Sunday, 02 April 2017 02:38

මිනිසාගේ බුද්ධිය මනින්න ලෝකයේ තවම මිම්මක් නෑ - විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්. ඒ . එල්. වික්‍රමසිංහ

Written by 
Rate this item
(0 votes)

අපොස සාමන්‍ය පෙළ ප්‍රථපල නිකුත් වීමත් සමඟම දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ පොදු සමාජ කතිකාවත් ඇතිවී තිබෙනවා. සමහර දරුවන් අධ්‍යාපනයේ දක්ෂ වන්නේත් සමහරුන් අදක්ෂ වන්නේත් කුමන හේතුන් මත දැයි පොදු නිශ්චයක් තවමත් අප සමාජයේ නැහැ. එබැවින් මේ පිළිබද  විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්. ඒ . එල්. වික්‍රමසිංහ අදහස් දැක්වූයේ මෙසේයි 

 

සමහර සිසුන් ඉගෙනුමට දක්ෂ වන අතරේ තවත් පිරිසක් එවනි දක්ෂතා පල කරන්නේ නෑ. ඊට හේතුව කුමක්ද?

 

මේ සඳහා විවිධ හේතු කාරණා බලපානවා. ඒ අතරින් සියයට අසූවක් පමණ ප්‍රවේණිගත ; ජානමය (Genetically) හේතු ලෙස හදුනාගෙන තියෙනවා.

 

ඒ කියන්නේ උගත් දෙමාපියන්ගේ දරුවන්ට උගතුන් වීමේ විශේෂ ‘වාසනා මහිමයක්’ තියෙනවා ?

 

මෙතන උගත් කම කියන වචනයට වඩා ගැලපෙන්නේ බුධිමත් කියන වචනයයි.  ජානමය වශයෙන් බුද්ධිමය හැකියාවක් තියන අයට උගතෙකු වීම පහසුයි.

 

නමුත් කිසිදු අධ්‍යාපනයක් නැති ගොවි කම්කරු ආදී තරාතිරම් වල අයගේ දරුවනුත් වත්මන් සමාජයේ ඉහළම උගතුන් බවට පත්ව තිබෙනවා ඊට හේතුව කුමක්ද?

 

මේ සඳහා කරුණු දෙකක් බලපානවා. එකක් මව්පිය ජාන පරම්පරාවේ අදිතමයකුගේ ජානමය උරුමයක් උනත් ඒ දරුවෙකු කෙරෙහි බලපෑමට ඇති හැකියාව. දෙවැන්න එම දරුවාගේ මාපියන්ට ජානමය වශයෙන් බුද්ධියක් උරුම වුණත් උගතෙකු වීමට පසුබිමක් සකස් වී නොතිබීම.

 

ජානමය වශයෙන් බුද්ධියක් ඇති ළමයෙකුට උගතෙකු වීම බාධා පමුණුවන හේතු මොනවාද?

 

ප්‍රධාන වශයෙන් ඒ දරුවාට පෞරුර්ෂමය, පවුල්මය, ප්‍රජාමය සමාජමය වශයෙන් ඇති වන අහිතකර බලපෑම නිසා ඇතිවන හානි දායක ආතතිය (Toxic stress) ප්‍රධාන ලෙස ඊට බලපානවා. ඒ හැරුණුකොට  මානසික සංවර්ධනයේදි දරුවාට ඇතිවන රෝගි තත්වයන් මත ඇතිවන ව්‍යාතවේදී තත්වයන් (Pathological conditions) වුණත් බලපාන්න පුළුවනි.

 

දරුවකුගේ අධ්‍යාපනික හැකියාව බුද්ධිපල පරීක්ෂණයකින් IQ(intelligence quotient) මැනගත හැකිද?

 

මිනිසාගේ බුද්ධිය පුළුල් පරාසයක් පුරා පැතිර යන්නක්. එය අතිශයෙන් නිවරදි ලෙස මැන ගැනීමේ දර්ශක මේ ලෝකයේ නැහැ. බුද්ධිපල පරීක්ෂණය(IQ) යනු දරුවකුගේ අධ්‍යාපන හැකියාව මැන ගත හැකි දළ නිදර්ශකයක් පමණයි.

 

නමුත් ලොව පුරා උසස් අධ්‍යාපනයේ යෙදෙන සිසුන් සම්බන්ධයෙන් කළ බුද්ධිපල පරීක්ෂණ වලදී එහි අගය 120ට වැඩි බව අනාවරණය වී තිබෙනවා.

 

ඒ නිසා තමයි බුද්ධිපල පරීක්ෂණයට අදත් ලෝකයේ තැනක් හිමිවී ඇත්තේ. නමුත් බුද්ධිපලය ඉතා අඩු ඇතමුන් තුළ ඉතා කළාතුරකින් සුවිශේෂි බුද්ධිමය හැකියාවන් පිහිටන අවස්ථා තියනවා.

 

ප්‍රබල ජානමය පසුබිමක් හෝ ඉහළ බුද්ධිපලය නොමැති දරුවෙකු කොසේවත් උගතෙකු කළ නොහැකිද?

 

මෙය තුලනාත්මකයි කොතරම් ප්‍රබල ජානමය පසුබිමක් තිබුණත් දරුවාට අධ්‍යාපනය ලබා ගත හැකි මානසික පරිසරයක් නිර්මාණය කිරීම වැදගත්. එවැනි පසුබිමක ජීවත් වන දැන උගත් දෙමාපියන්ගේ දරුවන් තමන්ගේ බුද්ධිපලයෙන් ඉහළම ප්‍රතිථල නෙලා ගන්නේ ඒ නිසයි.

බුද්ධිපලය ප්‍රශස්ත මට්ටමක නැතැත් අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවාට මානසික උත්තේජනයක් ලබා දීම වැදගත්.

නමුත් මෙහිදී මන්ද උත්තේජනය (Under stimulation) හෝ අධි උත්තේජනය(Over stimulation) මගින් දරුවාට අයහපතක් මිසක් යහපතක් සිදු නොවන බවද කිව යුතුයි.

 

දමයන්ති ගමගේ

Read 251 times Last modified on Sunday, 02 April 2017 02:49

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.