■ ජනවාරි 08 කොටස්කරුවෙක් විදියට ඇත්තටම ජනවාරි 08 සිහිනයක් වුණාද? එහෙමත් නැත්නම් යථාර්ථයක් වුණාද?

ජනවාරි 08 මට නම් සිහිනයක් නෙවෙයි. යථාර්ථයක්. මට කොහොමත් ඒ වෙනස සිහිනයක් වෙන්නෙ නැහැ. මොකද අපි ආරම්භ කරපු දෙයින් අපට අවශ්‍ය තැනට එන්නට හැකියාව ලැබුණා. එතැනින් එහාට වැඩ ටික කරගෙන යන එක අපි ඒ වගකීම බාර දුන්න අයගෙ ක්‍රියාවක් මිස අපේ ක්‍රියාවක් නෙවෙයි. මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්නට අපි කිසියම් පිරිසකට බාරකාරකමක් දුන්නා. ඒ බාර කරපු අය ඒ කටයුත්ත කරගෙන යන එකයි තියෙන්නෙ. අපි දැන් ඒ අය මොකද කරන්නෙ කියලා බලාගෙන ඉන්නවා.

 

රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන පෙරටුගාමීන් හිතන්නේ මොකද?

 

2015 ජනාධිපතිවරණයෙන් පස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනසක් වේ යැයි බොහෝ දෙනෙක් සිතුවා. නමුත් ඒ වෙලාවේ අපට ජනප‍්‍රියතාවක් නැති වෙලාවක වුවත් ජනපති අපේක්ෂකයකු ඉදිරිපත් කරමින් අපි කිව්වේ මේ බල හුවමාරුවෙන් රටේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය, සමාජීය, ආර්ථික ප‍්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවයි. ඒ යථාර්ථය දැන් ඔප්පු වෙලා තිබෙනවා. හවුල් ආණ්ඩුවක් යටතේ වුවත් වෙනසක් වෙලා නෑ.  මේ මොන කණ්ඩායමක් වුණත් පිළිගන්නේ නව ලිබරල් ආර්ථික ක‍්‍රමයයි. රාජ්‍ය අංශය හැකිලීම, පෞද්ගලික අංශයට දිරිදීම, විශ‍්‍රාම වැටුප් කප්පාදුව, සේවක අර්ථසාධක කප්පාදුව ආදී මේ ක‍්‍රියා සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශනයට අනුවයි. 2015 දී මේ ආර්ථික ප‍්‍රශ්න පසුබිමේ තිබෙද්දී ඉදිරියට ආවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. මොකද රාජපක්ෂ පාලනය පහුගිය දස වසරක කාලය රට පාලනය කළේ අන්ත ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ආකාරයටයි. පැහැරගැනීම්, පුද්ගලයන් අතුරුදන්වීම් සිදුවන තත්ත්වයට අවසානයේදී එය වර්ධනය වුණා. ඒ නිසා මේ ආණ්ඩුව බලයට පත්වුණේ රෝස විප්ලවයක් ගැන කියමින්. දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයම ගැන කියමින් බලයට ආපු මේ ආණ්ඩුවටත් අද වනවිට මර්දනය කැඳවන්න සිදුවෙලා තිබෙනවා. සයිටම් ආයතනයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සටන් කරන පාර්ශ්වයන්ට එරෙහිව අධිකරණ නියෝග ගනිමින් මර්දන ක‍්‍රියාමාර්ග අනුගමනය කරන විදියෙන්ම අපට එකක් පැහැදිලියි. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන කාරණය සෘජුවම ආර්ථිකයත් එක්ක සම්බන්ධයි. 1994දී එජාපයට එරෙහිව බලයට ආ චන්ද්‍රිකා පාලනයත් 2015 දී රාජපක්ෂට එරෙහිව ආ මෛත‍්‍රී වික‍්‍රමසිංහ හවුල් පාලනයත් එක වගේමයි. ධනේශ්වර ආණ්ඩුවල පොදු දේශපාලන ස්වභාවය එයයි.

මේ මොහොතේ බාහු සහෝදරයගෙ දේශපාලන භූමිකාව මොකක්ද?

