ඔබට පුරවැසි භාවය ලැබේයැයි විශ්වාස කරනවාද 

අවුරුද්දකුත් මාසෙකට පස්සෙ ආපහු සාමාන්‍ය ජනයා සමග දේශපාලන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා කියලා හිතනවා. නමුත් තවමත් මගේ දේශපාලන අයිතිය හා පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නයට විසදුමක් නෑ. වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව කෙටි කාලයකට තාවකාලික වීසා බලපත්‍රයක් දීලා තියෙනවා. ඒ අනුව තමයි පුරවැසිභාවය වෙනුවෙන් වැඩකටයුතු කරන්න වෙන්නෙ.

* ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය වන ප්‍රථම වාණිජ වාර්තා චිත්‍රපටය. මේ හරහා වාර්තා සිනමාකරණයට නැවත අත්තටු ලැබෙනවා කිව්වොත් ඔබ ඊට එකඟ වෙනවද?

 

බලන්න, එතනදී පවා අපට පර්යේෂණය අමතක වෙනවා. උසාවිය නිහඬයි චිත්‍රපටය වික්ටර් අයිවන්ගේ පර්යේෂණයක ප්‍රතිඵලයක්. මෙතැනදී ප්‍රසන්නගේ නිර්භය මැදිහත් වීම ගැන මම සතුටු වෙනවා. නිර්භය කියලා කිව්වෙ පාලන තන්ත්‍රයට බිය වීම ගැන නෙවෙයි. නිර්මාණකාරයෙක් විදියට මේ වගේ මැදිහත් වීමක් ප්‍රජාව වෙනුවෙන් කිරීමට බිය නොවීම. සමහර විට මේ පර්යේෂණය සිදු නොවන්න චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරයෙන් පිළිනොගන්න ඉඩ තිබුණා. මේ වැඩේ ලංකාවේ භාවාත්මක නිර්මාණයක් කරනවට වඩා අවදානම් සහගත වැඩක්. ඒ නිසා පරිණාමීය සංස්කෘතික විකාශයක් නැති ලංකාව වගේ රටක, තටු ගිලිහී යාමටත් ගත වෙන්නෙත් ඉතා සුළු කාලයක්.

 සංගීතය ගැන ඔබට තියෙන්නේ මොන වගේ හැගීමක් ද...?

මට ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. සංගීතය කියන්නෙ මගේ ජීවිතේ වගේ. මං කොහොමත් සංගීත නිර්මාණ අහන්න දකින්න හැමදාමත් වගේ ප‍්‍රිය කරනවා. පුංචි කාලෙ ඉදලම සංගීතයට ඇළුම් කලා. පුංචි කාලෙදි නම් සංගීතය කියලා හදුනා ගත්තෙ ගීතය විතරයි. හැබැයි දැනුම් තේරුම් ඇති කාලෙ ඉදන් ලංකාවෙ, ලෝකයේ විශිෂ්ඨ ගණයේ ගායන වාදන අහන්න පුරුදු වුණා. වෙනස් වෙනස් මාදිලියේ සංගීත ශෛලීන් රසවිදින්න පුරුදු වුණා. ජන ගී හෝ රාගධාරී සංගීතය විිතරක් නෙවෙයි.  සංගීතය භාවනාවක් වගේ දෙයක්. සංගීත නිර්මාණ රසවිදින්නත්  ඕනෙම කෙනෙක්ට ප‍්‍රියතාවක් , කැමැත්තක් තියෙන්න  ඕනෙ. අදත් මං එදාටත් වැඩිය

ඔබ ද දායකත්වය දක්වා කවි ගීත ලියා ඔසවා තැබූ යහපාලනය මේකද ?

