‍්‍රිය විය. පාරිභෝගිකයන් ගේ අවශ්‍යතා සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ, සුවිශේෂී විශේෂාංග හා ගුණාංග රැසක් සෑම OPPO නිෂ්පාදනයකම ඇතුළත් වේ. 2008 වසරේදී ජංගම දුරකථන වෙළඳපොළට පිවිසුණුOPPO ඉන් වසරකට පසුව ජාත්‍යන්තර වෙළඳපොළ වෙතද ව්‍යාප්ත විය. 2015 වසර අවසානය වනවිට OPPO සන්නාමය රටවල් 140 ක ලියාපදිංචි වී තිබුණු අතර, එම ජංගම දුරකථන රටවල් 20 කදී (සහ අන්තර්ජාලය හරහා තවත් රටවල්  50 කදී මිලදීගත හැකි වේ. 

 

OPPO නිෂ්පාදන ජංගම දුරකථනවලට පමණක් සීමා නොවේ. මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවලට විශිෂ්ට තලයේ Blu-ray  ප්ලේයර් හඳුන්වා දීමටද OPPO කටයුතු කර ඇත. 

 

Read 166 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.