editor

editor

ස්ලම්ඩෝග් මිලියනයර් (Slumdog Millionaire) සහ ජුරාසික් වර්ල්ඩ් (Jurassic World) වැනි චිත්‍රපටවල රඟ පෑ භූමිකාවන් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් බොලිවුඩ් රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 53ක් විය.

ලංකාවේ කොරෝනා වසංගතය මධ්‍යයේ විවිධ සාධාරන අවශ්‍යතා සඳහා මාර්ගයට බසින බහුතරයක් දුප්පත් මිනිසුන් ඇඳිරිනීතිය උල්ලංගනය කිරීම යන චෝදනව යටතේ දිගින් දිගටම අත්අඩංගුවට ගැනෙමින් පවතී. දැනට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගනන 40000 ට වැඩි සංඛ්‍යවක් වන අතර බොහෝ දෙනා නඩුවලට පෙනී සිටීමේ කොන්දේසි මත ඇප පිට නිදහස් කර තිබේ. එහෙත් අඳිරිනීතිය උල්ලංගනය කිරීම යන චෝදනාව නීත්‍යානුකූලද?

⁣නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන දැන් කියා සිටින්නේ ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා පනවනු ලබන ඇඳිරි නීතිය පනවනු ලබන්නේ 1947 අංක 25 දරන සංශෝධිත මහජන ආරක්ෂක ආඥාපනතේ (මආආ) විධිවිධාන යටතේ නොවන බවත් 1897 අංක 3 දරන සංශෝධිත නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥාපනතේ (නිරෝවැආ) හා ඒ යටතේ නිශ්චිතව සඳහන් නොකරන රෙගුලාසි යටතේ බවත්ය. මෙය පවතින නීතිය වරදවා දැක්වීමකි.

යම් දෙයක ශක්තිය තුල ම එහි විනාශයත් ගැබ්ව පවතිනවා. ඒ උනාට සාමාන්‍ය මිනිසා යමක් තුල ම තියන නිශේදනය දකින්න අසමත් කියලත් කියනවා. එහෙම කියල තියෙන්නේ මට මතක විදියට හේගල් කියල දාර්ශනිකයා. යම් දෙයක් ශක්තිමත් කියල හිතන කොටම අපි නැවත කල්පනා කරන්න ඕනි ඒ ශක්තිමත් දෙය විනාශ වෙන්නත් ඒ දේ ඇතුලෙම තියන යම් නිශේධනයක් නිසා කියල. යකඩ කියන්නේ ගොඩක් හයිය දෙයක්. ඒ උනාට මළකඩ කියන්නෙත් ඒ යකඩ ඇතුලෙ ම හටගන්නා දෙයක්. යකඩ ගොඩක් කාලයක් වාතයට ජලයට නිරාවරණය වුණොත් අර යකඩ තුළ ම තිබ්බ එහෙත් එකපාරටම දකින්න බැරි උන 'යමක්' විසින් එයාටත් නොදැනීම ඒ ශක්තිමත් දෙය ක්‍රමානුකුලව විනාශ කරලා දානවා. ඒ නිසා යමක් දකිද්දී අපි ඒ දේ තුල අන්තර්ගත වෙලා තියන විනාශයත් දකින්න ඕනි.