මම හිතන්නෙ, ඔතන යහපාලනය කියන වචනය එන්න ඕන ඉන්වටඩ් කමා ඇතුළේ. රාජපක්ෂ ආණ්ඩුව නරුම ඒකාධිපතීත්වයක් කරා යනකොට, පුද්ගලයන් හැටියට - මතක තබාගන්න දේශපාලන ව්‍යාපාරයක් හැටියට නොවේ - පුද්ගලයන් හැටියට - ඒ ඒකාධිපතීත්වයට එරෙහි පුද්ගලයන් හැටියට කුමක් කළ යුතුද කියනප්‍රශ්නය අප හමුවට ආවා. රාජපක්ෂ රෙජිමයට එරෙහිව අපි ලිව්වා. ඒ වාමාංශික අදහසකින්. 2015 ජනාධිපතිවරණය ආවා. ඒ මොහොතේ රාජපක්ෂ රෙජීමය වාමාංශික කණ්ඩායමක් හරහා - වාමාංශික ව්‍යාපාරය හරහා පරාජය කළ හැකිව තිබුනා නම් මම ඉන්නෙ එතැන. ඒත් පෞද්ගලික ගණන් හැදීම ඇතුළෙ මට එහෙම ඉසව්වක් පෙනුනෙ නැහැ. හැබැයි වමේ ඇතැම් පක්ෂ යාන්ත්‍රණයන් එක්ක නිල නොවන ගනුදෙනුවක් මට නොතිබුනාමත් නෙවෙයි. කොහොම වුනත් ෙමෙත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට ගීතයක් නිර්මාණය කරන්නය කියන යෝජනාව ආව. ඒ අනුව තමයි මම `රටකට ඕනෑ අපමණ අගයක්` ලියන්නේ. ඒක ප්‍රශස්තියක් නෙවේ. ප්‍රශස්ති කියන්නේ බලයේ සිටින පාලකයන් සතුටු කරන්න ඔවුන්ගේ ගුණ වනා ලියන ගීත. මම ලිව්වේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයට ගීතයක්. එතකොට ඒක ලියන්නෙ පරදින්න නෙවේ දිනන්නනේ. ඒ අනුව එහි එන යෙදුම් උපමා රූපක අලංකාර සියල්ල එකී සන්දර්භයට යටත්. කසුන් කල්හාර ඒක සංගීතවත් කළා මම වගේම සතපහක්වත් නොගෙන. රයිට්. දැන් ඔබ අහනවා `

`කවි ගීත ලියා ඔසවා තැබූ යහපාලනය මේකද`` කියලා. මගේ උත්තරය මේකයි. නිශ්චිත සටනකදී නිශ්චිත අවියක් භාවිතා කළ බව ඇත්ත. ඒත් සටන් බිම පිළිබඳව - සටන් කරුවන්ගේ හැකියාවන් සීමාවන් පිළිබඳව - සටන් සඳහා සහාය දක්වන දෙස් විදෙස් මැදිහත්කරුවන්ගේ අභිලාෂයන් පිළිබඳව - කිසිත් නොදැන බමන මතින් නෙවෙයි මගේ මැදිහත්වීම් කළේ. සටන්වල සත්‍යය අවසන් වී ව්‍යාජය ඇරඹෙන තැන කොතැනද කියා පෙනුනා. පේනවා. දැනගෙන හිටියා හම්බවෙන්නෙ පොඩි ඉන්ටවල් එකක් විතරයි කියලා. හැබැයි මතක තියාගන්න ඒක අත්‍යාවශ්‍ය ඉන්ටවල් එකක්. ඉතින් සමස්ත දේශපාලන සටන වගේම `රටකට ඕනෑ අපමණ අගයක්` තේමාවත් තවම විවෘතයි.

78 ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් ලෙස ඇතුළත් කර තිබෙන්නේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පමණයි. නමුත් ලෝකය මූලික මිනිස් අයිතිවාසිකම්වලට අදාළව ඊට එහා ගමනක් ගිහින් තියෙනවා. රටට නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් වන කතා බහ තුළ මේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම්වලින් එහා ගිය මූලික අයිතිවාසිකම් වෙත යා යුතුව ඇති බවට යෝජනා වෙනවා. අපි එතැනින් මේ කතා බහ ආරම්භ කරමු?

කවිය කොපමණ හැගීම්බර කියවීමක්ද ? 

ඇස් පියා ගත්තත් හැම මොහොතකම කවි සිතුවිලි මනසේ පෙරළි කරන කවි/කිවිඳියන් සිටිනව ..එහෙව් මනසක් මෙහෙයවන පන්හිඳකින් ලියැවෙන දේ කොපමන හැඟීම්බර විය හැකිද යන්න ඔවුන්ගේ නිර්මාණ පිළිබිඹු කරනව ..මේ කොට්ඨාශයට අදාළ නොවෙන ආයාසයෙන් කවි ලියන උදවියත් ඉන්නව..'හිතට වැදුනෙ නෑ..දැනුනෙ නෑ' කියල අපි කියන්නෙ ඒ වගෙ කවි ! ඉතින් කවිය අතීශය හැඟුම්බර වගෙම නොවෙන අවස්තාවන් ඒ .

වතුර ගැන වූ ලෝක ඉතිහාසයේ සටන් අතර රතුපස්වලට හිමිවන තැන ගැන ඔබ කවරාකාර පැහැදිලි කිරීමක්ද කරන්නේ ? 