මගේ දේශපාලන භූමිකාව නව සම සමාජ පක්ෂයේ දේශපාලන භූමිකාව. මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවෙ ව්‍යවස්ථාව වෙනස් කරලා බලය බෙදාහැරීම තුළින්, දෙමළ ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමත්, මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීත්වය වඩා සාර්ථක කර ගැනීමත් සඳහා බලපෑම් කරමින් ඒ කටයුතු කර ගැනීම සඳහා ක්‍රියා කරන එක තමයි අපේ භූමිකාවේ ප්‍රධාන අරමුණ වෙන්නෙ. ඒ සමඟ ඒකට විරුද්ධව නැගී සිටින පැසිස්ට්වාදී බලවේග පරාජය කිරීමට උපදෙස් දෙමින්, සංවිධාන හදමින් ඉදිරියට යන කටයුත්ත තමයි අපි මේ වෙලාවෙ දි කරන්නෙ.

 උතුරේ දෙමළ ජනාවාස වල ආරම්භය ඔබ විශ්ලේෂණය කරන්නේ කෙසේ ද?

සමස්තයක් වශයෙන් සැලකූ විට 19 වැනි ශතවර්ශයේ පටන්ම ශ්‍රී ලංකාවේ ජනතාව සම්බන්ධයෙන් පදනම් විරහිත අදහස්, මත ආදිය පැවත තිබෙනු හඳුනාගන්නට පිළිවන්. සිංහල ජාතිකයන් කතා කරන භාෂාව පදනම් කරගෙන යුරෝපීයයන් ඔවුන්ව හඳුන්වාදුන්නේ ඉන්දියා - ආර්ය සම්භවයක් ඇති ජන කොට්ඨාසයක් හැටියට.

අතීතයට සාපේක්ෂව වර්තමානයේ මානව ලිංගිකත්වය සමාජය හමුවේ නිරාවරණය වෙනවා; මින් සමාජයට අයහපතක් විය නොහැකිද?

ඔය ප්‍රශ්නයට උත්තර දීමට කලින් ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියන එක ගැන සාමාන්‍ය විස්තරයක් කළ යුතුයි. මොකද අපේ සමාජයේ ලිංගික කියන වචනයත් එක්කම ‘අසභ්‍ය’ කියන වචනයත් එක් වී තිබෙනවා. අසභ්‍ය කියන්නේ ප්‍රසිද්ධියේ කීමට හෝ කිරීමට නොහැකි දේවල්; නමුත් ලිංගිකත්වය කියන්නේ මේ ලෝකයේ සත්ත්ව වර්ගයාගේ පැවැත්මට ඉවහල්වන ප්‍රධානම ජෛවමය බලය සහ ආවේගය; විවිධ සතුන් සහ විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් ඒක විවිධ අයුරින් බලපානවා; ඒ වගේම ලිංගිකත්වය කියන්නේ හුදෙක් ලිංගික ක්‍රියාවට නොවෙයි; ඒ හා සබැඳුණු අතිවිශාල පුළුල් විෂය පරාසයක් මානව ලිංගිකත්වය තුළ ගැබ්ව තිබෙනවා; ඒක මිනිස් ශිෂ්ටාචාරය, සභ්‍යත්වය සමඟ බැඳී පවතින අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම මිනිස් ශිෂ්ටාචාරය සහ සභ්‍යත්වය කියා දෙයක් ස්ථාපිතව ඇත්තේත් මිනිසාගේ ලිංගිකත්වය පදනම් කරගෙනයි.

අපොස සාමන්‍ය පෙළ ප්‍රථපල නිකුත් වීමත් සමඟම දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ පොදු සමාජ කතිකාවත් ඇතිවී තිබෙනවා. සමහර දරුවන් අධ්‍යාපනයේ දක්ෂ වන්නේත් සමහරුන් අදක්ෂ වන්නේත් කුමන හේතුන් මත දැයි පොදු නිශ්චයක් තවමත් අප සමාජයේ නැහැ. එබැවින් මේ පිළිබද  විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්. ඒ . එල්. වික්‍රමසිංහ අදහස් දැක්වූයේ මෙසේයි 

