Sunday, 17 December 2017 12:52

කවිය අච්චුගත ලියවිල්ලක් විය යුතු නෑ – මාලි ඉරංගිකා අලගල්ල

Written by 
Rate this item
(0 votes)

 

කවි සමාජගත වීමේ දී නව ප්‍රවනතාවයක් දක්නට ලැබෙනවා.. කුමක්ද මේ සම්බන්ධයෙන් අදහස

 

නූතනයෙ නිර්මාණ දිහා බැලුවම ඒවා වැඩිමනක් ලියැවෙන්නෙ මුදිත මාධ්‍ය වලට වඩා සමාජ ජාලා වෙබ් අඩවි වැනි මාධ්‍යන් තුළ.ඒයට හේතුවක් විදිහට මා දකින්නෙ අදටත් මාධ්‍ය තුළින් ඉඩක් ලැබෙන්නෙ තෝරාගත් පිරිසකට පමණයි.

 

අද වනවිට නිර්මාණ කරුවන්ගෙ නිර්මාණයන්ට සමාජජාලා වෙබ් අඩවි හරහා බොහෝ ක්ෂණික ප්‍රතිචාර හිමිවෙනවා.ඒ හින්දා ඔවුන් තම මතයන් නිදහසේ සයිබරය මත මුදා හරින්නට පෙළඹෙනවා. පොතක් මුදණය කිරීමකදි වැනි භාරදූර බවක් හෝ වැඩි පිරිවැයක් එයට අවශ්‍ය වෙන්නෑ..එය සරලයි.. එම සරල බව කවි පිළිබද නව ප්‍රවනතාවක් ඇති වීමට හේතුවක් විදිහට මම දකිනවා.

 

කවියට නියමිත නීති රීති පැවැතීමක් බොහෝ දෙනා විසින් ඉදිරිපත් කරනු ලබනවා මෙය සාහිත්‍යමය ලෙස ඔබ දකින්නේ කෙසේද ?

 

කවියකට රිද්මයක් තිබිය යුතුයි..එය සුගායනාවක් විය යුතුයි..නමුත් එයට සාම්ප්‍රදායික ආකෘතියක් තිබියයුතු නෑ..එය අච්චුගත ලියවිල්ලක් විය යුතු නෑ වගේම කොටු විය යුතු නෑ.කවියෙක්ට භාෂාව තමන්ට රුචි අයුරින් පදන් කරගත හැකී,ඉගිල්විය හැකී..උදාහරණයක් විදිහට මගෙ කවිවල සුව…..

දයි යන්න යෙදෙන්නෙ “සුවවවවවවදයි”ලෙසට..ඒ මගෙ ප්‍රකාශන විදිහ.

 

ෆේස් බුක් හරහා තමන්ට එන සංකල්ප රූපයන් තුළ කවිය ගොඩ නැගීමට ඕනෑම අයෙකුට ඉඩක් විවර වී තිබෙනවා මෙය කලාව වර්ධනය කිරීම සදහා බලපාන්නේද නොවන්නෙද යන්න පැවසුවොත් ?

 

මම මුලින් සඳහන් කළේත් ඒ ගැන.මුහුණු පොත ස්වයං නිර්මාණ කරණයට හොද තෝතැන්නක්.නොලියනවට වඩා ලියන එක සාහිත්‍යයකරයි.ලිවීම් වැඩිවම තුළින් කියවන්නාට තෝරාගැනීමක් කිරීමට අවස්ථාවක් ලැබෙනවා..හරියට පොල් ගොඩකින් පැහුණු පොල් තෝරනවා වගේ..සමාජ ජාලා ඇතුළෙ ඕනෙ තරමින් හොඳ හෝ නරක අහුලා ගත හැකී..කියවන්නා හොද නිර්මාණ තෝරා ගැනීම කලාවේ වර්ධනයට හිතකරයි.

 

කසල කෙල්ලගේ අරමුණ කුමක්ද ?

 

මෙය හැඟීම් ප්‍රකාශයක්..මුහුණු පොතින් කවිය දැනෙනවාට වඩා ජීවයක් සහිතව කවිය සමාජගත කිරීමට ගත් උත්සහයක් විදිහට”කසළ කෙල්ල”හදුන්වන්න පුළුවන්..එය මෙතෙක් ඔබට හමුවූ ආකෘති වලින් බැහැර පොතක් මෙන්ම..ඇස නොගැටුණු කවි පොතක් ලෙස දැනේවී..එය කවිපොතක් සමාජගත කිරීමේදි නව අත්හදාබැලීම් කිරීමට ලියන්නන් පොළඹවාවී..

 

ඔබ වෘත්තියෙන් ගුරුවරියක්. මෙයට පාදක වන්නේ පාසල් දිවියේ ඇස ගැටුනු දෑ පමණක්ද ?

 

කොහෙත්ම නෑ..එය සමාජයෙ බොහෝ ස්ථර ස්පර්ශ කළ නිර්මාණ ගොනුවක්

 

කවිය මගින් පීඩිතයන් ආමන්ත්‍රණය කිරීම බොහෝ සෙයින් අඩුයි ඒ වෙනුවට ආදරය විරහව වැනි සංකල්පයන් පමණක් දක්නට ලැබෙන්නේ ඇයි මේ 

ප්‍රේමය හා විරහව සියල්ලන්ට පොදු ධර්මතාවන්..මිනිස්සු කවි ලියන්නෙ ඒ ඒ වෙලාවට ජීවත්වන හැගීම් තුළ සිටයි..විරහව මෙන්ම ප්‍රේමය වැඩි පිරිසක්ගෙ අවධානය යොමුවන මාතෘකා වීම එවන් නිර්මාණ බිහිවීමේ වැඩි ප්‍රවනතාවට හේතුවක් ලෙස මම දකිනවා

 

 පවසන්න. ඔබගේ කවි පොත කවදාද පාඨකයන් අතර එන්නේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළොත් ?

“කසළ කෙල්ලක්”ඔබ හමුවට එන්නෙ එළඹෙන දෙසැම්බර් විසිඑක දා සවස දෙකයි තිහට, කොළඹ මහජන පුස්තකාලයේදීයි.එදිනට ප්‍රධාන දේශකයා ලෙස රත්නශ්‍රී විජේසිංහ සූරීන් සහභාගී වෙනවා

 

 ඉදිරියේදී අපට නව කතාකාරියක් කෙටි කතා කාරියක් ලෙස ඔබ මුණ ගැසීමට හැකිවේද ?

 

අනිවාර්යයෙන්ම ..දැනටමත් මගෙ නවකතාව ලියැවෙමින් තියනවා..එයත් වඩා වෙනස් මුහුණුවරකින් මගෙ රසිකයන් අතට පත්කිරීම මගෙ අරමුණ වෙනවා

 

 

 

සටහන – තුසිත පතිරණ

Read 277 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.