editor

editor

කසල කළමනාකරණය විශාල ගැටළුවක් බවට පත්ව ඇති යුගයක අප ජලය සහ ඝන අප ද්‍රව්‍ය කළමනාකරණයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් ‘ඩව් කෝපරේෂන් ’ සමාගම පසු ගියදා ශ‍්‍රී ලංකාව තුළ තම මෙහෙයුම් ආරම්භ කළේය. නවීනතම තාක්ෂණය භාවිතා කරමින් ඝන අප ද්‍රව්‍ය කළමනාකරණය සහ අප ජලය පිරිපහදු කිරීමේ පද්ධති ශ‍්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සහ දැරිය හැකි මිලකට ලබා දීම සමාගමේ අරමුණ වේ. මෙම නව සමාගමේ විශේෂත්වයක් වන්නේ මූලික පරිවැය සහ නඩත්තු වියදම් ඉතා අවම පද්ධති නිර්මාණය කිරීමේ හැකියාවයි. 

කිසිවෙකුගේ ජීවිතයක් විනිශ්චය කිරීමට අපට ඇති අයිතියක් නැත. අන් අයට හානියක් නොවන සේ තමන්ට රිසි ජීවිතයක් ගෙවීම සෑම අයෙක්ටම ඇති අයිතියකි. 

අන් අයෙකුගේ ශුද්ධ අශුද්ධ භාවය ඔවුන් යහන් ගතවන වාර ගණනින් මැනිය නොහැක. එක් අයෙකු හා පමණක් යහන් ගත වනවාද, කීප දෙනෙක් සමඟින් යහන් ගත වනවාද යන්න ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් මිස පොදු දෙයක් නොවේ. 

වර්තමාන කවිය මෘදු මානසික තැවුලක්ද ?

වර්තමාන කවිය මෘදු මානසික තැවුලක්ද කියා ඔබ අහද්දි මට මෙහෙම ප්‍රශ්න දෙකක් අහන්න හිතෙනවා.
කවිය මුදු මානසික තැවුලක් වීම පුදුමයක් ද?
වර්තමාන කවිය මුදු මානසික තැවුලක් වීම වැරැද්දක් ද?
අප ජීවත් වන සමාජ වටපිටාවෙන් ගලවලා අරගෙන කවිය විග්‍රහ කරන්න අයිතියක් අපට නෑ. මේ මොහොතේ ලියවෙන කවිය විග්‍රහ කරගන්න රිසි ඕනෑම කෙනෙකුට මේ සමාජයත් විග්‍රහ කරගන්න වෙනවා. අවවර්ධිත ධනේශ්වර ක්‍රමයක අහිතකර ප්‍රතිවිපාක රාශියකිනුත් සිංහල බෞද්ධ ග්‍රාම්‍ය අසංස්කෘතිකත්වයකිනුත් ජරාජීර්ණ වූ සමාජයක් මේක. ධනවාදය විසින් අගනගරයේ කුණු කඳු ගොඩ ගහනකොට අර කියන අසංස්කෘතිකත්වය විසින් මේ ඉල්ලා සිටින මිලේච්ඡත්වයක් නිර්මාණය කරනවා. කුණු කඳු කඩා වැටිලා මීතොටමුල්ලෙ දි මිනිස්සු මැරෙනකොට අසංස්කෘතිකත්වයේ නාමයෙන් තෙල්දෙණියේ මිනිස්සු මැරෙනවා. ඉතිං මෙන්න මේ වගේ සමාජයක පය ගහගෙන කවි ලියන කවියෙකුට මේ අර්බුද මගහැර යන්න බෑ. ඉතිං හැමවිටම අර්බුදයක් විසින් ජනිත කරන්නෙ තැවුල් හා වියවුල්. ඒ තැවුල හා වියවුල කවිය තුළින් ප්‍රකාශයට පත් වීම ස්වභාවිකයි. එය පුදුමයක් හෝ ප්‍රතික්ෂේප කළ හැකි තත්වයක් නොවේ.