Monday, 30 January 2017 15:21

උන්මාද සඳ" - අනුරපුරයේදී 

Written by 
Rate this item
(0 votes)

ප්‍රවීන සංගීතවේදී අමරසිරි පීරිස්ගේ සුභාවිත ගීතාවලෝකනය

පෙබරවාරි 11 ප.ව.3:00 ට සහ 6:30 ට 

අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා රංග ශාලාවේදී පැවැත්වේ.

 

අසංගි විජේසූරිය විසින් රචිත, ශාස්ත්‍රපති ආශා විජයන්ති වීරසිංහ විසින් සංගීතය සහ තනු නිර්මාණය කළ ,අමරසිරි පීරිස් මහතාගේ නවතම වීඩියෝ රූපරාමු සහිත ගීතය වන "උන්මාද සඳ" එළිදැක්වීම මෙහිදී සිදුවන අතර අමරසිරි පීරිස් මහතාගේ ගීත 25 ක් සමඟ දිගහැරෙන, ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම ප්‍රවීන සංගීතවේදී නාලක අංජන කුමාරගෙනි.කථනය ප්‍රවීන මාධ්‍යවේදී වසන්ත රෝහණගෙනි.

 

රජරට ප්‍රදේශය පාදක කරගනිමින් සුවිශේෂී සෞන්දර්‍ය අංග සහිතව ප්‍රවීන කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන මෙම ප්‍රසංගය එදා මෙදාතුර ප්‍රසංග වේදිකාව තුළ පැවති ප්‍රසංගයන්ගෙන් ඔබ්බට යමින් වෙනස් සහ නැවුම් සෞන්දර්‍යාත්මක ඒකාත්මිකබවකට ඔබව රැගෙන යන ප්‍රසංගයක් වනු ඇත. 

 

ෆේස්බුක් සහ අනෙකුත් සමාජ ජාලා වෙබ් අඩවි තුළ සුවිශේෂ සනිටුහනක් තැබූ " හරිත අගෝස්තු" සමාජ සත්කාරක මිතුරු හවුල විසින් සමාජ සත්කාර සඳහා ආධාර පිණිස පවත්වන මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර අනුරාධපුර නගරයේ පොත් සල් සහ වෙළඳසල් වලින්ද, බොරැල්ල සදීපා පොත් සලෙන්ද ලබාගත හැක.

 

ප්‍රසංගය සංවිධානය ෆීනික්ස් ක්‍රියේෂන්ස් සහ හරිත අගෝස්තු මිතුරු හවුල වෙනුවෙන් අසංගි (078-75 71 729) සහ ෆර්ෂාන් (078-9776602) සිදු කරනු ලබයි.

 

Read 379 times Last modified on Monday, 30 January 2017 17:01

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.