ඉතාලියට ගිය බොහෝ ලාංකිකයන් අනේක විධ දුක් විද තම පොකැට්ටුව තර කරගනිමින් ලංකාවේ තම ඥාතීන්ට සුඛිත මුදිත ජීවිත ගත කරන්නට හා ඉතාලියේ මෙන් සුවිසල් මාලිගා ඉදිකොට එවා වසා දමා නැවතත් ඉතාලියට ගොස් අදාළ රැකියා කරමින් ජීවත්වන පිරිසක් අතර සමාජ සංවිධාන ගොඩනගා ගනිමින් ඉතාලියට ගිය පිරිසේ දුක්විදින අපේ මිනිසුන් වෙනුවෙන් හඬක් නගන වෙබ් ගුවන්විදුලි නාලිකාවක් හා පුවත් වෙබ් අඩවියක් මෙන්ම පෙර පාසල් ආරම්භ කරමින් සමාජ සත්කාරයේ යෙදෙන පිරිසක් අපට හමුවිය. ඔවුන් පවත්වාගෙන යන වෙබ් අඩවියට  පසුගියදා 20 වසක් සපිරිණි. ඒ විවර ගුවන් විදුලිය හා විවර වෙබ් අඩවියයි. මෙකී සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් අපි එහි ප්‍රමුඛ බලධරයෙකු සමග දොඩමළු වීමට උත්සාහ ගත්තෙමු. ඔහු නමින් හිල්මි සුපුන්ය. මේ අප සමග දොඩමළු වූ ඔහුගේ ජීවිතයේ අදහස් ගොන්නය.

මොකක්ද මේ කලබලේ ? 

මොන කලබලේද ?

ඔබ එක්තරා වැඩසටහනකදී ජවිපෙ නායකයාගෙන් අහපු ප්‍රශ්න වගයක් නිසා ඇතිවෙලා තියෙන කලබලේ? 

මගේ නම් කිසිම කලබලයක් නැහැ සහෝ. 

ඔබට පුරවැසි භාවය ලැබේයැයි විශ්වාස කරනවාද 

අවුරුද්දකුත් මාසෙකට පස්සෙ ආපහු සාමාන්‍ය ජනයා සමග දේශපාලන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා කියලා හිතනවා. නමුත් තවමත් මගේ දේශපාලන අයිතිය හා පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නයට විසදුමක් නෑ. වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව කෙටි කාලයකට තාවකාලික වීසා බලපත්‍රයක් දීලා තියෙනවා. ඒ අනුව තමයි පුරවැසිභාවය වෙනුවෙන් වැඩකටයුතු කරන්න වෙන්නෙ.

* ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය වන ප්‍රථම වාණිජ වාර්තා චිත්‍රපටය. මේ හරහා වාර්තා සිනමාකරණයට නැවත අත්තටු ලැබෙනවා කිව්වොත් ඔබ ඊට එකඟ වෙනවද?

 

බලන්න, එතනදී පවා අපට පර්යේෂණය අමතක වෙනවා. උසාවිය නිහඬයි චිත්‍රපටය වික්ටර් අයිවන්ගේ පර්යේෂණයක ප්‍රතිඵලයක්. මෙතැනදී ප්‍රසන්නගේ නිර්භය මැදිහත් වීම ගැන මම සතුටු වෙනවා. නිර්භය කියලා කිව්වෙ පාලන තන්ත්‍රයට බිය වීම ගැන නෙවෙයි. නිර්මාණකාරයෙක් විදියට මේ වගේ මැදිහත් වීමක් ප්‍රජාව වෙනුවෙන් කිරීමට බිය නොවීම. සමහර විට මේ පර්යේෂණය සිදු නොවන්න චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරයෙන් පිළිනොගන්න ඉඩ තිබුණා. මේ වැඩේ ලංකාවේ භාවාත්මක නිර්මාණයක් කරනවට වඩා අවදානම් සහගත වැඩක්. ඒ නිසා පරිණාමීය සංස්කෘතික විකාශයක් නැති ලංකාව වගේ රටක, තටු ගිලිහී යාමටත් ගත වෙන්නෙත් ඉතා සුළු කාලයක්.

Page 1 of 3