editor

editor

මුදල් සංසරණය හරහා කොරෝනාවෛරසය ආසාදනය විය හැකි බවට ශ්‍රී ලාංකික සමාජයේ ඇතැම් පුද්ගලයින් අතර මතයක් පවතී.

එම මතයට පදනම් වී ඇත්තේ, කොරෝනාවෛරසය වායුගෝලයට නිරාවරණය වීමෙන් පසු වුව ද දින කිහිපයක් ගත වන තුරු සජීවීව පවතින බවට පළ වී ඇති වාර්තාය.

රංජන් රාමනායක අද දිනයේ පාර්ලිමේන්තුවේදී කළේ ඉතාම දැනුවත් දේශපාලන ක්‍රියාවකි. ඔහු සතුව තිබුණේ විනාඩි අටක පමණ කාලයකි. ඒ කාලයෙන් කළ හැකි උපරිමය ඔහු කළේය. දේශපාලනය ඇත්තේ "මේ දැන් මෙතැන" බව ඔහු දැන සිටියේය. තමා ඇමතිය යුත්තේ කව්රුන්දැයි ඔහුට මනා අවබෝධයක් තිබුණි. ඔවුන්ව ඇමතීමේ උචිතම භාෂාව ඔහු දැන සිටියේය. ඔහුම මෙතෙක් නියෝජනය කළ පක්ෂය තවදුරටත් ඔහු සමග නොමැත. ඔහුගේ ක්‍රියාව හේතු කොටගෙන ඔහුගේ පැරණි මිතුරු මිතුරියන් සහ හිතවතුන් ඔහුට අහිමි වී යා හැකිය. ඔහු එය හොඳින්ම දැන සිටියේය. ඇතැම්විට ඔහුව ආරක්ෂා කිරීමට කිසිවෙකුත් නොමැති වනු ඇත.