වතුර කියන්නේ මිනිසාගේ මූලික අවශ්යතාවක්. රතුපස්වල සටන මුලින්ම අරෙඹෙන්නේ වතුර මුල්කරගෙන නොවුනත් වසර කිහිපියක ඇවෑමෙන් මෙය වතුර පිළිබඳ සටනක් බවට පත් වෙනවා. 1994 වසරේ රතුපස්වල  රබර් අත්වැසුම් කම්හලක් ස්ථාපිත කිරීමෙන් පසු ශබ්දය සම්බන්ධයෙන් සහ දුම සම්බන්ධයෙන් ගැටළු මතු වුණා. කාලයක් යද්දි ගමේ පිරිස් ලෙඩ වෙන්න පටන් ගන්නවා.  වකුගඩු රෝග හැදෙනවා. මේ හැම අවස්ථාවකදිම වාගේ වෛද්යවරුන් කියා තිබුණේ වතුර ප්රශ්නයක් ඇති කියලයි. කම්හල නිසා වතුර අපිරිසිදු වුණ බවට ගම්වාසීන් මූලික නිගමනයක් ඇති කර ගත්තේ එම කම්හලෙන් ජලය බාහිර පරිසරයට මුදා හරින බව තහවුරු කර ගැනීමෙන් පසුවයි. දශක දෙකක සටනේ අවසන් දශකයේ ගම්වාසීන් සටන් කළේ පිරිසිදු වතුර ඉල්ලලයි. සටනේ කූටප්රාප්තියේදී පිරිසිදු වතුර ඉල්ලූ උද්ඝෝෂණයට ශ්රී ලංකා යුද හමුදාව ලවා වෙඩි තබා තිදෙනකු ඝාතනය කළා. විශාල පිරිසක් තුවාල වුණා. හැබැයි වෙඩි උණ්ඩයට බය නොවුණ රතුපස්වල ජනතාව දිගටම සටන් කළා. බොන්න වතුර ඉල්ලුවාම වෙඩි තියපු ඉතිහාසයක් ඇති රටක් වෙන තියෙනවද?

ඔබ ”රැජින” නව කතාවට තේමා කර ගන්නේ කවර සමාජ පසුබිමක්ද?

 

රැජිනට පසුබිම් වෙන්නේ ක‍්‍රිථපූථ 47 මෙරට ප‍්‍රථම මහ රැජින ලෙස රාජ්‍යත්වයට පත් අනුලා රැජිනගේ කතාව. ඒ කියන්නේ අදින් වසර 2063 කට පෙර අනුරාධපුර රාජධානියට අයත් අතීතය

 

නවකතාවක් ලියන්න ඔබ පෙලඹෙන්නේ කොහොමද?

 

නවකතාව ලියන සිතිවිල්ල තමා ප්‍රධානම දේ. ඒත් එක්කම චරිතයක් හිත තුළ වර්ධනය කරගන්න එක. ඒ චරිතය මාත් එක්කම ගොඩනැ‍ඟෙමින් පවතිනවා. චරිතය මම හිතින් ගොඩනඟනවා. ඊට පස්සේ ඒක හිතින් අයින් කරගන්නේ නැතුව ඉන්න බැරි වෙනවා. හරියට දරුවෙක් ප්‍රසූත කර ගත්තා වගේ. එහි ප්‍රතිඵලය තමා ලිවීම.

 

ඔබගේ ලිවීමේදී මූලික වන්නේ?

 

මට චරිතයක් හම්බ වෙනවා. ඒ චරිතය තමයි මට ලියන්න හිතෙන්නේ. මගේ අලුත් ම නවකතාවේ මට හම්බෙන චරිතය විප්ලවවාදියකුගේ චරිතයක්. මෙහි එන විප්ලවවාදියාගේ චරිතය හරි අපූරු චරිතයක්. නවකතාවක් ලිවීමේදී මගේ හැටියට මූලික වෙන්නේ චරිතය තමයි.

 

නවකතාව ගැන ඔබට තියෙන නිර්වචනය?

 

ප්‍රබන්ධයක්. ඇත්ත සිද්ධි පෙළක් නෙමෙයි. මේ ප්‍රබන්ධය තුළ චරිතයට දැනෙන , හැ‍ඟෙන දේ ලිවීමත් එක්ක විශාල සමාජ විශ්ලේෂණයක් සිද්ධ වෙනවා.

විදර්ශන කන්නංගර යනු විචාරකයෙකි. ප්‍රැක්සිස් සාමූහිකය, සංස්කෘතික විමුක්ති ගිවිසුම වැනි දේශපාලනික සංවාද කවයන්හි ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන ඔහු කුමාරයා වෙබ් අඩවියෙහි කර්තෘවරයෙකි. තරුණ ක්‍රියාකාරිකයන් සමඟ ගණුදෙනු කරන්නෙකි.

 

විදර්ශණ කියන්නේ කවුද ?

Page 2 of 3