Wednesday, 21 December 2016 13:10

ජවිපෙ, පෙසප, වමේ පක්ෂවල,  වටමේසයක හීනයක් මට තියෙනවා - විමල් කැටිපෙආරච්චි 

Written by 
Rate this item
(0 votes)

මොකක්ද මේ කලබලේ ? 

මොන කලබලේද ?

ඔබ එක්තරා වැඩසටහනකදී ජවිපෙ නායකයාගෙන් අහපු ප්‍රශ්න වගයක් නිසා ඇතිවෙලා තියෙන කලබලේ? 

මගේ නම් කිසිම කලබලයක් නැහැ සහෝ. 

 

ඇත්තටම ඔබ මොනවද අහපු ඔය තරම් දරුණු ප්‍රශ්න ?

ඒවා එකින් එක කියනවාට වඩා හොඳම දේ යහපත් සිහිකල්පනාවෙන් යුතුව ඒ වැඩසටහන යළිත් නරඹන එක. 

 

ජවිපෙ එක්ක ඔබට මොකද්ද ඔබට තියෙන තරහ ?

කිසිම තරහක් නැහැ. 

 

 එහෙනම් ඇයි ඔබ ජවිපෙ නායකයාගෙන් ආධානග්‍රාහී ලෙස ප්‍රශ්න ඇහුවේ ?

 

මම දැනුවත්ව ආධානග්‍රාහී වුනේ නම් නැහැ. ඔබට එහෙම පෙනෙනවාද ?

 

ෆේස්බුක් සමාජ ජාලයේ ඔබට දරුණු විවේචන තිබුණා?

 

ඔව් මම සමහර ඒවා දැක්කා. 

 

ඇයි උත්තර නොදී මගහරින්නේ ?

 

බොහෝවිට ඔවැනි සංවාදයක් අවසන් වුනාම සෑම පක්ෂයක ම වගේ දේශපාලන හිතවාදීන් ප්‍රතිචාර දැක්වුවේ එහෙම තමා. මා දුටු බොහෝ චෝදනාවලට මඳ සිනහවකින් උත්තර දුන්නා. 

 

 ඒ ඇද්ද?

 

දැනට ඒ මදිද ?

 

මෛත්‍රී බලයට පත්වුනාම ප්‍රශස්ති ලියපු ඔබ කොහොමද ජවිපෙන් ප්‍රශ්න අහන්නේ කියල චෝදනාවක් නැගෙනවා ?

``රටකට ඕනෑ අපමණ අගයක්`` ලිව්වේ බලයට පත්වෙන්න කළින්, මැතිවරණ ප්‍රචාරක වැඩක් හැටියට. එක ප්‍රශස්තියක් නෙවේ. නිශ්චිත දේශපාලන ඉලක්කයක් සහිත නිශ්චිත වැඩක්. ඔව්, එහි සීමාකම් නැතුවා නෙවේ. 

 

ධනපති මාධ්‍යවල ලැගගෙන වමේ පක්ෂවලින් ප්‍රශ්න අහන්න ඔබට මොකද්ද තියෙන අයිතිය කියලා සමහරු අහනවා?

අප ජීවත්වන්නේ ධනවාදය ඇතුළේ. මොන මාධ්‍යයද ඒකෙන් ගැලවිලා මඩෙන් පිපුණු නෙළුම් වගේ තියෙන්නේ ? මම මාධ්‍ය කම්කරුවෙක් හැටියට මට සේවය කරන්න වෙන්නෙ රාජ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය ආයතනවල. රෝහල් කම්කරුවන් රජයේ හෝ පෞද්ගලික රෝහල්වල සේවය කරනවා වගේ ම පාසැල් කම්කරුවන් රජයේ හෝ පෞද්ගලික පාසැලක සේවය කරනවා වගේ ම ප්‍රවාහන කම්කරුවන් රජයේ හෝ පෞද්ගලික ප්‍රවාහන සේවයක සේවය කරනවා වගේ ම මාධ්‍ය කම්කරුවන්ටත් වැඩ කරන්න වෙන්නෙ ඔය කැටගරි දෙකෙන් එකක. ඔය සඳහන් කළ සහ නොකළ තැන්වලින් කිසියම් තැනක සේවය කරන කම්කරුවකුට `වාමාංශිකයෙක් වෙන්න බැහැ`ය කියල කුමන හෝ දේව භාෂිතයක තියෙනවද ? පෞද්ගලික රෝහලක කම්කරුවෙකුට සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීමට එරෙහි සටනක ඉන්ඩ බැරිද ? එතකොට අරගල කරන්න වෙන්නෙ කොමියුනිස්ට්වාදය පිහිටවපු පිටසක්වලකින් මිනිස්සු ආනයනය කරලද ?

 

ඔබ වමේ සමගිය ගැන මතුපිට කතාකරලා පෙසපට කඩේ යන ගමන් ජවිපෙට ගහනවා නේද ?

මම තනි පොඩි මිනිහෙක්නේ. පොඩි මිනිහෙක් සරල ප්‍රශ්නයක් ඇහුවම ඒක ගැහිල්ලක් වගේ දැනෙනවා නම් ඒක මගේ ප්‍රශ්නයක් නෙවේනෙ. 

මම දැනුත් කියනවා, වමේ සමගියකින් තොරව වමට අනාගතයක් නැහැ. වම කියන්නෙ ජවිපෙ පෙසප විතරක් ම නෙවේ. තව ගොඩක් පක්ෂ කණ්ඩායම් පුද්ගලයන් ඉන්නවා. මේ ඔක්කොම එකතුවෙලා හදන තනි පක්ෂයක් ගැන මනෝරාජික හීනයක් මට නැහැ. හැබැයි ඒ ඔක්කොම එකතුවෙලා සාකච්ඡා කරන අසිරිමත් වටමේසයක් ගැන හීනයක් මට තියෙනව.

 

ඇහුවේ -  තුසිත පතිරණ

 

 

 

Read 2084 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.