Wednesday, 14 December 2016 17:22

පහරදී ආචාරධර්ම සෙවීම මාධ්‍ය නිදහසද ?' විවෘත සංවාදය

Written by 
Rate this item
(0 votes)

පහරදී ආචාරධර්ම සෙවීම මාධ්‍ය නිදහසද ? මැයෙන් විවෘත සංවාදයක් බ්‍රහස්පතින්දා (15) දහවල් 12 ට නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම සංවාදය සංවිධානය කරයි.

 මෙම විවෘත සංවාදයේදී හම්බන්තොට පහරදීම, එම සිදුවීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මෙන්ම මාධ්‍ය ආචාරධර්ම ගැන ද සාකච්ඡා කිරීමට නියමිතය. මාධ්‍ය සංවිධාන ප්‍රධානීන්, පොලිසියේ හා නාවික හමුදාවේ නියෝජනයක් සමග ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරියට ද මේ සඳහා ඇරැයුම් කර තිබේ. 

 

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මෙම විවෘත සංවාදය සඳහා සියලු දෙනාට ඇරයුම් කර සිටිමු.

Read 321 times Last modified on Wednesday, 14 December 2016 17:26

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.